IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජලය නැතිවීමෙන් වතුපිටිය දිසා රෝහලට රෝගීන් ඇතුළු කරගැනීම අත්හිටුවයි

(අජිත්ලාල් ශාන්තඋදය සහ ආරියරත්න මාමුහේවා)
 
වතුර මෝටරය ක‍්‍රියා විරහිතවීම නිසා දින පහක පමණ කාලයක සිට උග‍්‍ර ජල හිඟයකට මුහුණ පා ඇති නිවිතිගල වතුපිටිය දිසා රෝහලට රෝගීන් ඇතුළත් කිරීම අද  (17) වන විට අත්හිටුවා ඇතැයි රෝගීන් මෙන්ම රොගීන්ගේ භාරකරුවෝ කියති. 


දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය සේනාරත්න මහතාගෙන් මේ පිළිබඳ කළ විමසුමකදී ඔහු පැවසුවේ ජල හිගයක් පවතින නිසා රෝගීන් ඇතුළත් කිරිමෙන් පසු ඔවුන් අවශ්‍ය ජල පහසුකම් නැති නිසා හදිසි ප‍්‍රතිකාර අවශ්‍ය රෝගීන් ඇතුළත් කළ ද එම රෝගීන් වෙනත් රෝහලකට මාරු කර යවන බවයි. 


වාට්ටු පහකින් සමන්විත වතුපිටිය දිසා රෝහල සබරගමු පළාත් සභාව මගින් පාලනය වෙයි. දිනකට රෝගීන් 93 දෙනෙකුට මෙහි නේවාසික පහසුකම් ඇත.  මේ වනවිට නේවාසික රෝගින් පිටව ගොස් ඇත.  බාහිර රෝගීන්ගේ අංශයක්, දන්ත සායනයක්, ළමා හා මාතෘ සායනයක් මෙන්ම වෙනත් සෞඛ්‍ය සායන ද දිනපතා වතුපිටිය රෝහලේ පැවැත්වේ. දිනකට 400ත් 500ත් අතර පිරිසක් ප‍්‍රතිකාර ලබා ගැනීමට මෙහි පැමිණෙති. 


වතුර මෝටරයේ කොටසක් අක‍්‍රීය වීම නිසා මේ ජල හිඟය ඇතිවී ඇති බව රෝහල් කාර්ය මණ්ඩලය පවසයි. දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් රත්නපුර නියෝජ්‍ය පළාත් සෞඛ්‍යසේවා කාර්යාලයට තමන් දන්වා ඇති බවයි.


නිවිතිගල, වටාපොත, දෑල, නොරගොල්ල, කරවිට, පිංකන්ද, යක්දෙහිවත්ත, ආදී විශාල ප‍්‍රදේශයක මෙන්ම වතු ආශ‍්‍රීත ජනතාව ද මෙම රෝහලින් ප‍්‍රතිකාර ගැනීමට පැමිණෙති.


මේ සම්බන්ධයෙන් සබරගමු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් විමසූ විට එහි ප‍්‍රකාශකයෙක් පැවසුවේ මෙවැනි ගැටලූ බොහෝ තැන්වල ඇති බවයි. එහෙත් ඒවාට විසඳුම් දෙන්නේ කවදාදැයි ඔහු නොපැවසීය.
 



අදහස් (2)

ජලය නැතිවීමෙන් වතුපිටිය දිසා රෝහලට රෝගීන් ඇතුළු කරගැනීම අත්හිටුවයි

laksman Wednesday, 17 October 2018 07:30 AM

මෙය තිබෙන ප්‍රදේශය වතුපිටිය වුවත් මෙය නිවිතිගල රෝහලය. සිදුවී ඇත්තේ වතුර මෝටරයේ කොටසක් අක්‍රිය වීමනම් එය අලුත්වැඩියාවට තරම්වත් මුදලක් මෙම රෝහලේ නැද්ද. මෙය පාලනයේ දුර්වල කමක්මිස වෙනත් හේතුවක් නොවේ. දැන්වත් කිරීමට ඇත්තේ රෝහල මගින් මෙය අලුත්වැඩියාව සිදුකර දිස්ත්‍රික් කාර්යාලයෙන් මුදල ප්‍රතිපූර්ණ කරගැනීමයි. රෝගීන් අපහසුවට පත්කිරීම අදක්ෂ කමක්.

:       34       1

Athula k Wednesday, 17 October 2018 08:32 AM

නිවිතිගල පැත්තේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෝ කෙතරම් ඉන්නවද. ඔවුන්ව දැනුවත් කලානම් අහක බලන එකක් නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site