(රංජන් කස්තුරි)
රාජ්‍ය සංස්ථා , ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් සඳහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් පත් කිරීමේදී ජනාධිපතිවරයා විසින් පනවනු ලැබ තිබෙන කොන්දේසි හේතුවෙන් මෙතෙක් කලක් එම තනතුරු දැරූ සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් විශාල සංඛ්‍යාවකට තනතුරු අහිමි වී තිබේ.
සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීමේදී අනුගමනය කළ යුතු නිර්ණායකයන් ඇතුළත් චක්‍රලේඛයක් ජනාධිපති ලේකම්වරයා විසින් ඉකුත් දෙසැම්බර් මස 31 වැනිදා නිකුත් කර තිබිණ.
එම චක්‍රලේඛයට අනුව රාජ්‍ය ආයතනයක සභාපති ධූරයක් දැරීම සඳහා පිළිගත් විශ්ව විද්‍යාලයක හෝ විදේශ විශ්ව විද්‍යාලයක උපාධියක් ලබා තිබීම අනිවාර්ය වන අතර එවැනි තනතුරක් දරන පුද්ගලයෙකු වයස අවුරුදු 70කට අඩුවිය යුතුය.
මීට අමතරව වෘත්තීමය හා කළමණාකරන මට්ටමේ අත්දැකීම් තිබිය යුතු අතර අදාළ සේවයේ වසර 10ට වැඩි වෘත්තීය පළ පුරුද්ද තිබීම විධායක මට්ටමේ වසර 10කට වඩා අද්දැකීම් ඇති විශ්‍රමික රාජ්‍ය නිලධාරීන් වීම කර්මාන්ත කෘෂිකර්ම ව්‍යාපාරික හා කළමණාකරන ආදී අංශයක විශේෂ නිපුණතාවයක් ඇති තැනැත්තකු වීම කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත පුද්ගලික සමාගම්හි ප්‍රධාන විධායක නිලධාරියකු ලෙස සේවය කර ඇති තැනැත්තකුවීම ආදී ලෙස සුදුසුකම් තිබිය යුතු බවද එම චක්‍රලේඛයේ සඳහන් වේ.
මීට අමතරව එම චක්‍රලේඛයට අනුව ප්‍රධාන විධායක නිලධාරී තනතුරක් දරන්නෙකුට රාජ්‍ය ව්‍යවසාය ආයතනයක අධ්‍යක්ෂවරයෙකු විය නොහැකි බවටද කොන්දේසියක් පනවා ඇත.
මීට අමතරව අධ්‍යක්ෂවරයෙකුට රාජ්‍ය ව්‍යවසායන් තුනකට වඩා එකවර අධ්‍යක්ෂධූර නොදැරිය යුතු බවද අධ්‍යක්ෂධූරයක් වසර තුනකට වඩා වැඩි නොවිය යුතු අතර එකම අධ්‍යක්ෂධූරයක් දැරිය හැකි උපරිමවාර ගණන 3ක් විය යුතු බවටද කොන්දේසියක් පනවා තිබේ.
COMMENTS
කොන්දේසි නැත්තේ දේශපාළුවන්ටත්, ඒ අයගේ පුත්තුන්ටත් පමණයි...
මේ නිර්ණායකයන් යෝජනා කරන කාටවත් ඒවායේ ඇතුළත් කොන්දේසි නැහැ නේද? ප්‍රතිචාරය කොහොම එකක් වෙයිද කියලා බලන්න මේ චක්‍ර චක්‍රලේඛනය සියලුම දේශපාලඥයින් සඳහාද අනිවාර්ය කරන මෙන් අපි ඉල්ලා සිටිමු.
රටේ ඉහළම තනතුර දරන්නාට තිබිය යුත්තේ ගමරාළ තනතුරක අවුරුදු කීයක පළපුරුද්දක් පමණක්ද? ටිකක් මඤ්ඤං වගේ.
ජනපතිතුමනි ඔබේ නම රන් අකුරින් ලියැවෙන තැනට වැඩ සිද්ධ කර විශ‍්‍රාම ගන්න දැන්ම නොවෙයි...
