(කවිතා සුබසිංහ)
මාරක රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබු ජනනාත් රංග වරකාගොඩ මහතා ලබන 18 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (12) නියම කළේය.
අද (12) උදෑසන 5.30 ට පමණ කිරිල්ලවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පදික මාරුවේ දී මෙම අනතුර සිදුවී තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ දී විත්තිකරු ගමන් ගත් බෙන්ස් වර්ගයේ සුදු පැහැති මොටර් රථය නුවර සිට කොළඹ දෙසට ගමන් කර ඇත.
පදික මාරුවෙන් ගමන් ගත් එච්.කේ.ප්‍රීති සොබින් ද සිල්වා නැමති 68 හැවිරිදි කාන්තාව සිද්ධියෙන් අනතුරට ලක්වී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
විත්තිය වෙනුවෙන් නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පෙනී සිටි අතර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ගීතානි වීරසිංහ මහත්මිය පෙනී සිටියාය.
2025 දෙසැම්බර් මස 04
262
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
403
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජනනාත් වරකාගොඩ රිමාන්ඩ්
Bandula. Tuesday, 12 March 2019 11:32 AM
කවුරු වුනත් කමක් නැහැ තරාතිරම නොබලා ඔහුගේ රියදුරු බලපත්‍රය අවලංගු කරන්න.
sirimal Tuesday, 12 March 2019 11:53 AM
ප්‍රතිභා පුර්ණ කලාකරුවෙකු මෙලෙස කරදරයට මුහුණපෑම ඉතාම කණගාටුදායක සිදුවීමක්. මියගිය කාන්තාවගේ පවුලේ සැමට අපගේ සාතිශය සංවේගය පළකරමු.
පිටිගල මිලානෝ Tuesday, 12 March 2019 12:32 PM
ලංකාවේ මාර්ග නීති කඩ කරන්නන්ට සහ අඩසිහියෙන් වාහන පදවන්නන්ට දැඩි දඬුවම් සමග අගතියට පත් පාර්ශවයට විශාල ලෙස, වටිනා වාහනයක් නම් එය විකුණා හෝ තම වත්කම් විකුණා හෝ වන්දියක් ලබා දෙන නීති සම්පාදනය කරන්න.
ගුවන්Tuesday, 12 March 2019 06:05 PM
මේකේ අදහස් දාන අය ජීවිතේට වාහනයක් එලවලා නෑ. මේ අම්මාගේ වයසත් එක්ක පාන්දර අඬ අඳුරේ එක වරම කහ ඉරෙන් පනින්න ඇති වාහන එනවද වත් නොබලා...
Chanak Los angelesTuesday, 12 March 2019 07:10 PM
මෝඩ කතා කියන්න එපා. කහ ඉරකින් මාරුවෙන පුද්ගලයෙකු හප්පගෙන යන්න කිසිම ලෙසකින්වත් නොහැක.
SamTuesday, 12 March 2019 07:19 PM
හුඟක් පිටරට ලාංකිකයන් ලංකාවේදී සුක්කානමක් අල්ලලා නැහැ.
Chanak Los angelesTuesday, 12 March 2019 07:51 PM
මට ඔබට වටහලා දෙන්න ඕනේ මෙම රටේ මගියෙකු පදික මාරුවකින් නොව නීති විරෝධී ස්ථානයකින් හෝ වාහන යන මාර්ගයකට අඩිය තියනවා දුටු සැනින් මගියා අනෙක් පැත්තට යන තුරු ඔහුගේ වාහනය නතර කරගෙන සිටින බව . ඔවුන් එතරම් මගියාගේ ආරක්ෂාව කෙරෙහි සැලකිලිමත් වෙනවා ..පෙඩේස්ට්‍රේයින් ෆස්ට් කියලයි එහි රියදුරු පුහුණු අත්පොතේ සඳහන් වෙන්නේ .
diasTuesday, 12 March 2019 10:46 PM
අඳුරේ හෝ එළිය ඇති අවස්ථාවක, මගීන් පාර මාරු වෙන කහ ඉරක් ඉදිරියෙන් ඇතිවිට, ප්‍රවේශමෙන් රිය පැදවීම රියදුරාගේ වගකීමයි. නමුත් මෙය ශ්‍රී ලංකාව බැවින් බොහෝවිට සියලු වැරුද්ද පදිකයා පිට දමා රියදුරා ගැලවෙයි.
