(ඉන්දිකා රාමනායක)
වෙරළබඩ පොලිස් වසමේ ජම්පටාවීදිය ප‍්‍රදේශයේ දී පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු කොස්තාපල්වරයකු ගිනි අවියක් ද සමඟ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට්ටිපොළ පදිංචි (31) හැවිරිදි පුද්ගලයෙකි.
පසුගිය ඔක්තෝබර් 8 වැනිදා රාති‍්‍රයේ තවත් පුද්ගලයකු සමග යතුරු පැදියෙන් පැමිණ මෝගන් සුරියකාන්තන් (22)නැමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබිණි.
මොහු සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය දීර්ඝ වශයෙන් පරීක්ෂණ පවත්වා මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරගෙන තොරතුරු අනුව ඊයේ (10) පෑලියගොඩ මාලූ වෙළෙඳ පොළ ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සතුය මිලි මීටර් 9 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිණි අවියක් ද අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.