දකුණු අප්‍රිකාවට එරෙහිව එරටේදී ම තරග 2 - 0 ක් ලෙස පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කරමින් එවන් දස්කමක් දැක්වූ පළමු ආසියාතික රට බවට ශ්‍රී ලංකාව පත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි.
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් තැබූ මෙම සුවිශේෂි සලකුණ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායක දිමුත් කරුණාරත්න ඇතුළු සියලු සාමාජිකයන්ට ජනාධිපතිවරයා සිය ස්තුතිය පළ කෙළේය.
නව ජවයකින් ඉදිරියට යමින් මාතෘ භූමිය වෙනුවෙන් තවත් මෙවන් සුවිශේෂ ජයග්‍රහණ ලබා ගැනීමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවායි ද ආශීර්වාද පළ කර සිටී.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.