IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනපතිගේ ආරාධනයක් නැතිව සභාග ආණ්ඩු ගැන සාකච්ඡා ඵලක් නෑ

(නාලක සංජීව දහනායක)

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයෙන් නිල ආරාධනයක් ලැබෙනතුරු සභාග ආණ්ඩු පිහිටුවීම පිළිබඳව තම කණ්ඩායම අතර සාකච්ඡා කිරීමෙන් ඵලක් නොවන බවට ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් තීරණය කර ඇත.

ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳව හෝ සභාග ආණ්ඩු පිහිටුවීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙතෙක් කිසිවක් ප‍්‍රකාශ කර නොමැති බැවින් මෙම තීරණය ගත්බව ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයෙක් ලංකාදීපයට පැවැසීය.

ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී අද (11) රාත‍්‍රී පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම නියෝජනය කරමින් අනුර ප‍්‍රියදර්ශන යාපා , ජෝන් සෙනෙවිරත්න යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස්, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුලූ ඒකාබද්ධ විපක්‍ෂයේ තවත් පක්‍ෂ නායකයන් කිහිප දෙනෙකුද සහභාගී වී ඇත.



අදහස් (1)

ජනපතිගේ ආරාධනයක් නැතිව සභාග ආණ්ඩු ගැන සාකච්ඡා ඵලක් නෑ

Hafeel Friday, 12 October 2018 07:55 AM

විජිතමුණි සොයිසාගෙන් ආරාධනාවක් එවි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31173 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13326 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10961 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 62 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 896 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site