ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(20) බම්බලපිටිය සිරි වජිරාරාම විහාරයට ගොස්, අමරපුර ශ‍්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහා නායක බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති ශාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහා නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
වජිරාරාම දහම්පාසලේ ඉගෙනුම ලබන සිසු දරුදැරියන් ද හමු වූ ජනාධිපතිවරයා ඔවුන් සමග සුහද කතාබහක ද යෙදුනේය.
බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය වැලිගෙපොල සීලවංශ, නාරද බෞද්ධ ධර්මායතනාධිකාරී ශාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති යන ස්වාමින් වහන්සේලා ද සුසිල් පේ‍්‍රමජයන්ත, තිලංග සුමතිපාල ඇතුළු මැතිඇමතිවරු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු රටම සතුටින් සිටින කාලයක බලන්න මේ ළමයි සියලු දෙනා ඒ බව ජනාධිපතිතුමාට ඔප්පු කරලා පන්නපු හැටි හරිම ලස්සනයි.