( තිළිණි ද සිල්වා )
මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 6ක සිටි පැමිණෙන සංචාරකයින් සඳහා ජපානයට ඇතුළ වීම තහනම් කරමින් පනවා තිබූ සංචාරක තහනම අද (20) සිට ඉවත් කිරීමට එරට රජය පියවර ගෙන ඇතැයි ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග කියා සිටී.
අදාළ රටවල කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනය වීම හේතුවෙන් රජය මෙම පියවරගෙන ඇති බවද එම තානාපති ආරංචි මාර්ග කියා සිටී.
ශ්‍රී ලංකාවට අමතරව ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය රටවලට ද පනවා තිබූ එම සංචාරක තහනම ඉවත් කර ඇත.
එම සියලු රටවල සංචාරකයින් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා සම්පූර්ණ කළ යුතුව ඇති අතර ලංකාව ඇතුළු එම රටවල් වලින් පැමිණෙන සංචාරකයින් දින 3ක් රජයේ අනුමත හෝටලයක ස්වයං නිරෝධායනය වී පී.සී.ආර් පරීක්ෂාවක් සිදු කර ඒමගින් ආසාදිත නොවන බවට තහවුරු පිරිස් සදහා ජපානයේ සංචාරයක කළ හැකි බවද , පී.සී.ආර් පරීක්ෂණයෙන් ආසාදිත බවට තහවුරු වුවහොත් එවැනි සංචාරකයින් අනිවාර්යයෙන් දින 14 රජයේ පිළිගත් මධ්‍යස්ථානය නිරෝධයනය විය යුතු බවද ජපාන රජය සිය කොවිඩ් මාර්ගෝපදේශන මාලාව යාවත් කාලීන කරමින් සදහන් කර ඇත.
පැතිරෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයින්ට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට ජපාන රජය ඉකුත් ජුනි මාසයේ සිට පියවර ගත්තේය.
එම රටවල් වල පැතරයමින් පවතින නව කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් එරට රජය මෙම සංචාරක තහනම පැනවීය.
COMMENTS
රට සම්පූර්නයෙන්ම විවෘත කරන්න. කොරෝනා හැදෙන්නේ නොසැලකිලිමත් මෝඩයන්ටයි. ඒ අයව මෙතෙක් ආරක්ශා කලා ඇති. ඔවුන්ට වඩා අපිට රටේ ආර්ථිකය වටිනවා.
මේ වෙලාවේ ලංකාවේ ජීවත්වූ හෝ සංචාරය කළ අයට සිංගප්පූරුව හරහා ට්‍රාන්සිට් වත් යන්න බෑ. සිංගප්පූරු ගුවන් සේවය හරහා ටිකට් එකක් ගන්න හැදුවමයි දැනගත්තේ ලංකාවට යන්න පුළුවන් ආපසු යන ගමන මේ වෙලාවේ බෑ කියලා. සිංගප්පූරු රජයෙන් සහ චැන්ගි ගුවන්තොටුපොල අධිකාරියෙන් පනවපු නීතියක් නිසා සිංගප්පූරුව හරහා අඩු ගාණට එන්න තියන පාර ඇහිරිලා. කෙලින්ම කොළඹට යන්න එන්න පුළුවන් ශ්‍රී ලංකන් වගේ ඒවායේ ටිකට් හරිම ගණන්. කෝවිඩ තත්ත්වය පාලනය වනතුරු ලංකාව රතු ලීස්ට් එකේ කිව්වා.