(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව කටයුතු කිරීම සඳහා දැනට ගැටලුවක්ව ඇති පොහොට්ටු ලකුණ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.
ජනාධිපති නිල නිවසේ පැවති එම හමුව පැයකට අධික කාලයක් පැවති බව වාර්තාවේ.
ජනාධිපතිවරයාත් බැසිල් රාජපක්ෂ මහතාත් හැර වෙනත් කිසිවකුත් ඊට සහභාගි වී නැති බවද දැනගන්නට ඇත.
පොහොට්ටුවේ ලකුණු සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවත් එහෙත් අවසන් විසඳුමකට පැමිණ නැති බවත් වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා උනත් මෛත්‍රී උදව් කරන්නේ සජිත්ට.
මම ප්‍රාර්ථනා කළේ ඔහොම වෙන්නම තමයි.අනේ හොඳයි.
මේ රටට මහා විනාශයක් කළ මේ පුද්ගලයාට කෙදිනකවත් රාජපක්ෂලාගෙන් සමාවක් නොලැබෙනු ඇත.සජිත්ගේ අනුකම්පාව පමණක් ඔහුට අනිවාර්යෙන්ම ලැබෙනු ඇත.
එහෙනම් පොහොට්ටුවේ අවසානය තමයි.
මෙයාට ජනතාව නම් දැන් කැමැති නැහැ. එත් බලය අතහරින්න කැමති නැහැ .පුලුවන් නම් ඉල්ලන්න.
දෙවියන්ට " ස්තුති වෙමු "
අවලංගු කාසිය ෆුල් ට්‍රයි එක මොකක හරි එල්ලෙන්න. එල්ලගන්න කෙනා පරාජිතයා...
සීයට දහයක් අරයා ඉල්ලුවද දන්නේ නෑ..
වර්තමාන ජනාධිපතිවරයා දේශපාලන පක්ෂයකට තබා ගෙදරකටවත් වද්දා නොගත යුතු පුද්ගලයෙක් ලෙසයි මානම් දකින්නේ... රටට කිසිම සේවයක් නොකොට, දිවහැරෙන අතට කයිවාරු ගසමින්, නිකරුනේ කාලය කා දමමින් මේ රට විනාශයට රැගෙනගිය මොහුගෙන් මේ රටේ ජනතාවට සිදුවූ සේවය කුමක්ද? මැතිවරණයෙන් පරාජයට පත්වූ ජනතාව ප්‍රතික්ෂේප කළ හොරුරැල පාර්ලිමේන්තුවට ගෙනඑමින් සිදුකළ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව අප පිළිකුලෙන් යුතුව හෙලා දකිමු. දැනට ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් කොට ඇති අපේක්ෂකයින් හා සැසඳීමේදී, ඔවුන්ගේ කෙස් ගහක් තරමට වත් නොවටිනා මොහුව ලංකර ගැනීමම ඔවුන්ගේ මෙන්ම මේ රටේ විනාශයත් බව දේශපාලන පක්ෂ නායකයින් අවබෝධ කරගත යුතුයි. මොහු සමග සිටි තක්කඩි දේශපාලකයින් දේපළ ලංකර ගැනීම මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභය මහත්තුරුන්ට අපකීර්තියක් විනා කීර්තියක් නම් ගෙනදුන් බවක් අපට නොපෙනේ. අප්‍රේල් 21 ප්‍රහාරයේ ප්‍රධාන වගකිව යුත්තා, වත්මන් ජනාධිපතිවරයා බව අපි දනිමු.
දැම්මම තීන්දු අරන් කොහොමද? ගෝඨාට ඡන්දෙ ඉල්ලන්න බැරි උනොත්......
2015 සියලුම දෙනා නැවත එකට , සිතීමට යමක් ඇත
පොහොට්ටුව යන ලකුණ කියාගෙන ඉවත්වෙන්න හදන්නේ ඔතන ඉන්නවා මහින්දත් එක්ක එකතු වෙන්න බැරි හරියටම තුන් දෙනෙක්. එකෙක් රජරටින් ,අනෙක ඇතුගල් පුරෙන්, සහ අනෙක ඌවෙන්. ඒ අයට හෙටක් නැතිව මෙන්ම ශ්‍රීලනිපය වලට ඇද දමන්න හදන අය. මුන් ටික බර කොළපාටට තමයි. එහෙ ගියත් උන්ට හම්බවෙන්නේ කුස්සිය තමයි.