මධුර Thursday, 14 March 2019 06:18 AM
සිහියෙන් පදවාගෙන ගියත් සමහර අවස්ථාවලදී පදිකයන්ගේ නොසැලකිල්ල නිසා අනතුරු සිදු වෙනවා. අනික කොළඹ - නුවර මාර්ගයේ නිට්ටඹුව -අබේපුස්ස අතර ප්‍රදේශය ඉතාමත් සැලකිල්ලෙන් වාහන පදවන්න ඕනා. රාත්‍රී කාලයේ සමහර අවස්ථාවලදී මිනිස්සු නොසැලකිලිමත්ව පාර හරහා මාරුවෙනවා අප පදවන වාහනයේ ලයිට් එක වැටෙන සීමාවේදී දැක්කොත් නවතගන්න පුළුවන්. අනිත් කාරණාව මාර්ගය දෙපස විදුලි ආලෝක කනුවත් දකින්නේ ඉතමත් අඩුවෙන්
lanka Tuesday, 12 March 2019 01:19 PM
අද පාරේ බල්ලන් බළලුන් මෙන් මිනිසුන් යට කරමින් යන මෙවැනි අවිනීත රියදුරන් හට, සිර දඬුවමට අමතරව, ඔව්න්ගේ පුද්ගලික ධනයෙන් අනතුරට පත් වූ පාර්ශවයට හෝ ඔවුන්ගෙන් යැපෙන්නන්ට විශාල වන්දි මුදල් ගෙවීමට නීති සම්පාදනය කල යුතුයි.
RaveendraTuesday, 12 March 2019 02:41 PM
අගනා අදහසක්. අදාළ ආයතනවල කීදෙනෙක් අවංකවම මේ පිලිබදව උනන්දුවෙයි ද යන්න නම් ගැටළුවක්.
PerakumTuesday, 12 March 2019 03:29 PM
ඊට අමතරව රියදුරු බලපත්‍රය කිසියම් කාලසීමාවකට නැතහොත් සදහටම අවලංගු කල යුතුය.
රුක්ෂාන් Tuesday, 12 March 2019 02:30 PM
මොහුට ක්‍රියාත්මක වූ නීතිය අර බීමත්ව රිය පදවා මිනිසෙකු මැරූ වෛද්‍ය ගැහැනියට ක්‍රියාත්මක උනේ නැහැ නේද?
ranjith Tuesday, 12 March 2019 03:21 PM
පදික මාරුවෙන් ගමන් කල මේ අහිංසක 68 වයස මෑණියන් යටකර මරණයට පත් කිරීමේ පව කවදා ගෙවා නිම කරන්නද
Jehaan Tuesday, 12 March 2019 07:03 PM
අසවල් කලාකරුවා නැතිනම් මෙහෙවල් ප්‍රසිද්ධ ක්‍රීඩකයා යන්න නීතියට අදාළ නොවේ. අනෙකුත් සිවිල් වැසියන්ට අදාළ නීතිය මොහුටත් ක්‍රියාත්මක විය යුතුයි. මීට කලකට පෙර දේශපාලු පුතෙකු රියදුරු බලපත්‍ර නැතිව රිය පදවා මාතර කහ ඉරක් උඩදී ජීවිතයක් නැති කලා. කිසිම දඬුවමක් නැතිව මුදල් සොච්චමක් දීලා ඇඟ බේරාගත්තා.
Sarasi Tuesday, 12 March 2019 07:19 PM
තබ්ලාව ගැසීම පමණක් නොව රටේ මාර්ග නීති වලට ගරු කිරීමද වැදගත් බව දැන් ඉගෙන ගෙන ඇති . සිතා මතා නොකලමුත්, “ අතට ගත් විට ඔබේ රථය ඉගිලිලා නොයනු” කියලා කියන්නේ නිකම් නොවේ.
chris Tuesday, 12 March 2019 10:28 PM
බෙන්ස් කාර් එකක්නේ ඒවගේ බ්රේක් හොද නැහැ .
sarath Wednesday, 13 March 2019 01:57 AM
ලංකාවේ බොහොමයක් කහ ඉරි තියෙන්නේ වංගුවක, බස් හෝල්ට් එකක වගේ විශේෂයෙන් කිරිඳි වල හන්දියේ එක .වාහන එලවන අයට සමහරක් විට කහ ඉර පෙනෙන්නේ ඉතා කිට්ටු දුරක ඉඳල , බස් එකක් වගේ නවත්තල තිබුනොත් පාර පනින කෙනාටත් ,පිටිපසින් එන වාහනයේ රියදුරුටත් බස්රථය ඉදිරියෙන් / පිටුපසින් වෙන කිසිම දෙයක් පෙනෙන්නේ නැහැ. කහ ඉර ළඟ බොහෝ අනතුරු වලට හේතුව මේකයි . කහ ඉර පනින කෙනත් , කහ ඉර පසු කරන කෙනාත් දෙදෙනාම වගකිවයුතුයි
LIya Wednesday, 13 March 2019 04:33 AM
දවල්ට වඩ පාන්දර පාර පනිනවිට පරිස්සම් වියුතුය . සමහර වෙලාවට වාහනයේ කණු වලට මගීන් පෙන්නේ නැහැ කළුවර නිසා . මෙය මගියගේත් වරද . ඔහුටම ගහන්න එපා මෝඩකමට.
yaka Wednesday, 13 March 2019 04:37 AM
දන්න විදිහට පාටි එකකට ගිහින් එන ගමන් . බිලද ? නෑ එක්කෝ ඕනේ නෑ