(චන්ද්‍රසේන ගමගේ)
කටුවන හැඩිවත්ත ප්‍රදේශයේදී පවත්වනු ලැබූ ප්‍රාදේශීය ජනහමුවකට වෙඩි තබා ජනහමුවට සහභාගී සිටි දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය අද(17) තංගල්ල මහාධිකරණයේ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා ඉදිරියේ විභාගයට ගැණුනු අතර නඩුවට අදාළ සාක්ෂි විමසීම අද(17) දින අවසන් කළේය.
2012 වසරේ ජුනි මස 15 දින සවස පැවති ජවිපෙ රැළියට වෙඩි තබා එදිරිමාන්න පතිරනගේ මාලනී (50) ජයසේකර පතිරනගේ හේෂාන්(18) යන දෙදෙනා ඝාතනය කර නෙත්තසිංහ ලියනගේ සුජිත් නිමේෂ යන අයට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ තිබුණේ ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේට වන අතර ඔහුට විරුද්ධව වු චෝදනා සම්බන්ධයෙන් වූ නඩු විභාගය 2016 පෙබරවාරි මස 29 දින සිට විභාගයට ගෙන තිබුණි.
තංගල්ල මහාධිකරණයේ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා අද(17) මෙම නඩුව විභාගයට ගත් අතර එහිදී ඝාතනයේ සැකකරු වූ ගීගන ගමගේ අමරසිරි සාක්ෂි ලබා දුන්නේය. ඉන් අනතුරුව මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා ලබන මස 04 වැනි දින දක්වා නඩුව කල්තැබූ අතර එදිනට සාක්ෂි සටහන් පිළිබඳව විමර්ශනයක් කිරීමට නියමිතය.
ජූලම්පිටිය අමරේ මනුෂ්‍ය ඝාතන කිහිපයකට හා තංගල්ල බන්ධනාගාර කැරැල්ලටද චෝදනා ලැබ සිටි අයෙකු වන අතර පසුව නීතිඥයෙකු මාර්ගයෙන් ඔහු අධිකරණයට භාර වූයේය. අදාළ ඝාතනය සම්බන්ධයෙන් 2012 වසරේ ජුනි මස 22 දින වලස්මුල්ල අධිකරණයේදී හදුනාගැනීමේ පෙරෙට්ටුවක් පැවති අතර එහිදී සාක්ෂිකරුවෝ තිදෙනෙකු විසින් ජූලම්පිටය අමරේ හදුනා ගැනීමට සමත් වූහ. පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් කටුවන ද්විත්ව ඝාතනයේ සැකකරුවෙකු ලෙසට ජූලම්පිටියෙ අමරේ නම් කරන ලෙසට ඉල්ලීමක් සිදු කර තිබිණි.
විත්තිකරු වෙනුවෙන් අද දින තංගල්ල මහාධිකරණයේ පෙනී සිටියේ නීතිඥ අජිත් ප්‍රසන්න මහතා වන අතර පැමිණිල්ල මෙහෙයවනු ලැබූවේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ වසන්ත පෙරේරා මහතා විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දගේ ප්‍රධාන ගෝලයෙක් තමයි ජූලම්පිටියේ අමරේ. එදා තංගල්ලේ බන්ධනාගාරයේදී සියලුම නිලධාරීන් ඔහුගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්කරගෙන ඉන්නවා කියන ආරංචියට මහින්ද ඇවිත් කතාකළ සැනින් ඔහු මීයෙක් වගේ වලිගෙන් අමුඩේ ගහගෙන කීකරු වෙලා සටන අවසන් කළා. ප්‍රධාන ජේලර් ලලිත් හේමචන්ද්‍ර මහතා ඉක්මනින් රෝහලට යවා ජීවිතය බේරුවා.
2012 වෙච්ච මිනීමැරුමට තවම සාක්ෂි කැඳවනවා , නඩුව අහලා ඉවර වෙනකොට තව අවුරුදු 10වත් යාවී , ඊට පස්සේ වැරදි කාරයා වුනොත් ඇපිල් කරලා තව අවුරුදු 10 විතර නඩුව නැවත අහන්න පුළුවන් , මෙයාගේ වයසත් එක්ක බලනකොට නඩු කටයුත්ත ඉවර වෙනකොට මෙයට ස්වභාවික මරණයක් ලැබිලා තියෙන්නේ පුළුවන්.
ද සිල්වා මහත්තයෝ, අපේ රටේ එහෙම තමයි. සමහර කාලවලට උඩතියන නඩු යට යනවා, යට තියන නඩු උඩ එනවා. හිරේ ගියත් නිදහස් වෙනවා, නිදහසේ හිටියත් හිරේ යනවා. අපි කාට හරි ඡන්දෙත් දානවා.
එවකට හිටපු පාලකයෝ වැඩගත්ත අය තමයි.
මෙ ඝාතන සිදුකරලා තියෙන්නෙ 2012දි, නමුත් නඩු විභාගය ආරම්භ කරල තියෙන්නෙ 2016දි, නඩුව විභාගයට ගන්න එච්චර පමාවුනේ ඇයි කියලා තේරුම්ගන්න පුලුවන්ද?