අපි නොදන්න මෙයාලගේ නීති. ඉස්සරවෙලාම බලන්න ඇති ටෙලිකොම් එක කන මල්ලි බේරිලාද කියලා...
තානාපතිවරු පත් කරද්දීත් මේ වගේ සුදුසුකම් බැලුවොත් නරකද?
මේ චක්‍රලේඛයම ඡන්දය ඉල්ලන දේශපාලකයන්ටත් අදාල කළා නම් තමයි හොඳ...
කෙරෙනවා නම් හොදයි. මේ වගේම මෙයිට වඩා වැදගත් තැනක් වන ටෙලිකොම් එකේ සභාපති කමට සුදුසුකම් තියෙන කෙනෙක් දැම්මා නම් තමයි වඩා හොඳ...
ඉතා විශිෂ්ට තීරණයක්....
පාර්ලිමේන්තුවටත් O/L වත් තියෙන අය දැම්මොත් තමයි හොඳ. අර කෝච්චිවල වඩේ විකුනපු 2 වන වසරට විතරක් ඉස්කෝලේ ගිය උෟවේ මහා අැමැති චාමර සම්පත්ට දැන් මොකද වෙන්නේ?
අර අලුතින් පත්කරපු සභාපතිලා දෙන්නට ඔය කියන ඔක්කොම සුදුසුකම් ඇතුවද පත් කලේ? එක්කෙනෙක් කාර් දුන්නයි කියලා ආරංචියි. අනිකා හිතුමතේ තනතුරු දෙනවා. කන්න ඕනේ වුණාම කබරගොයි මසුත් තලගොයි මස් වෙනවාලු.
රට පාලනයටත් මේවගේ කොන්දේසි දාන්නකෝ. මම කියන්නේ මන්ත්‍රී වෙන්න...
එතකොට අර හිටන්ගේ මලයට ඔය ඔක්කොම තියෙනවද මීට වඩා වගකීමක් තියෙන බැරෑරුම් ආයතනයක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් එකේ ලොකුම පුටුවේ ඉන්න.. උසාවිය නඩුව විසිකලාට "පිස්සු නැහැ " කියල තීන්දු කලේ නැහැනේ...
විශිෂ්ඨයි. ඒය හරි ක්‍රමයයි.
ඉතා යහපත් තීරණයක්...
මෙම කොන්දේසි පැනවීම හොඳයි. නැත්නම් හැමදාම ඒ ආයතන පාඩු ලබනවා. භාණඩාගාරයෙන් මුදල් දෙන්නත් වෙනවා.
යන්තම් හොඳ එක දෙයක් කරලා. තරුණ පරම්පරාවට වගකීම් දෙන්න ඕනෑ...
හොඳයි, දේශපාලකයන්ට හා ජනාධිපති තනතුරට ආවම සුදුසුකමක්වත් නැද්ද? ඒවාට... චක්‍රලේඛ ඉදිරිපත් කරන්න...
මේ අදහස නම් හොඳයි. ඒත් පහුගිය දවස්වල මාස දෙකේ සෙල්ලම් ආණ්ඩු හදපු කාලේ පත්කරපු සංස්ථා සභාපතිවරු ගොඩක් දෙනෙක්ට FCID නඩු සහ ඇප මත නිදහස් වුණු අය. එතකොට මොකද මේ චක්‍රලේඛයක් නොදැම්මේ...?
බොහොම හොඳයි..
ඉතා හොද නිර්ණායකයක්. තීරණය අගය කළ යුතුයි. ඔහොම යනකොට ඡන්ද ඉල්ලන්නත් හොඳ සීමා ඒවි...
ඔය සභාපතිලට උඩින් ඉන්න ඇමැතියන්ට ඔය මොන සුදුසුකමක්වත් ඕනේ නැහැ. ඒකයි තියන අවුල...
වයස අවුරුදු 75 පැනපු අය ඕන තරම් කොමිෂන් සභාවන්හි සභාපතිවරු පත්කරල තියෙන්නේ. සමහර ඒවා මහළු මඩම් වගේ.
