IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


‘‘ජනපති බලයට එනවිට බලාපොරොත්තු වූ පරමාර්ථ සිව්වසරක් ගියත් ඉටුවී නෑ‘‘

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ) 
 
 ජනාධිපතිවරයා බලයට පැමිණ සිව්වැනි පදවි ප්‍රාප්තිය සැමරුව ද එදා බලාපොරොත්තු වූ උතුම් පරමාර්ථ මෙතෙක් ඉටු වී නැතැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය.

 
එම කාලය තුළ රටක් ලෙස ලෝකය දිනා ගැනීමට හැකි වුවත් ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුඩීන් වැනි අයගේ ඝාතනවලට හා මිග් යානා ගනුදෙනුවලට වගකිවයුත්තන්ට දඬුවම්දීමට නොහැකි වූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
 
එබැවින් ගතවූ කාලය දෙස ආපසු හැරී බැලීමේ දී හැට දෙලක්ෂයක ජනතා පැතුම් ඉටු නොවීම ගැන කණගාටුවක් දැනෙන බවද මන්ත්‍රීවරයා කීවේය.



අදහස් (10)

‘‘ජනපති බලයට එනවිට බලාපොරොත්තු වූ පරමාර්ථ සිව්වසරක් ගියත් ඉටුවී නෑ‘‘

wruna Tuesday, 08 January 2019 12:04 PM

සම්පුර්ණ ඇත්ත . ස්තුත්යි.

:       0       0

Bamunuarachchi Tuesday, 08 January 2019 01:35 PM

ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුඩීන් වැනි අයගේ ඝාතනවලට හේතුද රටේ සංවර්ධනයට රටේ රැකියා වැඩිකරන්න පුළුවන් වන්නේ...? එජාපයින් අමු මැට්ටෝ කියන්නේ කට කසනවට නොවේ. බලපන් රටට ආයෝජකයෝ ගෙන්න ගන්න ක්‍රම. රටේ අපනයනය වැඩිකර ගන්න ක්‍රම. ආයිත් වෝක්ස්වැගන් කාර් කර්මාන්තශාලා ගැන හිතන්න එපා. බැංකු කඩලා සල්ලි බෙදා ගන්නත් එපා. නුඹලාගේ වැඩවලින් සිටිය ආයෝජකයෝත් අකුලාගෙන ගියා...

:       0       0

Kumar Tuesday, 08 January 2019 05:29 PM

එක පරමාර්ථයක් නම් ඉටුවෙන්න ඇති. ඒ කියන්නේ මහජන වියදමින් ලෝකයේ සෑම රටකම සංචාරය කරන්න ඕනේ කියලා සිතුව එක...

:       0       0

Priya Tuesday, 08 January 2019 06:25 PM

ලැජ්ජා නැද්ද ඔහොම කියන්න...?

:       0       0

රජින්ද Wednesday, 09 January 2019 01:44 AM

මේ අනුවණ මන්ත්‍රීලා සිතන්නේ අපේ මිනිස්සු යහපාලන රංගනය ගැන කලකිරීමට පත්ව ඉන්නේ තාජුදීන්ගේ සහ ලසන්තගේ ඝාතනය ගැන හෙව්වේ නැති නිසා කියලද? ජනතා ඡන්දය අවභාවිත කරන ඔබලා නිසයි අපි කලකිරීමෙන් ඉන්නේ...

:       0       12

Don Wednesday, 09 January 2019 02:30 AM

කාට වුණත් දඬුවම් දෙන්න ඉස්සෙල්ලා, තියෙන චෝදනා උසාවියක සාධාරණ සැකයකින් තොරව ඔප්පුකරගන්න ඕනේ බව දන්නේ නැති අයද, එජාපෙ මන්ත්‍රීලා වෙලා ඉන්නේ? මේ අයට ඕනේ කරන්නේ තමන්ගේ විරුද්ධ වාදීන්ට මොකක් හරි චෝදනාවක් දමා දඬුවම් කිරීමටයි.

:       0       8

Don Wednesday, 09 January 2019 02:35 AM

කාට වුනත් දඬුවම් දෙන්න ඉස්සෙල්ලා තියෙන චෝදනා උසාවියකින් විභාග කර සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ යුතු බව නොදන්නා අයද එජාප මන්ත්‍රීලා වෙලා ඉන්නේ? මේ අයට ඕනේ තමන්ගේ විරුද්ධ වාදීන්ට මොකක් හෝ චෝදනාවක් කර දඬුවම් ලබා දෙන්නද?

:       0       8

tikiri Wednesday, 09 January 2019 09:40 AM

එජාපයේ නායකත්වය ඔයාලවත් රවට්ටලා, ඡන්ද දායකයොත් රවට්ටලා ජනාධිපතිවත් රැවට්ටුවා. ඒකයි අපි හැමෝගෙම බලාපොරොත්තු කඩවුණේ ඔයාලා තව ටිකක් සද්ද නැතිව බලාගෙන ඉන්න තේරෙයි මොකද වුනේ කියලා. නිකම් බොරුවට කෑගහලා මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා...

:       0       4

kiribanda Wednesday, 09 January 2019 10:09 AM

තුෂාර ළමයෝ, ඔය ගොල්ලන් තජුඩීන් ගෙයි, වසීම් ගෙයි, ලසන්ත ගෙයි, මරණ ගැන කියකියා අපිව රවටන්න හැදුවට ඔයාල චූටි කාලේ ඔයාලගේ අය රට විනාශ කිරීමට විරුද්ධ වුණු රටේ සුප්‍රසිද්ධ ජනමාධ්‍යවේදීන්, නළු නිළියන්, ගායක ගායිකාවන්, කලාකරුවන්, දේශපාලන නායකයින්, ආගමික නායකයින්, හමුදා ප්‍රධානින් වගේම රටේ අහිංසක තරුණ තරුණියන් අමුඅමුවේ මරලා, ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කළා අපි දැක්කා... මිග්යානා ගනුදෙනුවක් ගැන කියලා අපිව රවටලා අපේ ඡන්ද ටික අරගෙන බලයට ඇවිල්ලා ප්‍රසිද්ධියේ මහා පරිමාණයෙන් මංකොල්ල කනවත් අපි බලාගෙන හිටියා. ඉතින් දරුවෝ, නිකම් පරණ බොරු කියලා නම සවුත්තු කරගන්නේ නැතුව, අලුත් ඒවා ටිකක් රචනා කරලා දෙන්න කියලා ඔයාලගේ මහතැන්වලට කියන්න.

:       0       12

Bandula. Wednesday, 09 January 2019 10:14 AM

අනේ එතකොට අර බැඳුම්කරේ වගේ පොඩි ඒවටත් තාම මොකුත් වුනේ නැහැ නේද? එ්ක අමතක වුණාද, නැත්නම් මඟහැරියද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site