(ඉන්දිකා රාමනායක)
ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් පැවැත් වු සාදයක් අතරතුර අනතුරට ලක්ව සිසුවකු තුවාල ලැබීමේ සිද්ධියක් මුල්කරගෙන ජයවර්ධනපුර සරසවියේ කළමනාකරණ පීඨයේ සිසුන් 15 දෙනකුට තාවකාලික පන්ති තහනමක් පැන වු බව එම විශ්ව විද්‍යාල පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයනේ විශ්ව විද්‍යාලයේ පාලක සභාව ඒකමතිකව ගත් තීරණයක් අනුව ඊයේ (12) සිට මෙම තාවකාලික පන්ති තහනම පැනවු බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වැඩබලන උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ලංකාදීපයට පැවසීය.
මෙම පිරිස අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කර සිටින සිසුන් 6 දෙනා ද වන බව උපකුලපතිවරයා කියා සිටියේය.
ඉකුත් (9) දින රාත්‍රියේ පැවැති මෙම සාදය පැවැත්වෙන අතර තුර කිසියම් සිසුවකු ඉහළ මහලේ සිට පඩිපෙළ දිගේ එවා තිබු ටයරයක් ඇගේ වැදී බිම වැටී හිස තුවාල වු සිසුවකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කර තිබුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලය අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, පොලිසිය ද පරීක්ෂණ ආරම්භ කර ඇත.
COMMENTS
පන්ති තහනම එච්චර ඇඟට වදින එකක් නැහැ. හේතුව දැන් කෝරෝනා නිසා සියළුම ශිෂ්‍යයන්ගේ පන්ති තහනම් වෙලානේ තියෙන්නේ.
මෙම මෙලෙච්ඡයින්ට " තාවකාලික " පන්ති තහනමක්? ඒ කියන්නේ මෙම මුර්ගයින්ට ඉදිරි අනාගතයේදී සරසවිවලට ඇතුළුවීමේ හැකියාව පවතිනවා යන්නද? එමගින් ගම්‍ය වන්නේ මෙම පාපතරයින්ගේ නිවට ක්‍රියාවන්වලට පාලන අධිකාරිය විසින් අනුබල දෙනවා නොවේද?
විශ්ව විදාලයන්හි හොඳළමයි බොහෝ වැඩියි. නමුත් අතළොස්සකගේ ප්‍රචණ්ඩත්වයට ඔවුන්ට කරකියා ගන්නට දෙයක් නැත. අවුරුදු 30ක යුද්ධයට විසඳුමක් දුන්නාසේ මෙයටත් කාලීනව සිතාබලා යහපත් දෙයක් කරන්න ජනපතිතුමනි... ඔබගේ මේ සීමිත කාලයේදී මෙයට විසඳුමක් නොලැබුණොත් මේ ගැන ඉදිරි නායකයින් නොබලනු ඇත. එදා රජකාලයේ ඒ දඬුවම ලැබුනේ අහිංසකයින්ට නමුත් එය ගැලපෙන්නේ අදට මෙවැනි නරුමයින්ටයි..