IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


ජනපතිවරණය වෙනුවෙන් සිරිකොතේ මෙහෙයුම් කාර්යාලයක්

(නිමල කොඩිතුවක්කු)
 
ජනාධිපතිවරණයට අදාළව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් ස්ථාපිත කර ඇතැයි එජාප මහලේකම් අධයාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
 
දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සිදුවන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා, මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්, රජයේ සම්පත් මැතිවරණ කටයුතුවලට යොදා ගැනීම සහ අක‍්‍රමිකතා පිළිබඳ එම  කාර්යාලයට දැනුම් දෙන්නැයි මහලේකම්වරයා ඉල්ලීමක් කරයි.
 
මෙම මෙහෙයුම් කාර්යාලයේ ප‍්‍රධානියා ලෙස රජීව් සෙනෙවිරත්න මහතා පත් කර තිබේ.
 
මෙම කාර්යාලය සම්බන්ධ කර ගැනීම සඳහා දිස්ත‍්‍රික් සහ පළාත් මටට්ටමින්  දුරකථන අංක හඳුන්වා දී ඇත. අතර ඒ අනුව කොළඹ දිස්ත‍්‍රික්කය සඳහා 0113 048 030, ගම්පහ දිස්ත‍්‍රික්කය සඳහා 0113 048 031, කලූතර දිස්ත‍්‍රික්කය සඳහා 0113 048 032, දකුණු පළාත සඳහා 0113 048 033, මධ්‍යම පළාත සඳහා 0113 048 038, වයඹ පළාත සඳහා 0113 048 037, උතුරු මැද පළාත සඳහා 0113 048 036, උතුරු පළාත සඳහා 0113 048 041, නැගෙනහිර පළාත සඳහා 0113 048 042, සබරගමුව පළාත සඳහා 0113 048 043, ඌව පළාත සඳහා 0113 048 044 යන දුරකථන අංක හඳුන්වා දී ඇත.
 
මෙයට අමතරව සිරිකොත පක්ෂ මූලස්ථානයේ 0112 865 374, 0112 865 375, 0112 865 380 යන දුරකථන අංකද, 0112 877 835 සහ 0112 877 836 යන ෆැක්ස් අංක මගින්ද දැනුම් දිය හැකි බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සඳහන් කළේය.



අදහස් (1)

ජනපතිවරණය වෙනුවෙන් සිරිකොතේ මෙහෙයුම් කාර්යාලයක්

some Thursday, 31 October 2019 08:57 AM

සජිත්ට එරෙහිව තොරතුරු එකතු කරනවා වගේ...

:       10       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1238 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1204 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 440 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site