IMG-LOGO

‘ජනපති-අගමැති පක්‍ෂ දෙකක ඉඳගෙන කටයුතු කරන්න බැහැ’

(නාලක සංජීව දහනායක)

ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමඟ මහා මැතිවරණයක් පැවැත්වීම වඩාත් සුදුසු යැයි විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා නාරාහේන්පිට අභයාරාමයේ දී  අද (18) පැවසීය.

මේ මොහොතේදී මහජන මතයට ගරු කරමින් ජනාධිපතිධූරය හා අගමැතිධූරය එකම පක්‍ෂයකට ලබාදීමට කටයුතු කළ යුතු යැයිද ඔහු කීය.

විපක්‍ෂනායකවරයාගේ 74 වැනි ඡන්ම දිනය නිමිත්තෙන් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී පැවැති කිරි අම්මාවරුන් 110 දෙනෙකු සඳහා අද (18) පැවැති දානමය පිංකමින් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එම දානමය පිංකමින් පසුව මහා සංඝරත්නය විපක්‍ෂනායකවරයාට පිරිත් සජ්ඡායනා කරමින් ආශීර්වාද කළහ.

එහිදී විපක්‍ෂනායකවරයා මෙසේද පැවැසීය.

"තවම තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයගේ ආණ්ඩුව. දැන් ඒ ආණ්ඩුවෙන් බාගයක් විතර අස්වෙලා. කවුරු වුනත් ජනතා මතයට ගරු කරන්න ඕන. අපිට අවශ්‍ය ජයග්‍රහණය කරන්නයි. මොකද වෙන්නේ කියල බලාගෙන ඉන්නවා.

ජනාධිපතිවර ජයග්‍රහණයත් සමගම මේ වෙලාවේ මහා මැතිවරණයක් පවත්වනවා නම් වඩාත් සුදුසුයැයි මම විශ්වාස කරනවා. කොහොම වුණත් එක්සත් ජාතික පක්‍ෂයත් සමඟ සාකච්ඡා කරලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ජනාධිපති එක පක්‍ෂයකත් අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය තවත් පක්‍ෂයකත් ඉදගෙන කටයුතු කරන්න බැහැ. මේ වෙලාවේදී මහජන මතයට ගරු කළ යුතුයි" යැයි ද ඔහු සඳහන් කළේය.



අදහස් (20)

‘ජනපති-අගමැති පක්‍ෂ දෙකක ඉඳගෙන කටයුතු කරන්න බැහැ’

nisar Monday, 18 November 2019 12:00 PM

වෙනස සැපද කියලා තේරුම් ගන්න මහජනයාට කාලයක් ලබා දිය යුතුයි..

:       379       414

gamarala Monday, 18 November 2019 12:09 PM

පහුගිය වකවානුවේ අපි හොඳට අත්දුටුවනේ මේකේ ප්‍රථිඵලය. එකඟතාවයක් නොතිබුණොත් රට ගොඩගැනීම අමාරු වේවි...!!! 

:       23       50

MaheeTuesday, 19 November 2019 07:59 AM

ඔව් ඔව්, වෙනස් පක්ෂ දෙකක දෙන්නෙක් ලොක්කෝ දෙන්න බවට පත්වුනහම සිද්ධවෙන අලකලංචිය අපි දැක්කා. ඇයි එහෙම වුනේ හිතන්න. බලතල බෙදා ගන්න ගිහින් නේද? බැරි වෙලාවත් ලොක්කෝ දෙන්න එකම පක්ෂේ දෙන්නෙක්ම වුනත් ඔය වැඩේ සිද්ධ වෙන්න බැරි කමක් නැහැ නේද? අර 19 වැනි ව්‍යවස්ථාව සමාලෝචනය කරන කතාව මට ඇල්ලුවේ නෑ.

