(බිඟුන් මේනක ගමගේ)
ජනාධිපති අපේක්ෂකයන් 35 දෙනා අතරින් අපේක්ෂකයන් හයදෙනෙකු මේ වනතුරු තම වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාවට භාරදී නැතැයි එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද(24) ‘ලංකාදීප’ යට පැවැසීය.
නියමිත කාල සීමාව තුළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන ජනාධිපති අපේක්ෂකයින් සඳහා නඩු පැවරීමට මැතිවරණ කොමිසම කටයුතු කරන්නේ යැයි ද මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
මෙම අපේක්ෂකයින් අතරින් අපේක්ෂයෙකු පිළිගත් දේශපාල පක්ෂයක් නියෝජනය කරන අයෙකු යැයි ද අනිකුත් අපේක්ෂකයින් පස් දෙනා ස්වාධීන අපේකෂකයින් ලෙස නාමයෝජනා ලබාදී ඇතැයි ද සභාපතිවරයා කීවේය.
ජනාධිපතිවරණයට නාමයෝජනා ලබාදෙන අපේකෂකයකුට වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට මාස 3ක කාලයක් ලබාදී ඇතැයි ද මැතිවරණ නීතියට අනුව ජයග්‍රහණය කරන අපේක්ෂකයා දිවුරුම්දීමට ප්‍රථම වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු යැයි ද දේශප්‍රිය මහතා පැවසීය.
පරාජය වුවහොත් 2020 ජනවාරි 06 වැනිදාට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු යැයි ද කී හෙතෙම මේ බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් අපේක්ෂකයන් හය දෙනාට ලිපි යොමු කළේ යැයි ද පැවසීය.
කෙසේවෙතත් වත්කම් බැරකම් ප්‍රකාශ මෙතෙක් ලබා නොදුන් අපේක්ෂකයන්ගේ නම් හෙළි කළ නොහැකි යැයි ද මහින්ද දේශප්‍රිය මහතා කීය.
නාමයෝජනා ලබාදෙන විටම වත්කම් බැරකම් ප්‍රකාශ ද ලබා දී එම ප්‍රකාශ සිය නිල වෙබ් අඩවි මගින් ජනතාවට දැකගත හැකි සේ ප්‍රසිද්ධිය පත්කරන්නැයි මැතිවරණ කොමිසම සියලු අපේක්ෂකයන්ගෙන් මීට පෙර ඉල්ලා සිටියේ යැයි ද මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොනල්ඩ් ට්‍රම්ප් තාම දීලා නෑ.
නම් කියන්නේ නැත්තේ බයටද ? ඔය නීතිය වෙනස් කරන්න ඕන. නාමයෝජනා බාරදෙන විට අනිවාර්යෙන්ම වත්කම් ප්‍රකාශනයත් බාරදෙන විදියට. මහ මැතිවරණයටත් එසේම බලපාන ලෙස.....
"පිළිගත් දේශපාලන පක්ෂයක් නියෝජනය කරන" කෙනාට නම් ගණන් කරගන්න බැරි තරම් වස්තුව ඇති. ඒකයි ප්‍රමාද...
ඔය ප්‍රශ්නය එන්නේ සාටක අපේක්ෂකයාටම තමයි ...පොඩි සල්ලියක්ද පාලන කාලයේදී සොයාගෙන තිබෙන්නේ ...
