
(නිමල කොඩිතුවක්කු)
ශ්‍රි ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama) මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය.
කොරෝනා මර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් මෙන්ම විවිධ සංවර්ධන කටයුතු සඳහා ජපාන රජය මගින් දක්වන උපකාර කෙරෙහි සියකෘතවේදීත්වය පිරිනැමීමට විපක්ෂ නායකවරයා එහිදී පියවර ගනු ලැබීය.
සමගි ජනබලවේගය හරිත පක්ෂයක් බවත් ඒ හරහා "හරිත ව්‍යාපෘතිය", හරිත පාරිසරික සංරක්ෂණ වැඩසටහන ඇතුළු ව්‍යාපෘතිය ක්‍රියාත්මක බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.
ඒ සදහා අවශ්‍ය අඅනුග්‍රහය ලබා දෙන ලෙසද විපක්ෂ නායකවරයා ජපාන තානාපතිතුමන්ගෙන් ඉල්ලීමක් ද කළේය.
ඒ පිලිබදව ස්වකීය විශේෂ අවධානය යොමුකරන බව පැවසූ තානාපතිතුමන් ඒ සදහා අනුග්‍රහය ලබා දෙන බවද පැවසීය.
දශක ගණනාවක් ඈතට දිවෙන ද්වීපාර්ශවීය සබදතා පිලිබදව තානාපතිතිවරයා විසින් එහිදී සිහිපත් කරනු ලැබීය.
COMMENTS
තානාපතිතුමනි .සජිත් මැතිදුන් ප්‍රමුඛ සමගි ජනබලවේගයට මේ රට භාරදෙන ලෙස ජපන් රජය හරහා ලංකා ආණ්ඩුවට බලපෑම් කරන්න.මේ මහත්තයා කියන කිසි දෙයක්.මේ ආණ්ඩුව අහන් නෑ
ජපානය කොහොමත් ඉස්සර ඉඳන්ම ලංකාවට ආදරෙයි. චීනය වගේ නෙවෙයි. චීනය අපිට උදව් කරන්නේ යටි අරමුණු ඇතුවයි...
වාඩිවෙලා ඉන්න විදියෙන් පේනවා නේද දෙන්නගේ විනය කොහොමද කියලා...!
තානාපති උන්නැහේට මම මේ කියන්නමයි හිටියේ... අපේ තාත්තගේ කාලේ මළපොතේ අකුරක්වත් දන්නේ නැති අපේ මාමා කෙනෙක් තමයි ඔහෙලාගේ රටට තානාපති හැටියට පත්කරලා හිටියේ... වැඩකටම නැති කෙනෙක් වුණත් ඒ අපේ මාමානේ... ඒ වගේම කිසිදා ඥාති සංග්‍රයක් කරල නැහැ අපේ තාත්තා, මමත් ඒ වගේමයි... ගොඩක් මිනිස්සුන්ට අමතකයි අපේ තාත්තගේ ‘‘අවංකකම"... මමත් ඒ වගේ මට බලය ගන්න ඔහෙලා උදව්කරනවා නේද?