(මනෝප‍්‍රිය ගුණසේකර)
ජල සම්පාදන මණ්ඩලයට අයත් රුපියල් එක්කෝටි විසිලක්‍ෂයක මුදලක් වංචා කිරීමේ චෝදනාවට වරදකරු වූ ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ කැලණිය ප‍්‍රාදේශීය කාර්යාලයේ හිටපු ගණකාධිකාරීවරයාට වසර 37ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ජල සම්පාදන මණ්ඩලයට රුපියල් එක්කෝටි තිස්ලක්‍ෂයක වන්දියක් ගෙවීමටද අද (02) නියම කළේය.
ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ කැලණිය ප‍්‍රාදේශීය කාර්යාලයේ හිටපු කළමණාකරුගේ අත්සන ව්‍යාජ ලෙස යෙදීමේ චෝදනාවට විත්තිකරු වරදකරු කරමින් නියම කළ සිරදඩුවමට අමතරව රුපියල් ලක්ෂ 40ක දඩ මුදලක් ද විත්තිකරුට නියම කළ විනිසුරුවරයා දඩ සහ වන්දි මුදල් නොගෙවුවහොත් තවත් අමතර වසර 23ක බරපතල වැඩ සහිත සිරද`ඩුවමක් ලබාදීමට ද නියම කළේය.
මීට වසර 14කට පෙර මෙම වංචාව සිදුකිරීමේ චෝදනාවට වරදකරු වීම නිසා මෙලෙස දඩුවම් නියම වූයේ ජල සම්පාදන හා ජලාප‍්‍රවහන මණ්ඩලයේ කැලණිය ප‍්‍රාදේශීය කාර්යාලයේ ගණකාධිකාරීවරයා ලෙස කටයුතු කළ ආනන්ද මාබෝල (66) මහතාටය.
2005 වසරේදී ජල සම්පාදන හා ජලාප‍්‍රවහන මණ්ඩලයේ කැලණිය ප‍්‍රාදේශීය කාර්යාලයේ ගණකාධිකාරීවරයා ලෙස කටයුතු කරමින් එහි කළමණාකාරවරයාගේ අත්සන චෙක්පත් 57කට ව්‍යාජ ලෙස යොදා ජල සම්පාදන මණ්ඩලයට අයත් රුපියල් එක්කෝටි විසිලක්‍ෂයක මුදලක් වංචා කිරීම ඇතුළු චෝදනා හයක් යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ජලසම්පාදනයේ වංචාවකට 37 වසරක් හිරේට යවා ලක්ෂ 130 ක වන්දියක් නියම කරයි
Nuwan Tuesday, 02 April 2019 10:55 AM
ඔහොම හරියට නඩු බැලුවොත් අර මහබැංකුවේ වංචාව කරපු අයට, ඒවාට අනුබල දීපු අයට අව්රුදු 5000 කටවත් හිරේ යවන්න ඕන.
ජයරත්න Tuesday, 02 April 2019 11:27 AM
මං හිතන්නේ මෙතන හොරකමට වඩා බරපතල වරද ලෙස සැලකෙන්නේ හොර අත්සන යෙදූ චෙක්පත් නිකුත් කිරීම.
kap Tuesday, 02 April 2019 11:36 AM
නුවන් , එහෙනම් මෙයාව නිදහස් කරන්නද
Raveendra Tuesday, 02 April 2019 11:49 AM
අහිංසක මහජනතාවගේ මුදල් කොල්ල කන අයට මෙසේ නිසි දඩුවම් දීම පිලිබදව අප ගරු අධිකරණයටත් විනිසුරුතුමාටත් අපගේ ආචාරය මෙන්ම ප්‍රණාමයද පුද කරන්නෙමු.
Bamunuarachchi Tuesday, 02 April 2019 11:52 AM
එක්කෝටි විසිලක්ෂයක වංචාවකට එක්කෝටි තිස් ලක්ෂයක වන්දිත් ගෙවලා රු ලක්ෂ 40 ක දඩත් ගෙවලා අවුරුදු 37 හිරේ යන්නේ මොකටද?