(ආරියරත්න රණබාහු)
ජනාධිපති ජන මාධ්‍ය සම්මාන උළලේදී ආසන පැනවීමේදී සිදුව ඇති අඩු පාඩුව පිළිබඳව කනගාටුව පළ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ දී අද (10) පැවැසීය.
ආසන පැනවීම සිදු කර ඇත්තේ ඒ ගැන නොදන්නා අයෙකු බව පැවැසූ ජනාධිපතිවරයා ඒ පිළිබඳ පරීක්ෂා කරන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාට උපදෙස් දුන් බවද කීය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ බණ්ඩාරනායක සම්මත්‍රණ ශාලාවේ පැවැති ජනාධිපති මාධ්‍ය සම්මාන 2018 උත්සවය අමතමිනි.
COMMENTS
ආසන පැනවීම සිදු කර ඇත්තේ ඒ ගැන නොදන්නා අයෙකු නම් එවැනි පුද්ගලයකුට එහෙම දෙයක් බාර දුන්නේ ඇයි?
අහලම එපා වෙලා .... 1. කණගාටු වෙනවා 2. හෙලා දකිනවා 3. අරක මේක ඇති කරනවා
කණගාටු වීම සමාව එල්ලීම හොද දේවල්. රටේ හරියට දේවල් උනානම් වෙනවනම් අපට මෙහෙම වෙයිද. සිතමු ටිකක් . ජයවේවා!!!!!
රජයේ සේවකයිනි කොන්ද කෙලින් තියාගෙන රාජකාරිය කරන්න..... ඒ අයත් හොරු නිසා කියලා වැඩක් නෑ...
ලිහිල වැඩි නිසා රජයේ හැම තැනම වගකීම් පහර හරිනවා. එහෙම නැතිනම් රජය සහ ප්‍රධානින් අප්‍රසාදයට පත් කරන්න හිතාමතාම රජයට විරුද්ද නිලදාරීන් මෙහෙම කරනවා
මේ රට විනාශයට යන්නේ දේශපාලකයන්ට වඩා නිලධාරීන් නිසා. දේශපාලකයින්ට තීන්දු තීරණ ගන්න දත්ත දෙන්නෙත් මේ අය. උපදෙස් දෙන්නෙත් මේ අය. තීරණ ක්‍රියාත්මක කරන්නෙත් නිලධාරීන් මෙයාලගේ වැරදි නිසා තමයි මේ රටේ දියුණුව නැවතිලා තියෙන්නේ.