ඉතා හොඳ වැඩක්... කාලෙකින් පස්සේ කරපු..
ඉතා හොඳ තීරණයක්...
ජනාධිපති තනතුරු වලටත් ඔය ටික තිබුණානම් හරි...
ඒ කොන්දේසි කොහොම වුණත් ජනාධිපති ධුරය දැරීම සඳහා අවශ්‍ය කොන්දේසි ගැන සැලකිලිමත් විය යුතුය. ජනාධිපතිවරයෙකුට තිබිය යුතු අධ්‍යාපන, පරිපාලන, මානසික සෞඛ්‍යය පිලිබඳ සුදුසුකම් මොනවාද?
ඒ කොන්දේසි කොහොම වුනත් ජනාධිපති ධුරය දැරීම සඳහා අවශ්‍ය කොන්දේසි ගැන සැලකිලිමත් විය යුතුය. ජනාධිපති වරයෙකුට තිබිය යුතු අධ්‍යාපන, පරිපාලන, මානසික සෞඛ්‍යය පිලිබඳ සුදුසුකම් මොනවාද?
හොඳයි...
බැලූ බැල්මට හොඳ අදහසක්... දේශපාලනයටත් මේකම ආදර්ශ කළොත් හොඳයි... ගොඩක් අය ගෙදර යන්න වෙයි.., ඔබතුමා ඇතුළුව..
මෙවැනි ක්‍රමවේදයක් ගෙන ඒම සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමාට ගෞරවනීය ප්‍රණාමය... රාජ්‍ය ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතන නියාමනය සහ අධීක්ෂණය සඳහා මීටත් වඩා විධිමත් නෛතික ක්‍රියාවලියකට යොමුවීමට තව දුරටත් ශක්තිය ලැබේවා...!!!
සියලුම දේශපාලකයින්ට (ජනපති ඇතුළුව) මෙම ක්‍රමය අදාල වන සේ නීති සම්පාදනය විය යුතුයි.
ජනාධිපති වීමට නම් කිසිම අධ්‍යාපන සුදුසුකමක් නම් ඕනෑ නැහැ...
රෙජිනෝල්ඩ්ට හරි, නිලුකාට හරි මේ සියලු සුදුසුකම් තියෙනවා... මං හිතන්නේ...
මෙය රටක් හැටියට ගත්ත හොඳ තීරණයක්...
නිලුක ඒකනායක PHD?
හොඳ යෝජනාවක්....!!!
ටෙලිකොම් සභාපති මල්ලිට ඔය ඔක්කොම සුදුසුකම් ඇති නේද ?
"පිළිගත් විශ්ව විද්‍යාලයක හෝ විදේශ විශ්ව විද්‍යාලයක උපාධියක්" යන කොටස අනුව ඕනෑම විදේශ විශ්වවිද්‍යාලයක උපාධියක් සම්පූර්ණ කිරීම ප්‍රමාණවත්ද? ඉන්දියාව ඇතුලු සමහර රටවල පඳුරක් ගානේ කිසිම ප්‍රමිතියක් නැති උපාධි නිකුත් කරන විශ්ව විද්‍යාල තියෙනවා.
ඉතාමත් හොද තීරණයක්
ගනු ලැබූ පියවර ඉතා හොඳ බව පේනවා, එත් අඩු පාඩුව වන්නේ ඔවුන් බොහොමයක් අදාල විෂයන් ගැන දැනුමක් නොමැති වීමවේ. උදාහරණ ලෙස ධීවර පර්යේෂණ කරන ආයතනයේ සභාපති ධීවර කටුතු මොකුත් නොදනී.. ඉතින් කවර කතාද...
ඔය චක්‍රලේඛය පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීවරුන්ට අදාල ලෙස නිකුත් කොලොත් නරකද ? කාලීන අවශ්‍යතාවයක් ?
ලංකික ජනාධිපතිවරයෙක් ඉදිරිපත් කරනලද හොඳම චක්‍රලේකය. ජයවේවා
හොද තීරණයක්
අන්න ඒක නම් හොඳ වැඩක්. හොරෙක් උනත් සුදුසුකම් තියනවා සපුරන්න ඕන.
