IMG-LOGO

‘‘ජනපති ජාතිය ඇමතීමේන් සිදු වුණේ අසමත්කම ප්‍රදර්ශනය වීමයි‘‘

(අංජුල මහික වීරරත්න)

දුෂ්කර කාලයේ දී ජනතාව නායකත්වය සහ අනාගතය ගැන බලාපොරොත්තුවක් ජනාධිපතිවරයාගෙන් අපේක්ෂා කරන අතර ජනාධිපතිවරයා තම අඩුපාඩුකම් වසා ගැනීමට ජනතාවට දොස් පවරමින් අවාසනාවන්ත ලෙස අසමත් බව ප්‍රදර්ශනය කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපතිවරයා ජාතිය ඇමතීමේ දේශනයෙන් කළේ ජනතා ප්‍රශ්න විසඳීම නොව අසමත්කම වසා ගැනීම සඳහා කරුණු ඉදිරිපත් කිරීම වුවත් ඇත්තටම සිදු වුයේ  අසමත්කම යළි ප්‍රදර්ශනය වීම යැයි ද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි .

කොරෝනා වසංගතය නිසා වර්ධනය වන තර්ජන, කඩා වැටෙන ආර්ථිකය, පොහොර හිඟය, පාසල් අධ්‍යාපනයට ඇති බාධා සහ ජීවන වියදම ඉහළ යාම ඇතුළු රටෙි ගැටලු රාශියක් පැනනැගී තිබුනත් ජනාධිපතිවරයා මේ කිසිදු කරුණක් ගැන කතා කළේ නැති බවද එක්සත් ජාතික පක්ෂය කියයි.

 



අදහස් (9)

‘‘ජනපති ජාතිය ඇමතීමේන් සිදු වුණේ අසමත්කම ප්‍රදර්ශනය වීමයි‘‘

Raveendra Sunday, 27 June 2021 05:17 PM

පැරණි කියමනක් තිබෙනවා "අනුන් ගැන හොයනවට වඩා තමන්ගේ මුහුණ පුරා ගෑවිලා තිබෙන අසුචි ගොඩ හොදාගනිව්" යන්න. අප රටේ දේශපාලුවන් සැමටම මෙම අදහස් කියවීමට හැකිවේවා. විශේෂයෙන් දියවන්නාව පට්ටියේ 225ම කිසිඳු වෙනසකින් තොරව මෙම අදහස් කියවීමට හැකිවේවා.. අනුන් පාස්ද? ෆේල්ද බලන්න පෙර නුඹලා පාස්ද බොලව්..? අපට නම් "225 ම" ෆේල්ය..

:       183       670

ගිජුලිහිණි සංදේශය Sunday, 27 June 2021 05:34 PM

නන්දෙ ඔබට කළහැකිව තිබූ (නොකළ) කතාව.., රටවැසියනි, මට වැරදුණා ..! මම පවුලේ අයට සලකන්න ගිහින් වැඩේ අල කරගත්තා.. ඔවුන් දැන් මාව අල්ලේ නටවනවා. මම මා සතු අසීමිත රාජ්‍ය බලය රට දියුණු කිරීමට නොව සන්හරේ දියුණුවට යෙදෙව්වා මම නුසුදුස්සන් ඉහළ තණතුරුවලට පත්කළා.. මම කොරෝනා මර්දනය අනාගත්තා.. මම ජනමාධ්‍ය මර්ධනය කිරීමට උත්සාහ කළා මම නීතිය නැව්වා කිහිපවරක්, මිනීමරුවන් නිදහස් කළා මට සමාවෙයල්ලා..! මට හෘද සාක්ෂියක් තිබෙන අතර මම බෞද්ධයෙකු ලෙස කර්මය තවමත් විශ්වාස කරනවා මම අදින් පසු ඉහත කී සියලු වැරදි නිවැරදි කරන්නට දිවුරා පොරොන්දු වෙනවා.. බෝ ගහකට පන්සලකට නොව.. මා වෙත විශ්වාසය තැබූ අතිමහත් බහුතර දුගී දුප්පත් අහිංසක ජනතාවට.. තෙරුවන් සරණයි...!!! 

:       754       1001

Sri Lanka Sunday, 27 June 2021 06:23 PM

පිනට පාර්ලිමේන්තු ආපු රනිල් අසමත්...

:       0       0

Kule Sunday, 27 June 2021 06:31 PM

2015- 2020 රටේ ආර්ථිකය -3.5 ගෙනාපු අයද කොරෝනා වසංගතයත් සමග රටේ ජනතාවත් රටේ ආර්ථිකයත් , කලමණාකරණය කරගෙන ඉදිරියට යන්නේ සමත් නිසයි... මේ වසංගත කිසිත් නැතිව රටේ ආර්ථිකය -3.5ට ගෙනාවේ දක්ෂකම නිසාද?

:       394       567

nimal Sunday, 27 June 2021 06:59 PM

ජනාධිපතිවරයාට කිසිවකු හෝ සකස් කරන ලද ප්‍රකාශයක් කළ බව පෙනෙන්නට තිබේ. එම ප්‍රකාශය ජනතාවට ඉදිරිපත් කිරීමට පෙර ඔහු කිව්වද කියා දන්නේ ඔහුය. රටට කියවීමට පෙර එම ප්‍රකාශය ඔහු විසින් ඔහුටම කියව නිවැරදිව වටහා ගත්තෙද ? ඔහු කියවූ නමුත් එම ප්‍රකාශයේ අන්තර්ගතය ඔහුට නොතේරුණිද? නොඑසේනම් ඔහුගේ අතට පත්කළ කතාව පසුව වෙනස් ප්‍රකාශයක් කළේද කියා දන්නෙත් ඔහුම පමණි...

:       271       337

Rohana Sunday, 27 June 2021 07:18 PM

මෙතෙක් මේ රට පාලනය කළ සෑම පාලකයෙක්ම බලය ලබාගැනීම සඳහා පමණක් රට දියුණුකරන බවට දහසක් පොරොන්දු දෙනවා. නමුත් බලය ලබාගත් පසු ඒ පොරොන්දු අමතක කර දහසක් අපහසුතා පමණක් ජනතාවට කියමින් රට ගොඩනැගීම අමතක කරනවා. වසර 73 ක් තිස්සේ මේ සෙල්ලම ගෙනයමින් තමතමන් ගේ පුද්ගලික අරමුණු ඉටුකරගැනීමට පමණක් බලය යොදාගන්නවා. අප හැමදාම ආපස්සට ගමන්කරන්නේ මේ වැඩ නිසයි.

:       18       120

Bishan Sunday, 27 June 2021 07:32 PM

කැහි ගෑනි එළවලා හොටු ගෑනි ගත්තා වගේ වැඩක් තමයි අපිට වුනේ. නැද්ද කියන්නේ...?

:       245       502

Sam sam Sunday, 27 June 2021 07:38 PM

නොගැලපෙන කතාවක්නේ ජනාධිපති කරලා තියෙන්නේ. ඒකනේ ගවපාලනේ අයට මලපැනලා තියෙන්නේ... .

:       311       405

de silva Monday, 28 June 2021 11:43 AM

මේ රටට මොනවගේ දෙයක් වෙන්න යනවද මන්දා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site