IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජනපතිට දෝෂාභියෝගයක් නිසැකයි

(බිඟුන් ⁣මේනක ගමගේ)

පාර්ලිමේන්තුවේ බහුතර හඬට ඇහුම්කන් නොදෙන්නේ නම් එක්සත් ජාතික පෙරමුණ නිසැකවම ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන බව කොළඹ දිස්ත්‍රික් එ.ජා.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ලංකාදීපයට කීය.

මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා හැටියට තරඟ කර ජනාධිපති පුටුවට පත්කිරීමට එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් තිදෙනෙකු ජීවිත පරිත්‍යාග කළ බව කී හෙතෙම ඔහුට තවදුරටත් ජනවාරි 8 ජනවරම ගැන කතා කිරීමට අයිතියක් නැති බව අවධාරණය කළේය.

ජනාධිපතිවරයා දැන් කටයුතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බවත් ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් රට විශාල අර්බුදයකට පත්වනු ඇති බවත් මන්ත්‍රීවරයා කීය.

ජනාධිපතිවරයා අත්තනෝමතිකව කටයුතු කිරීමට එ⁣රෙහිව ජනවාරි 8 ජනවරමට දායක වූ ජනයා ලක්ෂ ගණනින් කොළඹට කැඳවන බවත් එම ජන විරෝධය  ජනාධිපති ලේකම් කාර්යාලය වට කරන මට්ටමේ දැඩි විරෝධතාවයකට ගෙන යන බවත් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අරලියගහ මන්දිරයේ ඔක්තෝම්බර් 27 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී ද මාධ්‍යවේදීන් මේ ගැන විමසූ අතර එක්සත් ජාතික පෙරමුණු නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මන්ත්‍රීවරුන්ගෙන් විවිධ  යෝජනා ඉදිරිපත් වූ බවයි.



අදහස් (6)

ජනපතිට දෝෂාභියෝගයක් නිසැකයි

ලසන්ත Monday, 26 November 2018 02:01 PM

කිය කියා ඉන්නේ නැතිව කරන්නකෝ... කරලා ඉවරවෙලා කියන්නකෝ...

:       59       131

daya Monday, 26 November 2018 02:14 PM

දුප්පත් අපිව ගැටුම්වලට මැදි නොකර ඔය කට්ටිය ඇති තරම් ගහගත්තට අපිට කමක් නැහැ...

:       50       159

BamunuarachchiTuesday, 27 November 2018 01:50 AM

මොවුන් ගහගන්න කොට වදින්නේ අපිටය

:       0       0

Sapumal. Monday, 26 November 2018 03:06 PM

අහන්නත් සතුටුයි.. ඔබලාගේ මේ එඩිතරකම ගැන. ඉක්මණින්ම කලයුත්තේ එයයි. එතකොට ග්‍රාමසේවක මහත්තයාට තමන්ගේ කෙරුවාවේ රඟය තේරේවි...

:       846       1102

Jaathiwaadee Bamunuarachchi Tuesday, 27 November 2018 01:49 AM

ඕක අපේ කෙනෙක් කීවානම් මම දුක් වෙන්නේ නැත. දැන් එජාපෙ රැක ගන්න හදන්නේ සුමතිරන් හකීම් ලාය ඒගැන ටිකක් රටේ මහා ජනතාවට හිතන්න බැරිද?

:       0       0

සිසිර Tuesday, 27 November 2018 05:03 AM

අපි හිතන් හිටියේ දෝෂාභියෝගය මේවන විටත් බාරදීලා ඇති කියලා. කරන මගුලක් ඉක්මනට.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 639 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site