නිමන්ති රණසිංහ
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරිමට සැලසුම් කරන ලදැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඉන්දීය ජාතික මර්සලීන් තෝමස් සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා යන අයවලුන් ලබන 11 වැනි දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
එසේම පළමු සැකකරු වු ඉන්දියන් ජාතිකයා අංගොඩ මානසික රෝහල වෙත ඉදිරිපත් කර මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියෝග කෙරිණි.
දෙවැනි සැකකරු හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සම්බන්ධයෙන් ඇප නියෝගය ලබන 11 වැනි දා නිකුත් කරන බවට ද අධිකරණය දැනුම් දෙනු ලැබීය.
ඡායාරූප - ළහිරු හර්ෂණ



(හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා බන්ධනාගාරයට රැගෙන ආ අයුරු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ බදු සල්ලි නේද?...මෙයාලව රිමාන්ඩ් එකේ තියාගන්න වියදම් වෙන්නේ කියල හිතෙද්දි හිතට මහා දුකක් දැනෙනවා බුදු හාමුදුරුවනේ. අපිට, අපේ රටට කිසිම සරණක් නැති වුනා. අපි එක මවකගේ දරුවෝ බුදු හාමුදුරුවනේ. මගේ රටට වැඩම කර.. මගේ රට සමගි කර දෙනුමැනවි...
හෙන ගහවි ලබන සුමානේ...