IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජම්පටාවීදීයේ තරුණයාගේ ඝාතනයට එස්ටීඑෆ් භටයකු අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

වෙරළබඩ පොලිස් වසමේ  ජම්පටාවීදිය ප‍්‍රදේශයේ දී  පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ  තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු  කොස්තාපල්වරයකු  ගිනි අවියක් ද සමඟ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට්ටිපොළ පදිංචි (31) හැවිරිදි පුද්ගලයෙකි. 

පසුගිය ඔක්තෝබර් 8 වැනිදා රාති‍්‍රයේ  තවත් පුද්ගලයකු සමග යතුරු පැදියෙන් පැමිණ මෝගන් සුරියකාන්තන්  (22)නැමැත්තා  වෙඩි තබා ඝාතනය කර තිබිණි.

මොහු  සම්බන්ධයෙන්  කොළඹ අපරාධ කොට්ඨාසය දීර්ඝ වශයෙන්  පරීක්ෂණ පවත්වා මෙම සැකකරු  සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරගෙන තොරතුරු අනුව ඊයේ (10)  පෑලියගොඩ මාලූ වෙළෙඳ පොළ ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු  සතුය මිලි මීටර් 9  උණ්ඩ යෙදිය හැකි  මෙරට නිෂ්පාදිත  ගල්කටස් වර්ගයේ ගිණි අවියක්  ද අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

ජම්පටාවීදීයේ තරුණයාගේ ඝාතනයට එස්ටීඑෆ් භටයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site