(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කරන්නැයි බල කරමින් කොළඹ දක්වා ගමන් ගන්නා ජනබල මෙහෙයුම ආරම්භ කරන දිනය, ස්ථානය සහ වේලාව ආදී කරුණු සියල්ල හෙට(05) ප‍්‍රකාශයට පත් කරනු ලැබුවත් ජනබල මෙහෙයුමේ ගමනාන්තය කොතනදැයි කලින් හෙළි නොකරන බව ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.
ආණ්ඩුවට එරෙහිව සම්මත වූ විශ්වාසභංග යෝජනාව අනුව කටයුතු කරන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන යෝජනාව හෙට(05) පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත කිරීමෙන් පසුව ජනබල මෙහෙයුම පිළිබඳ තොරතුරු ප‍්‍රකාෂයට පත්කිරිමට නියමිතව ඇතැයිද වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කීවේය.
දින තුනක් පුරා ගමින් ගම නගරයෙන් නගරය පසු කරමින් මිලියනයකට අධික ජනතාවක් සමග ජනබල මෙහෙයුම කොළඹට ඇතුළුවන බවද ඔහු පැවැසීය.
කොළඹට ඇතුලූවන ජනබල මෙහෙයුමේ ගමනාන්තය පමනක් අවසන් මොහොත වනතෙක්ම හෙළි නොකීරීමට එක්සත් ජාතික පෙරමුණේ සියලූම නායකයින් තීරණය කර ඇතැයිද වජිර අබේවර්ධන මහතා සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ඕන දැන් ඡන්දයක්.... ඒකට ආමි එකෙන් ආණ්ඩුව කළත් කමක් නැහැ.....
ව්‍යවස්ථාවට අනුව අගමැති වරයෙකු පත් කර මාසයක් ඇතුළත ඡන්දය පවත්වමු.
ගමනාන්තය අපි නම් දන්නවා.
දැක්කත් මුණ තක්කඩි කම බේරෙනවා.... එනමුත් කියයි හැමවිට මා හොදය කියා... නොකිව්වත් යන තැන කොහෙද කියා.. ස්ථිරය යන තැන වැලිගමය කියා...
ගමනාන්තය හිරගෙදරද??? අපායද??
ගමනාන්තය හෙලිකලොත් සහභාගිවන අය අඩු වෙන නිසාද හංගන්නෙ. අනේ මහත්තුරුනේ දුප්පත් මිනිස්සුන්ව අමාරුවෙ දාන්න එපා. ඔය ගොල්ලො 225 දෙනා ඔිනැ දෙයක් කරගත්තට අපිට කමක්නෑ..
ඔය හැමෝම ගමනාන්තයක් දන්නේ නැහැ කියල මුළු රටම දන්නවා, අනේ පින්සිදුවෙවී දැන් ඔය නාඩගම නවත්වලා ඡන්දෙකට ගිහින් ශක්තිමත් රජයක් පිහිටුවාගමු, එක එක්කනො ළඟ දනින් වැටිලා අපිට උදව් කරන්න කියලා වැද වැටෙන්නේ නැති ආණ්ඩුවක්.
ඔහෙලගේ ගමනාන්තය බොරැල්ලේ වටරවුම ඉස්සරහ.
"අනේ සීයේ .. ඔයගොල්ලෝ දැන් වලපයයි, ගොඩපයයි නේද..? බලයේ ඉන්නකම් කරපු නරකාදී වැඩවලට හරියන්න. දැන්වත් තමුන් අදහන ආගමක් දහමක් කරගත්තොත් නරකද? සොරි, සමනලයින්ට ආගමක් තියෙනවාද කියලා මම දන්නේ නැහැ...