IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජබුරලියේ ඇඟලුම් හලක් දින 10කට වහයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඩෙල්ටා වයිරස් ප්‍රභේද ආසාදිතයන් හයදෙනකු හඳුනාගත් කැස්බෑව ජබුරලිය ,ලුල්ලවල පාරේ ඇඟලුම් කර්මාන්ත ශාලාව දින 10ක කාලයක් තාවකාලිකව වසා තබන ලෙස පාලනාධිකාරියට දැනුම් දුන් බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ලබාදුන් උපදෙස් මත එම තීරණය ගත් බවත් ඒ බව ආයතනය වෙත දැනුම් දුන් බවත්  වෛද්‍යවරිය කීවාය.

ඩෙල්ටා වයිරසය ප්‍රභේදය ආසාදිත සේවක සේවිකාවන් 6 හය දෙනාට අමතරව කොරෝනා වයිරසය ආසාදිත සේවක සේවිකාවන් 121 කු එම කර්මාන්ත ශාලාවෙන් මේ වන විට හමු වී ඇතැයි වෛද්‍යවරිය සඳහන් කළාය.

ඒ අනුව එම කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් සියලුම දෙනා නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කළ බවත් වෛද්‍ය සමන්තිකා ජයසුන්දර මහත්මිය පැවසුවාය.

දින කීපයකට ඉහතදී එම කර්මාන්තශාලාවෙන් ඩෙල්ටා වෛරසය ආසාධිත රෝගියෙකු හමුවීමෙන් අනතුරුව කර්මාන්තශාලාවේ අංශ කිහිපයක් අතුරින් අහඹු ලෙස තෝරාගත් සේවක සේවිකාවන් 166 කු උදෙසා සිදුකළ පි සි ආර් පරීක්ෂණයක් සිදුකළ අතර තවත් විසි දෙදෙනකුගේ නියැදි වැඩිදුර පරීක්ෂණ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වෙත යොමු කෙරිණි .

එමගින් සේවක සේවිකාවන් 109 කුට කොරෝනා වෛරසය ආසාදිත වි ඇති බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යවන ලද නියැදි සාම්පල 20 න් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වි ඇති බවට අනාවරණය විය.



අදහස් (0)

ජබුරලියේ ඇඟලුම් හලක් දින 10කට වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 73 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 351 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site