(හර්ෂණ තුෂාර සිල්වා)
ඉදිරියේදී ජලය නිසා යුද්ධ පවා ඇතිවීමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ජල සම්මේලනයේ සභාපති ඉංජිනේරු ආචාර්ය කමල් ලක්සිරි මහතා අද (21) පැවැසීය.
ජලය වර්තමාන ලෝකයේ වඩාත් වටිනාම ස්වභාවික සම්පත බවට පත්ව ඇතැයි ද හෙතෙම කීය.
ලෝක ජලය දිනයට සමාගමීව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ජල සම්මේලනය ‘කිසිවකු මඟ නොහැර’ යන තේමාව යටතේ සංවිධානය කර තිබූ සමුළුවක් අමතමින් ඔහු එම කරුණු සඳහන් කළේය.
ජල මූලාශ්‍ර තිරසර ලෙස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති ඉංජිනේරු මහාචාර්ය ටී.එම්. පල්ලෙවත්ත මහතා කීවේය.
ඉංජිනේරු ලලිත් ද අල්විස්, ඉංජිනේරු ඩී. ඩබ්ලිව්. සී. දයාරත්න, ඉංජිනේරු ආචාර්ය ආර්. එම්. එස්. කේ. රත්නායක, ආචාර්ය ජී. ඒ. එස්. ගිනිගද්දර, ඉංජිනේරු එස්. ඒ. රෂීඞ් යන මහත්වරු ද මෙහිදි අදහස් දැක්වූහ.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ බොහෝ ප්‍රශ්න වලට විසඳුම පවුලක දරුවන් දෙදෙනෙකුට සීමා වීමයි. අධ්‍යාපන, ඉඩම්, රැකීරක්ෂා, ස්වාභාවික සම්පත් භුක්ති විඳීම, මේ සියල්ලටම හොඳම පිළිතුර පවුල ළමයි දෙදෙනෙකට සීමාවීමයි.