IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘ජනපති බලතල අනුව අගමැති තනතුර වෙනස් කළ හැකියි’

හර්ෂණ තුෂාර සිල්වා

 

රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හා තමන් වෙත පැවරී තිබෙන බලතල අනුව අග්‍රාමාත්‍යවරයා පත් කිරීම සිදු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත.

 

ශ්‍රී ලංකාවේ සිටින මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් හමුවෙමින් ජනාධිපතිවරයා එම කරුණු සඳහන් කර තිබේ.

 

නව ආණ්ඩුව නොබැඳි පිළිවෙත අනුගමනය කරමින් සෑම රටක් සමඟම ශක්තිමත් සබඳතා පවත්වාගෙන යන බවත් ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා සෑම රටකම සහයෝගය බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

 

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30) පස්වරුවේ පැවැති මෙම හමුවට තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් 40කට ආසන්න පිරිසක් සහභාගී වූ බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කළේය. 

 

රටේ මහජනතාවගෙන් සියයට 70ත් 75ත් අතර පිරිසක් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතුය යන මතයේ සිටින බවත් ජනතාවගේ හද ගැස්ම හඳුනා ගනිමින් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමේ තීරණය ගත් බවත් ජනාධිපතිවරයා මෙහිදි තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් හමුවේ පවසා ඇති බවත් එම ආරංචි මාර්ගවලින් කියැවිණි. 

 

ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස, සාමය සහ සියලු ජාතීන් අතර සහජීවනය තවදුරටත් තහවුරු කරමින් ශක්තිමත්ව ඉදිරියට යෑම බලාපොරොත්තුව බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදි තවදුරටත් සඳහන් කර ඇත. 

 

 

 



අදහස් (8)

‘ජනපති බලතල අනුව අගමැති තනතුර වෙනස් කළ හැකියි’

sandy Tuesday, 30 October 2018 01:01 PM

ජේ.ආර්.ගේ බහු බූත ව්‍යවස්ථාවට පුළුවන්ද?

:       0       0

abey Tuesday, 30 October 2018 02:52 PM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එසේ කල හැකියි. ඒ නිසයි කියන්නේ අපේ රටට පූර්ණ විධායක බලය ඇති ජනපති කෙනෙක් හෝ රජෙක් අවශ්‍ය බව.

:       433       1462

vidya Tuesday, 30 October 2018 07:08 PM

ජනාදිපතිතුමා, සදාචාරය කියලා එකක් තියනවා නේද? නීති රීති තියෙන්න පුළුවන්. ලංකාවේ මිනිසුන්ට සාකච්චා කරලා ඕනෑම දෙයක් විසඳන්න පුළුවන්. මිනිස්සු පාර්ශව වලට බෙදිලා ඇන කොටා ගෙන ජීවිත හානි කර ගත්තොත් මොන අපරාදයක්ද? යහ ජීවනය, යහ පාලනය පොඩි දරුවන්ට කියා දෙන්න හොඳ අවස්ථාව මෙයයි. පාර්ලිමේන්තුව රැස් කරලා සමාදානයෙන් වාද විවාද කරලා. මෙම ව්‍යසනය නවත්වන්න පියවර ගන්න.

:       632       985

Nishantha Wednesday, 31 October 2018 12:27 AM

මේවා දකින්න සෝභිත හාමුදුරුවෝ හිටියා නම් මොනවා වෙයිද?

:       0       0

Nishantha Wednesday, 31 October 2018 12:28 AM

මේවා දකින්න සොභීත හාමුදුරුවෝ හිටියා නම් මොනවා වෙයිද? 

:       0       0

Lakmal Wednesday, 31 October 2018 01:00 AM

2020 ඔබතුමාව වෙනස් කරනවාමයි....

:       0       0

rocky Wednesday, 31 October 2018 03:05 AM

කවුරු අගමැති වුනත් අපට කමක් නැහැ. එ්ත් එ්කට සුදුසු නියම පිළිවෙලක් තියනවා. පාර්ලිමේන්තුවෙන් පිටතදී ඔබතුමාගේ හිතුමනාපය අනුව මෙසේ කරපු එක වැරදියි කියලයි අපේ අදහස... රටේ ඇති වෙන කැළඹිලිවලට, මේ අවුල් ජාලයට සම්පූර්ණ වගකීම බාරගන්න වෙන්නේ ඔබතුමාටයි.

:       0       0

hemantha Wednesday, 31 October 2018 06:53 AM

රටේ ජනතාවගෙන් 100% විශ්වාස කරනවා.. ජනාධිපති තනතුරට නුසුදුසුයි කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31141 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13275 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10954 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 887 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site