(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දෙන ලෙසට බල කරමින් කොළඹට එන ජන බල මෙහෙයුමේ සංවිධාන කටයුතු සඳහා එක්සත් ජාතික පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් මේ සති අන්තයේ තම මැතිවරණ බල ප්‍රදේශවල සංවිධාන කටයුතුවල නිරත වන ලෙස දැනුම් දී ඇත.
ඒ අනුව දෙසැම්බර් 08 සහ 09 යන දින දෙක ජන බල මෙහෙයුම සඳහා ජනතාව පෙළ ගැස්වීමට යොදා ගැනීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැති රැස්වීමේදී තීරණය විය.
පාර්ලිමේන්තුවේ බහුතර සහය ලබන රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය දෙන ලෙස බල කරමින් දින තුනක් පුරා ජන බල මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයින් මීට පෙර තීරණය කර තිබිණි.
ජන බල මෙහෙයුමේ අවසන් දිනයේදී ලක්ෂ දෙකක ජනකායක් සමඟ කොළඹට ඇතුළුවන බවත් ජන බල මෙහෙයුමේ ගමනාන්තය එදින පස්වරු 2.00ට මෙහෙයුමට සහභාගී වන ජනතාවට දැනුම්දෙන බවත් එක්සත් ජාතික පක්ෂ ගාලු දිස්ත්‍රික් නායක වජිර අබේවර්ධන මහතා පැවැසීය.
COMMENTS
ගමට එනකන් තමයි අපිත් බලන් ඉන්නේ. අපිටත් තියෙනවා පසුගිය අවුරුදු 3 1/2 කරපුව ගැන ගොඩාක් ප්‍රශ්න ..එන්නකෝ බලන්න ..
අනේ මන්දා තාමත් අර වානර කාලේ වගේ අය ඉන්නවනේ මේවට පව් ගෙවන, නාඩගම්.
මල්ලියේ ඔහෙත් යනවනේ ගමට ..?? යන්න යන්න මලය එනකම් තමා ගමේ මිනිස්සු මග බලාගෙන ඉන්නේ ඒ යනාකොට මලයාගේ මුනත්තහඩුව නම් වෙනස් කරගෙන ගියොත් හොදා හරි යෑ.......
මෙහෙ එහෙම එන්නේ නැහැ... බල්ලන් ලිහා ඇත .
ගමට ගිහින් වූ අවනඩුව ගැන කියලා ආයිමත් පත්කර ගන්න නියම නායකතුමා... අපිත් මෙතුමාව පත්කර ගන්න දායක වුණා. අද ඒ ශාපය අපටම වැදිලා ගමට ගිහින් ජනබලය අරගෙන මොකද කරන්නේ කියලා දැන් ජනතාව හොඳින් දන්නවා රට අගාධයට වැටිලා... නඩු අසමින් කාලය කා දමනවාට වඩා හොඳ මැතිවරණයක් පැවැත්වීමයි.. නීතිය හොයමින් බලන්නේ අපට වාසියක් වෙයි කියලා... නැතුව ජනතාවට වාසිගේන්න නොවේ.. රටේ සිටින සියලු නඩුකාරතුමන්ලාගෙන් ඉල්ලා සිටින්නේ රටේ පුරවැසියන් වශයෙන් හිතලා මේ ගැන තීන්දුවක් ගන්න කයලයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන බව කලින්ම දැනගෙන. මන්ත්‍රීවරු ගමට යන්නේ ඡන්දෙට ලෑස්ති වෙන්න. මේක තමයි ඇත්ත කතාව..
එන්න එන්න ගමට එන්න එනකම් බලාගෙන ඉන්නේ. ආච්චි මිදුල අතු ගගා හිටිය ඉලපත දොරකඩම තියලා ගෙට ආවා. අර ගොයියෝ ගෙදොරකඩට ආවොත් ඕනවෙන නිසා කියලා.
ගමරාලගේ ගේ වටලා සරම ඔලුවේ ඔතා වේලක හිටවිය යුතුමයි.
ගමටනම් එන්න එපා. අපිට කල දේවල් හොඳට මතකයි.
ගමේ සංවර්ධනය අවුරුදු 3ක් නෑ ගම්මු හු කියයි.
පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණය මතකද දන්නේ නැහැ.
ලැජ්ජා නැති කමක හැටි....වසර 3 ක්ම කරපු දේකුත් නැහැ නිකන් සල්ලි කකා දගලනවා ...............