(ලහිරු හර්ෂණ)
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට යෝජිත ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු අද(31) පෙරවරුවේ මත්තෙගොඩදී ආරම්භ කෙරිණි.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝරත්නයේ සහභාගිත්වයෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාගේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු විශ්වවිද්‍යාල ප්‍රජාව ගේ සහභාගීත්වයෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් මංගල පස් පිඩලි කපා වැඩ කටයුතු ආරම්භ කෙරිණි.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.