මේක නම් ආත්ම ගානකින් ගත්තු හොඳම තීරණයක්.....ජය වේවා......වෙනස් කරන්න එපා...
මේ මොලේ ඡන්ද කොමසාරිස්ටත් තිබුණානම් නියමයි. මොකද එයාට කියන්න පුළුවන් කම තියෙන්න ඕනේ ඡන්ද අපේක්ෂකයෙක්ට උපාධියක් තිබීම අනිවාර්ය කිරීම .
මේ නිලුකා ඒකනායකගේ සුදුසුකම් දැනගන්න පුලුවන්ද?
ලංකාවේ තානාපති, හයි කොමිෂනර් තනතුරු වලටත් මේ ආකාරයටම නීති සම්පාදනය කළානම් හොඳයි. මෙලෝ උගත්කමක් නැති, අඩුම තරමින් හරියකට ඉංග්‍රීසි වත් බැරි (සමහරුන්ට සිංහලවත් හරියකට බැහැ) දේශපාලුවන්ගේ ඥාතීන් හා හිතමිතුරන් ලංකාව නියෝජනය කරන්න පිටරට ගියාම ඔවුන් කරන දේ දන්නේ ඒ ඒ රටවල ජීවත් වන ලාංකිකයිනුයි...
අගනා තීරණයක්...
ඔය නීතිය විධායක ව්‍යවස්ථාදායකයේ දෙකටම ගෙනාවොත් සියයට 98ක්ම ගෙදර නේද?
මේ දේ සියතින්ම ගෙල සිඳ ගැනීමක් වීමේ හැකියාවක් තියනවා. කවුරුහරි ශ්‍රේෂ්ඨාධිකරණයට මේ කරුණු ඉදිරිපත් කරලා, විධායකය මේ නීති පනවන්නේ, විධායකය මේ නිර්ණායකයන් සපුරා හිඳිමින්ද? කියලා තර්කයක් මතු කළොත් වෙන්නේ මොකක්ද?
අනේද කියන්නේ? එතකොට අර හිටපු ආණ්ඩුකාරවරුන්ට සංස්ථා සභාපතිකම් දුන්නේ මොන නිර්ණායකයන්ට අනුවද?
මේ විදියට එළියට යනවා වගේම අපිට පේනවා අලුතින් පත්වෙලා එන අයගේ සුදුසුකමුත්... දේශපාලන සුදුසුකම් තමයි වැඩිය තියෙන්නේ. සාස්තර කියන නෝනලා ටියුෂන් ගුරුවරු වගේ අයයි.
ජනාධිපතිතුමාට තියන සුදුසුකම් මොනවද?
හොඳ ආරම්භයක්...!!!
නිලූකාට තියන සුදුසුකම මොකක්ද දව සංස්ථාවේ සභාපති වෙන්න..?
ලාංකික ඡන්ද දායකයා මෙන්ම පාඨකයාගේත් මන්ද මානසික අදහස් පිළිබඳව විමතියට පත්විම අවැසි නොවන්නේය. අදාළ පත්කිරිම් ජනාධිපතිවරයා වෙත ඇති අධිකාරීමය බලය වේ. එවන් පත්කිරිම් සදහා නිවැරදි නිර්ණායක හදුන්වාදීම සැබැවින්ම අගය කලයුතුය. එය තම තමන්ගේ දේශපාලනික, ග්‍රෝතික මතවාදී දැක්මෙන් තොරව විචාරශීලිව අවබෝධ කරගත යුතුය. මහජන මන්ත්‍රීවරුන් පත්කිරිම සදහා රටක ජනපතිවරයා නිර්ණායක හදුන්වා දියයුතුද?? මන්ද මන්ත්‍රීවරුන් පත්කිරිමේ බලය පවතින්නේ ඕනෑම රටක දාර්ශනික අදහස් වලින් පරිපූර්ණ අඥාන ඡන්ද දායකයා මත බැවිනි..