IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ජිනීවා වාර්තාව හෙට සභාගත කරයි

( තිළිණි ද සිල්වා)

 

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරියගේ කාර්යාලය විසින් සකස් කරන ලද සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම පිළිබඳ ලිඛිත වාර්තාව හෙට (20) මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේදී නිල වශයෙන් සභාගත කෙරෙන බව ජිනීවා තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ඊට පසුදින එනම් අනිද්දා (21) ශ්‍රී ලංකාව විසින් සම අනුග‍්‍රාහකත්වය දක්වා ඇති  ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා සම්මතය සළකා බැලෙන බවද එම ආරංචි මාර්ග කියා සිටී.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ලිඛිත වාර්තාව ජිනීවා වේලාවෙන් අද දහවල් 12.00 ට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් මිෂෙල් බැචලේ විසින් ඉදිරිපත් කිරීමෙන් පසුව ඇය සභාව හමුවේ ලංකාව සම්බන්ධයෙන් කරුණු දක්වනු ඇත.  ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා කවුන්සිලය හමුවේ අදහස් දැක්වීමට නියමිතය.

ඉන් පසුව මෙරට සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ගෙන ඇති ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල්, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන නියෝජිත අදහස් දක්වනු ඇත.

මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය සරත් අමුණුගම, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, විදේශ කටයුතු ලේකම් රවිනාථ ආර්යසිංහ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඒ. නෙරින් පුල්ලේ යන මහත්වරුන් සහභාගී වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

ජිනීවා නුවර එක්සත් ජාතීන් සඳහා වූ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ. අසීස් මහතා, නියෝජ්‍ය නිත්‍ය නියෝජිත සමන්තා ජයසූරිය මහත්මිය සහ ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ සෙසු අදාළ නිලධාරීහු ද ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අයත් වන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගේ කාර්යාලය විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයේ ඉදිරිපත් කෙරෙන අවස්ථාවට සහ ශ්‍රී ලංකාව විසින් සම අනුග‍්‍රාහකත්වය දක්වා ඇති  ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා සම්මතය සළකා බැලීමේ අවස්ථාවට සහභාගී වන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වී ඇති යෝජනාවේ කාලසීමාව වසර දෙකිකන් දීර්ඝ කර ගැනීමට බලාපොරොත්තු වන බව රජය පවසා සිටි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයේදී අදාළ කාලසීමාව දීර්ඝ කර ගැනිමට බලාපොරොත්තු වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය, අග‍්‍රාමාත්‍ය කාර්යාලය සහ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.

2015 වසරේ ඔක්තෝබර් මස 01 වන දින ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වූ යෝජනාව 2017 පෙබරවාරි, මාර්තු මාසවලදී පැවැත් වූ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසිවාරයේ දී කාලසීමාව වසර දෙකකින් දීර්ඝ කර ගනු ලැබීය.

ඒ අනුව අදාළ යෝජනාව ක‍්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් මෙවර මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේ දී මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුව ඇත. අද (20) දින කවුන්සිලය හමුවට ඉදිරිපත් කරනුයේ එම වාර්තාවය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහකොමාසාරිස්වරියගේ කාර්යාලය විසින් ගනු ලබන සියලූ ක‍්‍රියාමාර්ග පදනම් වනුයේ අද (20) මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත අදාළ වාර්තාව මත බවද ජිනීවා තානාපති ආරංචි මාර්ග කියා සිටී.

 

එම නිසා සම අනුග‍්‍රාහිත කල් ඉල්ලීමේ යෝජනා සම්මතයක් මඟින් තවත් වසර දෙකක් කල් ඉල්ලා සිටීමට බලාපොරොත්තුවන බවද රජය  මීට පෙර අග‍්‍රාමාත්‍ය කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක සඳහන් විණි.

එම යෝජනා සම්මතයට ශ්‍රී ලංකා රජය සම අනුග‍්‍රහය දැක්වීමට එරෙහිව නැගෙන චෝදනා මහජනතාව නොමඟ යැවීමටත් අයුතු ලෙස දේශපාලන වාසි ලබා ගැනීමට කරන්නා වූ ව්‍යාපාරයේම කොටසක් බව එම නිවේදනයේ සඳහන් විණි.

මෙම ක‍්‍රියාමාර්ගය මඟින් සංහිදියාව, සාමය ගොඩනැන්වීම සහ ජාතික ගැටළුවට පිළියම් යෙදීම පිණිස ශ්‍රී ලංකා රජයට වැඩිපුර කාලය ඉල්ලා සිටීමක් විනා වෙන යමක් නොවන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වූයේය.

 



අදහස් (2)

ජිනීවා වාර්තාව හෙට සභාගත කරයි

susantha Tuesday, 19 March 2019 11:24 AM

තමන්ගේ රටේ හමුදාවන්ට විරුද්ධව ගේන අභූත චෝදනා වලට අනුග්‍රහය දක්වන ලෝකේ එකම රජය මේ ගවපාලන රජය විතරයි. වැහි නැති හෙන වදින්න ඕන බොරු බේගල් චෝදනා අපේ හමුදාවන්ටම එල්ල කරන, ඒවා කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පිලි අරන් අපේ හමුදාවන්ට විරුද්දවම ජිනීවා වල යෝජනා ගෙනත් සම්මත කරගන්න මේ ආණ්ඩුවට.

:       0       109

anil Tuesday, 19 March 2019 02:10 PM

සුසන්ත, ඊට හපන් රටේ මිනිස්සු. මෙච්චර දෙයක් වෙද්දී දන්නේ නෑ... දැක්කේ නෑ... අපිට මොකද හමුදාවේ අය එල්ලුම්ගස් ගියාම කියන මතේනේ ඉන්නේ අති බහුතරයක් ලාංකිකයෝ. හමුදාවට ඒකාලේ නිකන් ඉන්න තිබ්බේ කොටි ගහලා ඔක්කොම අය පරලොව යවනකන්..., දැන් කිසි සැලකිල්ලක් නෑ ඒවා ගැන රටේ මිනිස්සුන්ගේ. අනේ ඔය ආමිකාරයෝ එල්ලලා දාන එකමයි හොඳ කියලයි බහුතරයක් මිනිස්සු හිතන්නේ. අපරාදේ හමුදාවල කොල්ලෝ කෙල්ලෝ නිකන් මැරුනේ මොවුන් වෙනුවෙන්...!

:       0       59

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 323 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2136 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1621 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site