සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තුවේ බහුතරය නැති පුද්ගලයකු අගමැති ධුරයට පත් කිරිමෙන් ජනාධිපතිවරයා ගත් ප්රජාතන්ත්රවාදී විරෝධී ක්‍රියාදාමයට විරෝධය පළ කරමින් අඟහරුවාදා (30) කොළඹ දී දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව කොළඹ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
ජනාධිපතිවරයාගේ තීරණයට විරෝධය දැක්වීම සඳහා දස දහස් සංඛ්‍යාත පිරිසක් කොළඹට කැදවන බවද මන්ත්‍රීවරයා කීවේය.
ඇතිවු දේශපාලන කුමන්ත්‍රණය පසුව එක්සත් ජාතික පාක්ෂිකයන්ට හිරිහැර කිරිමේ වැඩපිළිවෙළක් ආරම්භ වී ඇති බවත් මේ හිංසා කිරිම් නවත්වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය.
නව අගමැතිවරයකු පත් කරන්නේ නම් ඔහු පළමුවෙන්ම පාර්ලිමේන්තුවට බහුතරය පෙන්විය යුතු බවද ඔහු පැවසීය.
COMMENTS
මම ඔබ සමගයි..........
2015දී රනිල් වික්‍රමසිංහ අගමැති වුනේ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නලද? කන්න ඕනෑ වුණාම කබරගොයත් තලගොයා වෙනවා නේද?
2015 බලෙන් වගේ අත්සන ගහගෙන අගමැතිකම උදුරා ගනිද්දී ඔය කියන ව්‍යවස්ථාව මතක් උනේ නැද්ද, එක්කෝ එක කියවල තිබ්බේ නැද්ද දන්නේ නෑ මෙයාලා. ඔක්කොමල තමන්ගේ ඇමතිකම් නැති වෙයි කියල බයවෙලා මාරු විකලෙන් දඟලනවා. පුදුම උනන්දුවක් තියෙන්නේ අපිට සේවය කරන්න.
විකාරයෙන් දොඩවනවා.....
මුළු ලේක්හවුස් එකම දන්නවා මංගලගේ ගෝලබාලයෝ ඒකට රින්ගෙව්වේ කොහොමද කියන එක... පහුගිය කාලේ රජයේ ආයතනවලට තම තමන්ගේ හෙන්චයියන්ව රිංගවීම කලේ අසාමාන්‍ය වේගයකින්, එතැනදී අනික් මිනිස්සුන්ට සිදු වෙච්චි අසාධාරණකම් ගැන මේ ගොල්ලන්ට මතක නැහැ.
නිකාන් සවුත්තු වෙන්න හදනවා වගේ... අතපය කඩා ගන්නේ නැතිව ගෙදරට වෙලා ඉන්න....
බත් පැකටි එකට අරක්කු බෝතලේට රැ 1000/= සෙටි වෙන අයනමි ඕවාට එයි....
අපේ ගානේ නරක් නොවූ කිරි පැකට්...
අපි කවුරුත් මේවාට ගහ මරාගෙන මොකටද? විලිලැජ්ජාවක් නැති කෙනෙක් ඉන්න කොට...
2015දී රනිල්ට බහුතරයක් නොතිබුණා නම් අගමැතිකම කරගෙන යන්න ඉඩදෙයිද? රනිල්ට එදා බහුතරය ලැබුණේ ජනාධිපති මෛත්‍රි මහතාට කැමති කොටසක් ශ්‍රී.ලං.නි.පක්ෂයේ සිටි නිසා එදා රනිල්ට ජනාධිපතිතුමත් කැමතියි.. එතුමාට කැමති අනික් අයත් සහය දුන්නා. රනිල්ට බැරිවුණා එය දිගටම පවත්වාගෙන යන්න.
මේ වෙනස රටටම ඕනෑ වෙලා තිබුනේ.. ඔහේලට තියෙන්නේ නව නායකයෙක් පත්කර ගන්න එකතු වෙලා සාකච්ඡා කිරීමයි. මිනිස්සුන්ව පාරෙ රස්තියාදුවේ යවලා ඔයාලගේ පට්ටම් රැකදෙන්න කියලා කාටද කියන්නේ? ජනතාවගේ කාලය කන්න එපා.
පාරට බහින්නකෝ.., ඔයා දුන්න විස කිරි පැකට් ටිකත් අරන් එන්න