(ඩයනා උදයංගනී)
ශ්‍රී දළදා මාළිගාවේ මහ මළුවේ සිට උපවාසයක නිරත වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් කරන ඉල්ලීම්වලට වහා විසඳුම් ලබාදෙන්නැයි ඉල්ලමින් මල්වතු හා අස්ගිරි පාර්ශවයන්හි මහ නා හිමිවරුන් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ඒකාබද්ධ ලිපියක් යොමුකර තිබේ.
මේ සම්බන්ධයෙන් ඉක්මන් ක‍්‍රියාමාර්ගයක් නොගතහොත් රටේ මහජනතාව තුළ ඇතිවන නොසන්සුන්තාවන්හි පූර්ණ වගකීම රජයට භාරගැනීමට සිදුවනු ඇතැයි ද එම ලිපියෙහි දැක්වේ.
තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශවයේ මහ නා හිමියන්ගේ සහ වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි පාර්ශවයේ මහ නා හිමියන්ගේ අත්සනින් යොමු කර ඇති එම ලිපිය පහත දැක්වේ.

COMMENTS
මේ ආණ්ඩුවේ ජනපති සහ අගමැති අපේ මහානායක ස්වාමින් වහන්සේලාගේ අනුසාසන පිළිපදින්නේ නැහැ. ඒ වෙනුවට බටහිර රටවල්, ඉන්දියාව සහ මැදපෙරදිගින් උපදෙස් රැගෙන රට කාබාසිනියා කරයි.
පේනවා නේද අපේ ජාතියට අභියෝගයක් එල්ලවන ඕනෑම මොහොතක කිසිදු දේශපාලනයක් නැතුව බස් දදා සෙනග අදින්නෙත් නැතුව ජනතාව පෙළ ගැසෙන ආකාරය? දේශපාලකයින්ගේ කැදවීමකින් තොර මේ තත්වය දේශපාලුවන්ට දරා ගැනීමට නොහැකි තත්වයකි. අප්‍රේල් 21වැනි දින ප්‍රාණය පරිත්‍යාග කල සියළුම ඥාතීන්ගේ ආත්මයෝ සැනසීම ලබත්වා...!!! 2019 අප්‍රේල් 21 වෙනි දින ලාංකීය දේශපාලුවන්ගේ ග්‍රහණයෙන් සිංහලයින් මිදුණු දිනය ලෙස ඉතිහාසගත වේවා...!!!
මේ ජනාදිපති ඇතුළු සමස්ත රජයටම විලිලජ්ජාවක් කියලා දෙයක් තියනවනම් දැන් හාමුදුරුවෝ කරන ඉල්ලීම් ඉටුකරන්න ඕන මුස්ලිම් ඡන්දවලට පෙරේත වෙන්නේ නැතුව හැබැයි එහෙම නොකලොත් ආණ්ඩුව නාගන්නවා ඓතිහාසික නාගැනිල්ලක්
දැන් ඉතින් තක්කිට තරිකිට කියලා දෙන්නත් එක්ක උඩපනින්න. එතකොට ඡන්දය හම්බවේවි...
අනේ මන්ද රට කොහොමද කරන්නනේ හැමෝම පාලනයට බලපෑම් කරනකොට.