(විනීතා එම් ගමගේ)
මිල සූත‍්‍රයට මුවාවී තෙල් මිල වැඩි කරන්නට සැරසෙන ආණ්ඩුව ඉදිරියේ දී විදුලි බිලටත්, ජල බිලටත් සූත‍්‍රයක් ගෙන ඒමට කටයුතු යොදමින් සිටින බවට විශ්වාසදායක ආරංචි වලින් වාර්තා වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රමේෂ් පතිරණ මහතා අද (9) ප‍්‍රකාශ කළේය.
සෑම මසකම දහවැනිදා පටි තද කරගන්නට ජනතාවට සිදුවන කාලය පැමිණ ඇති බවත් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉතා පහත වැටී තිබු අවස්ථාවක පවා ආණ්ඩුව තෙල් මිල ඉහළ නංවමින් සිටි බවත් පැවසූ පතිරණ මහතා මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ වහාම එම සහනය ජනතාවට ලබා දී තෙල් මිල පහත හෙලූ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
තෙල් මිල අඩුවීමත් සමඟ භාණ්ඩ බොහොමයක මිල අඩුවන්නේ යැයි ද එයින් ජනතාව තුළ නව ප‍්‍රබෝධයක් ඇති වන්නේ යැයි ද කී මන්ත‍්‍රීවරයා මේ වනවිට සිදුවෙමින් පවතින්නේ සමස්ත රටේ ජනතාවම කබලෙන් ලිපට වැටීම යැයි ද කීය.
හැමදාම ජනතාවට නත්තල් ඇති කරන්නේ යැයි කී ආණ්ඩුවක් ජනතාව පීඩාවට පත් කරන අන්දම කණගාටුදායක යැයි ද වෛද්‍ය පතිරණ තව දුරටත් කියා සිටියේය.
ජනාධිපතිවරයාට 2020 වනතුරු බලයේ සිටින්නට අවස්ථාව ඇති බවත් මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණය නොලැබෙන්නේ නම් නීත්‍යානුකූලව හිමි පළාත් සභා මැතිවරණය හෝ වහා ලබා දෙන මෙන් ජනතාව ඉල්ලා සිටින බව කී පතිරණ මහතා ආණ්ඩුව පාර්ලිමේන්තු මැතිවරණයකට කැමති නැති බව පෙනී යන්නේ යැයි ද සඳහන් කළේය.
COMMENTS
බොහොම හදිසියෙන් අගමැති වෙලා තෙල් මිල අඩු කරලා මහජනතාවට සහන ලබා දුන්නා යැයි කියන තැනැත්තාම ජනාධිපති කාලේ පැට්‍රල් රුපියල් සීයට දෙන්න කියලා අගවිනිසුරු දුන්න තීන්දුව ක්‍රියාත්මක නොකළේ මහජනතාව පැට්‍රොල් ලාභවුණාම ඇඟේ වත්කරගෙන ගිනි තියා ගනී කියලද?
ඉන්ධන, ජලය, විදුලිය වැනි දේ මිලදී ගැනීමට හෝ ජනනය කිරීමට යන මුදලට සරිලන සිල්ලර මිලක් ගෙවන්නට සිදු වීමේ ඇති වරද කුමක්ද?
කළුතර දිස්ත්‍රික්කයට ලුණු ජලය... එ්කට මිල සූත්‍රයක්ද?
මේ මිල සූත්‍රයෙන් වැඩිවන ඉන්ධන, ජලය, විදුලිය වැනි දේවල මිල ගණන්, රජයේ මැති ඇමතිවරුනුත් තමන්ගේ වැටුපෙන් ගෙවනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත්, මේ මැති ඇමතිවරුන් තමන්ගේ ඉන්ධන, ජලය, විදුලිය, දුරකථන වැනි වියදම් ඔවුන්ගේ වැටුපෙන් නොගෙවා, මහජන බදු මුදලින් ගෙවන්නට යයි කීම අසාධාරණයකි.
මෙමගින් ජල නාස්තිය අවම කල හැකිය. නිකන් දෙනකොට ජනතාව නාස්ති කරනවා. යුරෝපයේ අඩු අදායම් ලාභීන්ට බිල්වලට පහසුකම් සලසනවා... ජනතාවට බදු ගැසීමට පෙර දේශපාලකයන් අරපිරිමැස්ම ක්‍රියාවෙන් ඔප්පු කළයුතුයි.
ලෝක වෙලදපොලේ වතුර මිල වැඩි වෙනකොට ඒ මාසයේ වතුරමිල වැඩි වෙනවා , එහෙ අඩු වෙනකොට මෙහෙ නැවත වැඩි වෙනවා . දේශපාලන කුණාටුවක් හමන කොට යලිත් අඩුවෙනවා .
සෑම් හැමදේම දේශපාලනිකරණය කරමින් බලන වහල් බවින් මිදි අදහස් ප්‍රකාශ කරන්න. අපේ සිංහලයට හැමදාම හෙනගැහුවේ ඔය කැපුවත් කොල කැපුවත් නිල් ප්‍රතිපත්තිය නිසා. දෙයක් දිහා විචාරශීලිව බලා වෙන්න යන විපතින් බේරිමේ නුවණ සිංහලයාට කවදානම් ලැබේදැයි අප නොදනී. දන්නේම නැතිව අප ඒ පක්ෂයට හා මේ පක්ෂයට කොටා ගන්නා විට මොවුන් සැවොම එක්ව නව ව්‍යවස්ථාවද සම්මත කර රටද අදාල අයට බාරදී තියේවි. ඒ නිසා පාට කණ්නාඩි ගලවා බලන්න සැම දෙයම හරියට දකින්න පුරුදුවෙමු. මෙයා එකක් කලාම හැම එකටම අරය එහෙනම් කලේ ඒක හොදද අහන්න යාමෙන් වෙන්නේ අපි තවත් වලටම යාම පමණි.