(ඉන්දිකා රාමනායක)
ජනාධිපතිවරණය වෙනුවෙන් නීති විරෝධී ලෙස තැන තැන ප‍්‍රදර්ශනය කර ඇති බැනර් සහ පෝස්ටර් ඉවත් කිරීම සඳහා පොලිස් ස්ථාන වලට කම්කරුවන් 1661 දෙනෙකු තාවකාලිකව සෑම පොලිස් ස්ථානයකටම අනියුක්ත කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි.
මූලස්ථාන පොලිස් ස්ථානයකට තිදෙනකු, පොලිස් ස්ථානයකට තිදෙනකු හා දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමාණාකරන මධ්‍යස්ථානවල පොලිස් ඒකකය වෙත පස් දෙනා බැගින් මෙම තාවකාලික කම්කරුවන් අනියුක්ත කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම පුද්ගලයන්ගෙන් 1045 මීට පෙර අනියුක්ත කර ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
ජනාධිපතිවරණයට අදාලව මැතිවරණ පැමිණිලි හා නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 139 ක් පොලිස් මූලස්ථානය වෙත ලැබී ඇත. මෙම පැමිණිලි වලින් 84 ක් නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්ද, 55 ක් මැතිවරණ පැමිණිලි වශයෙන් ලැබී ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
මෙම සමස්ත පැමිණි 139 ට අදාලව සැකකරුවන් 55 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෝස්ටර් කටවුට් නීති විරෝධී නම් ඒවා ගහන අයට දඬුවම් කරනවා වෙනුවට මේ ගොල්ලෝ දඬුවම් කරන්නේ අපටනේ. අපේ සල්ලිවලින් මේ කම්කරුවන්ට ගෙවන මුදල් නීති කඩන පක්ෂවලින් අය කරගන්න ක්‍රමයක් නැද්ද? එක අතකට දේශපාලන පක්ෂ කියන්නෙත් අපිවම කන්න හැදිච්ච ජාතියක් නේ. ඒ හින්ද ඔවුන්නම් එහෙම අය කරන ක්‍රමයක් කවදාවත් නීතිගත කරන්නේ නෑ.
නීති විරෝධී වැඩ කරන්න එපා කියලා තියෙද්දිත් මේ අය ඒවා උල්ලංඝනය කරනවා නම් අපේක්ෂකයට දඩයක් ගහලා මේවා ඉවත් කරන්න යන වියදම අදාල කෙනාට හෝ පක්ෂයට ගෙවන්න කියල නීතියක් දාන්න ඕනේ.
ඔය වගේ දේවල් ගහපු අයටම කියලා ගලවන්න ඕන.
නව රැකියා අවස්ථා ...