:       0       4

sirimal Monday, 18 November 2019 12:12 PM

මේ උණුඋණුවේ මැතිවරණයකට ගියොත් තුනෙන් දෙකක බලය ලැබෙනවා අනිවාර්යයි. ඊටපස්සේ ඉතින් කරන්න ඕනෑදේ ඔබතුමාට අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. මේ ජයග්‍රහණයේ උණුසුම යන්නත් කලින් හිරේ විලංගුවේ වැටිලා ඉන්න කට්ටිය ගැන හොයලා බලන්න ගියොත් හරි, දැනට ඔය ගොඩ ගැහිලා තියෙන සිහිවටන ගැන, අහස්යාත්‍රා ගත්ත ඒවා ගැන, මුහුදේ තිබ්බ නැව්වල තිබුණු ආයුධ ගැන, මුදල් විසුද්ධිකරණය ගැන, අතුරුදහන් කිරීම් ගැන, බලය අවභාවිතා කිරීම් ගැන තියෙන නඩුහබ වාෂ්ප කරන්න එහෙම ගියොත් නම් ඔන්න වැඩේ වරදින එක ෂුවර් මහත්තයෝ... අර පොරොන්දු පත්තරයේ කවුරු හරි කමක් නැහැ ලියල තිබ්බ ආකාරයට "රටේ දැනට තියෙන දැවෙන ප්‍රශ්න" නිරාකරණය කිරීමට කඩිනම් පියවර ගන්න බවක් පෙන්නුම් කරන සීනි බෝල ටිකක් එහාට මෙහාට විසි කරලා දැම්මොත් නම් ඔන්න අර කලින් කිව්ව ඒවාට අත තිබ්බට කවුරුවත් කෙඳිරි ගාන එකක් නැහැ. ඒවා කළා කියලා මහජනතාවට ආරංචි වෙන්න තියෙන අඩුපාඩු වහලා දාන්නත් ක්‍රම හා විධි ඕනෑතරම් තියෙනවනේ. ඔය නඩුහබ වලට නම ගෑවිලා ඉන්න අය හරි, දැන් ඔය පිටරට ඉන්න අය හරි.... ගන්න නම් එපා.

:       26       414

naushiTuesday, 19 November 2019 04:00 AM

සිරිමල් මහත්මය කියපු දේ සියයට සීයක් ඇත්ත. ඔය හදිස්සිය ඔක්කොම යටගහගන්ඩ.

:       0       33

MaheeTuesday, 19 November 2019 07:47 AM

සිරිමල්ගේ ඒ වචන ටිකට මම එහෙම පිටින්ම එකඟයි. හැබැයි ලංකර ගන්න ගොයියලා දිහා බලපුවහම ටිකක බයත් නොහිතෙනවම නොවෙයි.

:       0       48

sirimalTuesday, 19 November 2019 09:29 AM

මැතිවරණයේදී කන පැලෙන්න කතා පවත්වපු නිසා ඇමතිකම් එහෙම දුන්නොත් වැඩිය ජනප්‍රිය වෙන එකක් නැහැ. මංගල කතාවේදී වියත් මඟට එහෙම පින් දුන්නානේ. අර " හිට්ලර් කෙනෙක් වෙලා හරි රට හදන්න" කියපු අයට වැඩිය වියත්මග වේදිකාවේ හිටිය කට්ටිය දැන් දෙන උපදෙස් පිළිපැද්දොත් හොඳයි.

:       0       0

රජින්ද Monday, 18 November 2019 12:18 PM

අනෙකුත් සියලුම පක්‍ෂ බයයි.. දැන්ම මහමැතිවරණයකට යන්න. ඊට හේතුව ඔවුන් කැමති නැහැ ශක්තිමත් ආණ්ඩුවක් හැදෙනවට. විශේෂයෙන්ම සුළුජාතික පක්‍ෂ. ඒ නිසා ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් දකුණේ ප්‍රතාපවත් සිංහල ඡන්දවලින් උගත්, බුද්ධිමත් අලුත් මොළ ටිකක් පාර්ලිමේන්තුවට යවන්න... අපට ඉදිරිපත් කරන්න කියා නැවත නැවතත් අපේ ජනාධිපතිතුමන්ගෙන් අපි ඉල්ලා සිටිනවා.

:       421       867

Rata Perata Monday, 18 November 2019 12:41 PM

බළලා ටික ටික මල්ලෙන් එලියට එනවා වගේ. ඔහොම යන් ඔහොම යන්.

:       28       224

suranjith Monday, 18 November 2019 12:44 PM

කේජු කෑල්ල ලැබෙනකම් මම බලා සිටිමි

:       17       55

sena Monday, 18 November 2019 01:00 PM

ඉක්මන් මැතිවරණයකට ගිහින් විතරක් මදි දුෂණ චෝදනා තියෙන උදවියට කොච්චර ජනප්‍රිය උනත් නාම යෝජනා නොදිය යුතු එහෙම උනොත් රටට වැඩක් වේවි.

