IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජනපතිත්-අගමැතිත් විශේෂ කාරක සභාවට කැඳවන්න තීරණයක්

(රංජන් කස්තුරි)
 
පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කැඳවීමට එම කාරක සභාව තීන්දු කර තිබේ.
 

තවද ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට අමතරව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ද ඉදිරියේදී සාක්කි ලබා ගැනීම සඳහා කැඳවන බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයෙක් ‘ලංකාදීපයට‘ පැවසීය.
 
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කැඳවීමේ බලයක් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට තිබෙන බව ද ඔහු කීවේය.



අදහස් (14)

ජනපතිත්-අගමැතිත් විශේෂ කාරක සභාවට කැඳවන්න තීරණයක්

පුරවැසියා Sunday, 23 June 2019 03:52 PM

මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී සහ නීතිගරුක ක්‍රියාවන් ලෝකයේ දියුණු රටවල් නිරතුරුව දක්නට ලැබේ. අනෙක රටේ සියලු දෙනාම නීතියට යටත් විය යුතුය.

:       98       649

de silva Sunday, 23 June 2019 03:58 PM

අන්න එහෙම කරන්න ඕනේ ආරක්ෂාවට වගකියන්න ඕනේ ලොක්කෝ අතහැරලා පාරේ ඉන්න පොලිස්කාරයන් ඕකට ගෙනාවට වැඩක් නැහැ.

:       4       338

රවින් Monday, 24 June 2019 01:15 AM

මේ දෙපළ කියන දේවල් සජීවී ලෙස විකාශනය කලොත් එය මුළුමහත් ලෝකයේ පැවත්මටම සෙතක්වේ. දැනට ලැබුණු, ප්‍රසිද්ධ කල සාක්ෂි අනුව දෙදෙනාටම එකම ප්‍රශ්න වේලපහින් යවලා බලන්න ඇත්ත නැත්ත කව්දෝ කියන්නේ කියලා.

:       0       0

charles Monday, 24 June 2019 02:18 AM

මෙය ස්වාධීන කොමිටියක් නොවේ...

:       88       63

ටි ඉන්දික Monday, 24 June 2019 03:18 AM

අගමැතිතුමාට, ආරක්ෂක රාජ්‍ය ඇමැතිතුමාට නම් මට කිසිදු තොරතුරුක් අවේ නෑ..ආරක්ෂක කවුන්සලයට එන්න කිව්වෙත් නෑ කියන්න පුළුවනි. එන්න එන එක ජනපති වැලැක්වු බව කිව හැකියි. හැබැයි..ජනපති මොනවා කියන්නද,,.?

:       0       24

සේන Monday, 24 June 2019 05:34 AM

දැන් පිටපත පාඩම් කරනව ඇති දෙගොල්ලම . අන්න ඒකයි අපේ රටේ වෙනස

:       7       43

විජිත් Monday, 24 June 2019 05:46 AM

වැටත් නියරත් ගොයම් කානම් ....ජනාධිපතිගෙයි අගමැතිගෙයි හෙන්චලා ඉන්න කාරක සභාව ගැන මොන විශ්වාසයක්ද...?ඇරත් ඔය කාරක සභාවේ කි දෙනෙකුට චෝදනා තියන අයද..ඇප පිට ඉන්න අයත්....?

:       5       15

dare Monday, 24 June 2019 05:51 AM

බොරු සංදර්ශන විතරයි. අන්තිමේට වෙච්ච දෙයක් නැ ...... මිනිස්සු නම් රැවටිලා ලබන පාරත් ඡන්දේ දෙයි....

:       3       126

Prabha Monday, 24 June 2019 06:10 AM

ජනාධිපති අගමැතිගේ වැරදි කියනවා... අගමැති ජනාධිපතිගේ වැරදි කියනවා...

:       4       10

මෙලන්ත Monday, 24 June 2019 06:29 AM

විමසීම් සියල්ල මාධ්‍ය ආවරණය කළ යුතුයි. හේතුව, මොවුන්ගේ ක්‍රියාකලාපයන් මහජනතාවට විවෘත විය යුතු නිසා. ජනපති විසින් කළ හා නොකළ සියල්ල, එතුමාගේ ධුර කාලය තුළ, රටේ නීතිය අනුව අභියෝගයට ලක් කළ නොහැකියි. එනිසා ඒ සියල්ල අඩුතරමින් පුරවැසියන්ට විවෘත විය යුතුය.

:       0       16

jaanaki Monday, 24 June 2019 06:40 AM

ඕක තමයි නියම ප්‍රජාතන්ත්‍රවාදය මේක කවුරු හරි නතර කරන්න හැදුවත් එයා රටට ද්‍රෝහියෙක්

:       35       44

de silva Monday, 24 June 2019 06:58 AM

ජනපති, අගමැති වැරදි කරලා නැත්නම් ජනතාවගේ ආධිපත්‍යයට හිස නමනවා නම් අනිවාර්යයෙන්ම නොපැකිළව මෙම කොමිසම ඉදිරියට ඇවිත් උත්තර දෙන්න ඕනේ..

:       3       11

Ciso Monday, 24 June 2019 07:12 AM

අැයි මේ කාරක සභාවට හරීන් ඇමතිතුමා සහ ඔහුගේ පියා කැඳවන්නේ නැත්තේ? ඒ ගොල්ලොත් මේක දැනගෙන හිටියනේ..!

:       0       234

kapMonday, 24 June 2019 12:06 PM

විපක්ෂ නායක...? එයාවත් ගේන්න ඕනේ.. අර බයිලා කියන පොරවල් දෙක.. වංශයා සහ ගොපිල?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 46 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site