විදේශීය පුරවැසියෙකුට විදේශ රටක වත්කම් පෙන්නුවේ නැති වුනාට කමක් නෑ. අපේ ඉහල රජයේ නිලධාරීන්ට රාජපක්ෂ භීතිකාව තවම තියෙන නිසා රාජපක්ෂලාට නීතිය අදාලම නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විදේශීය පුරවැසිකම පරික්ෂා කිරිල්ල, ලියකියවිලි නැති ද්විත්ව පුරවැසි සහතික, හැඳුනුම්පත්, පාස්පෝර්ට් ඉහල උසාවියකට උනත් අවුලක් නෑ. පවුලේ නිතිය ඉහලින්, රටේ සමාන්‍ය නීතියට වඩා. ඕක තමා නොවැම්බර් 16 න් පස්සේ නැවත වරක් පටන්ගන්නේ. ධම්මික පෙරේරා
මොනවා බාරදෙන්නද "මැකෝ" එදා වේලත් බොහොම අමාරුවෙන් හොයාගන්න ,සිනි ටික අල්ලට අරගෙන කහට ටිකක් පොල් කට්ටකට වක්කරගෙන බිල බොහොම අමාරුවෙන් ජිවිතේ ගත කරන ගමන්නේ මේ මහජන සේවයට පැමිණිල තියෙන්නේ ඔය ඇවිල්ල ඉන්න හැමෝම... බොරුද බලන්න කෝ බඩ පිටකොන්දටම ඇලිල කන්න නැතිව මැලේරියා හැදුනු මිනිස්සු වගේ...එහෙමයි තම උපන් රටට සේවය කරන්න මේ නිවට හිඟන්නෝ ඇවිත් තියෙන්න එනිසා "මැකෝ " විසින් මේ දුප්පත් අපේක්ෂකයන්ගේ ආත්ම ගරුත්වය කෙලසන විදියට මෙන්ම එ අහිංසකයනට නැති වත්කම් ගැන විමසා ඒ අයව හෑල්ලුවට පත් කරන එක අප තරයේ හෙලා දකින්නෙමු.හෙටම අපි අන්තරේ ඉන්න හිඟන්නන්ට කසිප්පු ටිකක් කුඩු ටිකක්, ගංජා ටිකක් දීලා පාරට බස්සල මහා උද්ෙඝා්ෂණයක් කරනවා" මැකෝ" විසින් තරගකරුවන්ගේ ආත්මගරුත්වය කෙලසනවිදියේ ඉල්ලීම් කර ඇති බැවින් වහාම "මැකෝ " 88/89 වකවානුවේ වගේ බෙල්ලේ බෝඩ් එකක් එල්ලගන්න ඕනේ මම කිසිවිට අහිංසකයන්ගෙන් වත්කම් බැරකම් පිළිබදව "නො අසමි" ලෙස ලියා " කෙහෙල් මල් කුලුන" උඩටම නැඟල හොදේ..
නාමයෝජනා විධිමත්ම බාරදෙන්න බැරී මේ මිනිස්සු කොහොමද රටේ නායකයෙක් වෙන්න
ඔය ප්‍රකාශන බාර නොදීමේ ඇත්තම හේතුව මේකයි. මේ හාදයෝ දැන් ඕක දුන්නොත් අනාගතේදී හොයා ගන්න වස්තු කන්දරාව හොයා ගත්තේ කොහොමද කියල අල්ලස් කොමිසම කචල් දාන කොට කියන්න දෙයක් නැතුව යනවා. ඒ හින්ද මේ අය දැන් ගණන් බලනවා අනාගතේදී කොන්ත්‍රාත්, ටෙන්ඩර්, පර්මිට් ආදී සියලුම මාර්ගවලින් හම්බ කර ගත හැකි වස්තු සම්භාර කොපමණ විය හැකිද කියල. ඒ වස්තුව දැන් අතේ තියෙන විදිහට ප්‍රකාශනය හදල දුන්නහම අනාගතේදී අල්ලස් කොමිසමට නෝ කතා, නෝ සිනා.
අපේ පැත්තේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් ඉන්නවා. කලින් බිස්නස් කරලා ලොස්ට් වෙලා ගෙයි ඉඩමයි දෙකත් නැති උනා. පස්සේ කුලියට හිටියේ. දැන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී උනාට පස්සේ තට්ටු දෙකේ ගෙයක් එක්ක අක්කර පහක ඉඩමකුයි හොද වාහනෙකුයි අරන් ගම්පහ පැත්තේ හොටලේකුත් සල්ලි වලට අරන් ඉන්නේ. තව මොන මොන වත්කම් තියෙනවද දන්නේ නැහැ.
ඇයි මහජන සුබසිද්ධිය සහ දේපල ආරක්ෂා කරන විදිහට නීති වෙනස් කරන්න මහජන නියෝජිතයන් උනන්දු නොවන්නේ? ඔවුන්ට නැවත ඡන්දය නොදෙමු...