අජන්ත කුමාර අගලකඩ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෛනික නිල සංචාරයක් සඳහා ලබන සිකුරාදා (2) චීනය බලා පිටත්ව යාමට නියමිතව සිටියද එම සංචාරය හදිසියේම අවලංගු කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
නව ආණ්ඩුව පිහිටුවීම සහ දැනට උද්ගතව ඇති දේශපාලන වාතාවරණය සැලකිල්ලට ගනිමින්, ජනාධිපතිවරයා මෙම ගමන අවලංගු කර ඇති බව ආරංචි මාර්ග වලින් පැවසේ.
චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තෙදින නිල සංචාරයක් සඳහා ලබන සිකුරාදා චීනය බලා පිටත්ව යාමට නියමිතව සිටියේය.

COMMENTS
පහුගිය දවස්වල "දෛනික" විදේශ සංචාර තිබුණු බව නම් ඇත්තයි..
චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ ආරාධනයට යන්නේ නැත්නම් පින් පොන්ව යවමු.
ගිහින් එනකොට, නව අගමැති අලුත් ජනාධිපති කෙනෙක් පත්කරලා තියෙයි කියල බය හිතෙන්ට ඇති.
අකිලගේ කතාව ඇත්ත. ඒ වගේ දෙයක්නේ මේ උනෙත්...
කොහොමත් යන්න තැනක් හොයාගෙන තියාගන්න එක හොඳයි.