:       1       100

Chanak los angelesMonday, 18 November 2019 05:51 PM

ඒකට සුදුසු කෙනෙක් ඔය කණ්ඩායමේ ඉන්නවාද ? ඒ කව්ද ?

:       0       11

ChathuriMonday, 18 November 2019 06:22 PM

එහෙමනම් මේ දෙන්නට තමයි කාටත් කලින් ගෙදර යන්න වෙන්නේ බලමුකෝ නිතිය කාටත් එකසේ පොදු කරනවා කිව්වනේ , මහින්ද දැන් කාවද උසි ගන්වන්නේ විමල් ට කියලා.

:       0       10

MaheeTuesday, 19 November 2019 07:52 AM

සේන, බලාගෙන ඔහොම කියන්නේ. අන්තිමට අපේක්ෂකයෝ හොයාගන්න බැරිවෙන්න ඉඩ තියෙනවා. අපේ මැතිවරණ නීතිය අනුව පිට රටින් අපේක්ෂකයෝ ගෙන්නත් බැහැ නොවැ.

:       0       0

dharma Monday, 18 November 2019 01:20 PM

ඔයාලට බැරි සුදුසු අය නැති හින්දා, කවදාවත් හිටියෙත් නැහැ.

:       44       51

saliya Monday, 18 November 2019 02:20 PM

ජාති ආලෙන් උපරිමයටම මුසපත් වෙලා අපි ඉන්නේ... 2/3 බලය දෙනවා දෙනවා මයි. තියන්න ඡන්දේ...

:       53       76

chandana Monday, 18 November 2019 05:14 PM

3/2 කොහොමත් ලැබෙන්නේ නැහැ.

:       0       3

Nimal Monday, 18 November 2019 06:21 PM

හදන්න එක පක්ෂෙක ආණ්ඩුවක්. අගමැතියි ජනාධිපතියි එක පක්ෂෙක ඉන්න එක හොඳයි. හොර නම් ගෑවුණු කට්ටිය ඉවත් කරන්න. වැඩක් කරන පිළිවන් දක්ෂ උගත් උදවිය පත් කරන්න. එක කට්ටියක් දත කට මැදගෙන බලාගෙන ඉන්නවා ආණ්ඩුවට පත් වෙලා විරුද්ධ පාක්ෂිකයින්ගෙන් පලි ගන්න. ඒ අයව ගාවගන්න එපා. පසුගිය කාලේ සිදුවුණු මහා පරිමාන අපරාද යට ගසන්න එපා. ඒවාට නිසි දඬුවම් ලබාදෙන්න. සෑම ජන කොටසකටම සාධාරණ අන්දමින් සලකන්න. යහපත් විදේශ ප්‍රතිපත්තියක් ඇති කරන්න. නීතියට නියම තැන දෙන්න. 5 ක් නොවෙයි 20ක් 30ක් පාලනය කරන්න පිල්ලිවන් වේවි.

:       0       18

Chathuri Monday, 18 November 2019 06:32 PM

මේද සැරෙත් මුදල් ඇමති ඔබද. නාමල්ද, බැසිල්ද, විමල්ද. දෙවියන්ගේම පිහිටයි.

:       0       35

indra Tuesday, 19 November 2019 07:33 AM

ඔබතුමා පිටුපස සිටින අය සතුටු කරන්න පෙර රටේ ජනතාව ගැන සිතන්න. වාහන පර්මිට් එපා. ඩීල් එපා. ගියවර වගේ දැක්කත් නොදැක්කා වගේ ඉන්න එපා. බේදයකින් තොරව සියලු රට වැසියාටම එක සමාන නීතියක් රටට අවශ්‍යයයි. විදේශයන්හි සිටින විදේශ විනිමය උපයා දෙන ශ්‍රමිකයන් ගැන අවධානය දෙන්න. මේ අයට ප්‍රමුඛත්වයක් දීම සාධාරණය. ඉදිරි මැතිවරණ වලට බුද්ධිමතුන් ඉදිරිපත් කළොත් වඩා කාලෝචිත වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 193 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 701 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1097 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site