(තිළිණි ද සිල්වා)
දෙදින නිල සංචාරයක් සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 14 වැනිදා චීනය බලා පිටත්ව යාමට නියමිත බව තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
චීනයේ නිල සංචාරයක නිරත වන්නැයි චීන ජනාධිපති ෂී ජින් පින්ග් මහතා කළ නිල ආරාධනයක් පිළිගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සංචාරයේ නිරත වන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ෂී ජින් පින්ග් මහතා ඇතුළු චීන සමූහාණ්ඩුවේ බලධාරීන් හමුවී ද්වී පාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු යාමට නියමිත දෙවැනි විදෙස් නිල සංචාරය මෙය වේ.
මීට පෙර ජනාධිපතිවරයා ඉකුත් නොවැම්බර් 28 වැනිදා සිට 30 වැනිදා තෙක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කළ ආරාධනයකට අනුව ඉන්දියවේ නිල සංචාරයක නිරත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට පස්සෙ අායෙත් ඉන්දියා ගිහින් පස්සේ ඇමෙරිකා ගිහින් ඇවිත් ඊටත් පස්සේ MCC එක සයින් කරලා දාමු ජනාධිපතිතුමා..
ලොකු අයියා ජනපතිවෙලා හිටපු කාලේදී, රටේ තිබුණු වටිනාම ඉඩම වන කොළඹ යුදහමුදා මූලස්ථාන භුමිය චීන රජයට සින්නක්කරවම ලියා දුන්නා කියා කතාවක් රටේ පැතිර ගියා. ඒ ගැන සහතික කරන්න අපට එතරම් දැනුමක් නැහැ කියා මගේ සීයා කියනවා. අපි පුංචි මිනිස්සුනේ..! මේ පාර පොඩි මල්ලි චීනෙට යන්නේ තව මොන දේවල් ලියා දෙන්නද කියා සීයා අහනවා. නැත්නම් තව මොනවා හිඟාකන්නද කියලත් උන්දෑ අහනවා. මම කිව්වා ඕවට උත්තර දෙන්න මට බැරි නිසා ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රධානියාට කෝල් එකක් දීලා අහගන්න කියලා. උන්දෑ මගේ දැනුම මනින්න අහන ප්‍රශ්න කියලා ආච්චි කියනවා.
හොඳයි හොඳයි... ඔහොම ජනාධිපතිතුමා කොහොමත් මුල මුල ඔහොම තමයි...