IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


ජනපති - මැකෝ පළාත් සභා මැතිවරණය ගැන සාකච්ඡා

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. 

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බවට ජාතික මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කර ඇති ප්‍රකාශයක් පදනම් කරගෙන ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ. 

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපතිවරයාගේ ධුර කාලයේ දිගුවක් ඉල්ලීමට නොහැකි බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නීති උපදේශකයන් ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක් සඳහා පිටත්ව යෑමට පෙර දැනුම්දීමත් සමඟ මෙලෙස ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබේ. 

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව තම ධූර කාලය ආරම්භ වන්නේ 2015 වසරේ ජනවාරි 09 වැනිදා නොව, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතිගත කෙරුණු 2015 වසරේ මැයි මස 19 වැනිදා බව සඳහන් කරමින් ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නව අර්ථ නිරූපණයක් ලබාගැනීමට බලාපොරොත්තු වූ බව පසුගිය සතියේදී වාර්තා විය. දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයේ සිට වසර පහක් දක්වා අඩු කෙරුණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ 2015 වසරේ ජනවාරි 09 වැනිදාය. 

පසුගිය වසරේදීද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙලෙස අර්ථ නිරූපණයක් ඉල්ලා සිටි අතර ශ්‍රේෂ්ඨාධිකරණය පිටු 12 න් සමන්විත තීන්දුවක් ලබාදෙමින් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6ක් බව ප්‍රකාශ කළේය. නීතිය හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විමසා බැලිය හැක්කේ එය පැනවීමට පෙර කාලයේදී පමණක් බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය. 

 


හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් අදාළ ඉල්ලීම සලකා බැලුණි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  නීතියක් බවට පත්ව ඇති බැවින්  එම සංශෝධනයේ වලංගුතාව හෝ එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලදැයි විමසා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිදු බලයක් නැතැයි එම විනිසුරු මඬුල්ල ප්‍රකාශ කළහ.

මේ අනුව නැවත වරක් අර්ථ නිරූපණයක් ඉල්ලා නොසිටීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.  
ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය සංචාරයේ නිරත වීමට පෙර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමඟ පළාත් සභා මැතිවරණය හා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. එමෙන්ම ඔහු මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්  සමඟ ද සාකච්ඡා කර ඇත.


සන්ඬේ ටයිම්ස් ඇසුරිනි 

 

(055)



අදහස් (4)

ජනපති - මැකෝ පළාත් සභා මැතිවරණය ගැන සාකච්ඡා

සේන Sunday, 14 July 2019 08:35 PM

මැකෝ ගැන නම් කියලා වැඩක් නැත. ඔහු විකටයෙකුමෙන් සිනාසී තම හිතැතිවුන් වෙනුවෙන් වංගු දමනු ඇත. රටට පුදුම අපලයකි. වගකීම් සහිතවුන් සියල්ලම හොරුත් සමඟ හිටගෙනය. රටේ සියලු ආයතන කපටි නරින්ගේ ඕනෑ එපාකම් මත සියල්ල කනපිට හරවමින් සිටී. ජනතාව ගේ ඉවසීම කොතැනකදි හෝ පුපුරා යනු ඇත.

:       0       149

ලසන්ත Monday, 15 July 2019 01:11 AM

මෙම වාර්තාවේ දැක්වෙන ලෙසට ජනාධිපතිගේ ධුර කාලය වසර 6 ක් නම් ජනාධිපතිවරණය පැවත්විය යුත්තේ 2020 වසර අවසානයේ කියලයි මට හිතෙන්නේ. කාලය අවුරුදු 5 ක් නම් මේ වසරේ පැවැත්විය යුතුය.

:       2       2

Amila Monday, 15 July 2019 01:58 AM

ඕන කොහොමහරි බලේ එල්ලිලා ඉන්න. නැත්තම් මොකෝ එක සැරේට ඒක මතක් වුනේ. අනික පාර්ලිමේන්තුවේන් මිසක් වෙන වෙන ඩයල් වලට ඕකට මොනවත් කරන්න බෑ. හැබයි ඔය පළාත් සභා ඡන්ද නම් ඔහොමම හිරවෙලා නැතිවෙලා යන එකමයි හොද. අනික ඔච්චර ඡන්දයක් තියන්න ඕන නම් ජනාධිපතිවරණය හෙට වුනත් කැදවන්න පුලුවන්නේ. මොකෝ මේ වටේ යන්නේ !දෝෂාභියෝගයක් ගෙනත් එලව්වේ නැත්තම් රට තව කනවා.

:       0       85

Bandula. Monday, 15 July 2019 03:58 AM

ඇයි අනේ ඡන්දෙ ඉල්ලන්නේ නැහැ කීව නේද එනකොටම, දැන් බය වෙලාද?

:       0       58

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1014 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1052 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site