( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
නීතීඥ ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් දෙදෙනෙකු වූ ජනාධිපති නීතීඥ ඩී.එස්.විජේසිංහ මහතා සහ නීතීඥ ගෞරී සංගරී තවරාසා මහත්මිය කොවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්ව ඇත.
කොවිඩ් ආසාදිතව දින කිහිපයක් තිස්සේ රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ ජනාධිපති නීතීඥ ඩී.එස්.විජේසිංහ මහතා පෙරේදා (24) ජීවිතක්ෂයට පත්ව ඇති අතර නීතීඥ ගෞරී සංගරී තවරාසා මහත්මිය ඉකුත් 23 වැනිදා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය ගොස් ඇත.
මියගිය විජේසිංහ මහතා දීර්ඝ කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති අතර එහි ජ්‍යෙෂ්ඨ තනතුරු ගණාවක්ම හෙබවීය. එම දෙපාර්තම්න්තුවෙන් විශ්‍රමා යාමෙන් අනතරුව පෞද්ගලික නීතීඥවරයෙකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ඒ මහතා ව්‍යාස්ථා නීතිය පිළිබද විශාරදයෙකුවේ.
මීට අමතරව පරිපාලන නීතිය , වානිජ නීතිය , අපරාධ නීතිය ,සිවිල් නීතී ආදී විවිධ ක්ෂේත්‍ර වල නඩු වලට පෙනී සිටි කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකි.
මානව හිමිකම් නඩුවලදී උපදෙස් දීමේ කටයුතු වල සදහා වඩාත් ප්‍රසිද්ධ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු වන නීතිඥ ගෞරි සංගරී තවරාසා මහත්මීය කොවිඩ් -19 ආසාදිතව දින කිහිපයක් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූවාය.
ජනාධිපති නීතීඥ ක්.වී.තවරාසා මහතා දයාබර භාර්යාව වන ගෞරී සංගරී තවරාසා මහත්මිය මෙරට පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් හා උතුරු හා නැගෙහිර පළාත් සාමන්‍ය ජනතාවගේ මූලික අයිතිවාසිකම් නඩු විභාගයන් සදහා පෙනී සිටින කීර්තිමත් නීතීඥවරියක වූවාය. අපරාධ නීතිය ,සිවිල් නීතී ආදී ක්ෂේත්‍ර වල නඩු වලට ද ඇය පෙනී සිටියාය.
ඒසේම සිය වෘත්තීය වපසරිය තුළ ඇය අධිකරණ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් නොමසුරුව සහයෝගයක් ලබා දෙන්නියක ද වූවාය.

ජනාධිපති නීතීඥ ඩී .එස්.විජේසිංහ

නීතීඥ ගෞරී තවරාසා මහත්මිය
COMMENTS
තවමත් මේ කොරෝනාවට හරි පවුල හොයාගන්න බැරුව නන්නත්තාර වෙලා වගේ...
දුපතක ජිවත් වන අපිට මේ වයිරස් එක පිටරටින් එන එක වලක්වගන්න බැරි වුනේ අපේ අදක්ෂ කමට.
කොරෝනා වසන්ගතය වළක්වා ගන්ඩ බැරි උනේ පාලකයින් ගේ තියෙන නොසැලකිලිමත්කකම නිසා.
කොවිඩ් ටෙස්ට් එක නියමයි සර්
විපරමා,මේක අපට වසංගතයක් තමා. ඒ වුනාට එහෙම වුනේ අපට. ඇතැමෙකුට මේක වසන්තයක්.