ලජ්ජා නැති ජනාධිපති.
රටේ ජනාධිපති ඇයි දෙයියනේ මේ තරම් රාජපක්ෂ ලාට බාල්දු වෙන්නේ
අඩි 6ක් යටට යවයි කියලා බයේද මේ? රටේ ජනාධිපති අැයි දෙයියනේ මේ තරම් බාල්දු වෙන්නේ?
රටේ ජනපති ඇයි මේ? ලැජ්ජයි දෙයියනේ...
ලැජ්ජයි ලැජ්ජයි රටේ ජනාධිපතිතුමනි, දෙයියනේ මේ තරම් රාජපක්ෂලාට බාල්දු වෙන්න...
මේ සාකච්ඡා කවදාවත් යහපත් කාටත් පිළිගතහැකි විසදුමකින් අවසාන වෙන ඒවා නොවන බව යලිත් වරක් පෙන්වා තිබෙනවා.
බැසිල් කියන්නේ පිටරටක පුරවැසියෙක් ... ඔහුගේ ගෙවල් ළමයි සේරම තියෙන්නේ ඇමෙරිකාවේ ... මෙහෙට ඇවිත් අපේ මිනිස්සු රවට්ටලා කියක් හරි හරි හම්බු කරගෙන මිනිහ මාරුවෙලා යනවා ... ඒක හින්ද මේ වගේ මිනිස්සු ගැන ජනතවා අවදියෙන් ඉන්න ඕනේ ....!!!
ගෝඨා දිනනවට කැමති නෑ.
වලවූ පැලැන්තියේ පක්ෂ පාට වලට පයින් ගසා මහජනතාව අවසන් වරට 15% ඡන්ද ප්‍රතිපලයක් ගෙන දුන් පැහැදිලි තීරණය ගැන බැසිල් හොද අවබෝධයකින් සිටීම පොහොට්ටුවේ ජයග්‍රහණයට හේතු වෙනු ඇති ...... තරුණ දුදරුවන්ගේ අනාගතය ....අව භාවිතා නොකරනතාක් කල් අපේ දෙරණේ සුබ සිද්දිය ලිය වෙනු ඇති.
දෙපාර්ශවයට එකතුවීමට සැබෑ උවමනාවක් ඇත්නම් කැප කිරීම් කිරීමට සුදානම් විය යුතුය.
බලය අත හරින්න කැමති නැති නිසා තමයි මහින්ද මහත්තයා රජ පුටුවෙන් බිමට වැටිලත් ආයෙමත් මන්ත්‍රී පුටුවට නැග්ගේ. ඊළඟ බලාපොරොත්තුව අගමැති පුටුව. බල තණ්හාව කියන්නේ ඔන්න ඕවට තමයි.
මෙයා ඉල්ලන්නේ අගමැතිකම,සෞඛ්‍යය ඇමතිකම ඉල්ලනවානම් එකතු වෙන්න පුළුවන්. ඡන්ද ඇත්තෙත් නැහැ. ඒ වුනාට කුට්ටියම ඉල්ලනවා.
අවලංගු කාසිය ලොකු උත්සාහයක් දරනවා මොකක හරි එල්ලෙන්න.එල්ලගන්න කෙනා පරාජිතයා.
ජනපති උදව් කරන්නේ සජිත්ට නම් ටෙලිකොම් එකට දෙයියන්ගේ පිහිට තමයි.මන්ද ජනපති සොයුරු වර්තමාන සභාපතිවරයාගේ පුටුව ආරක්ෂා කරගන්න සියලුම උත්සාහයන් දරන බව පේන්න තියෙනවා.සියලුම අපේක්ෂකයින් තරුණයන්ගේ ඡන්ද ගන්නයි උත්සාහ දරන්නේ..... තරුණ තරුණියන් ඡන්දය දෙන්න කලින් අපේක්ෂකයෝ ගැන දෙපාරක් හිතන්න.
රාජපක්ෂලා දිනලා ඉවරයි. ඒකයි එයාලා ඔය දැඩි ව තින්දුවක ඉන්නේ. 2015 වෙත් දිනලා ඉවරයි .ගණන් කරද්දී පරාදයි.ඒවගේ තමයි මේ පාරත්.ඉතින් ගරු ජනාධිපතිතුමනි ඉවසා දරා අපි ඉදිමු. අපි ඔබතුමා සමගයි.