(මනෝප්‍රිය ගුණසේකර)
ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.එස්.කේ.මහනාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතාට එරෙහිව අද (20) අල්ලස් කොමිසම කොළඹ විශේෂ මහාධිකරණ අංක 1හි නඩු පවරනු ලැබීය.
කන්තලේ සීනි සමාගමට අයත් අබලි යකඩ සහ ගොඩනැගිලි ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයකුට ලබාදීම සඳහා රුපියල් කෝටි දෙකක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට ඔවුනට එරෙහිව නඩු පවරා ඇත.
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව අදාළ අධි චෝදනා පත්‍ර ඉදිරිපත් කර ඇති අතර විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24 ක් යටතේ නඩු පවරා ඇත.
පැමිණිල්ල සනාථ කිරිම සඳහා සාක්කිකරුවන් 46 දෙනෙකු සහ ලේඛන 41 ක් ඉදිරිපත් කිරිමට අපේක්ෂා කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුෂිත හොර නිලධාරින්ට දෙන දඩුවම් ගැන අපි විමසිල්ලෙන් සිටිමු.
පහුගිය ආණ්ඩුවේ හොරකම් වලට නඩු දාන්න මෙච්චර හදිස්සියක් නැත්තේ මොකද?
ඉදිරියේදී බිහි වන අලුත් රජය යටතේ නඩුව පමා නොකර දැඩි දඬුවම් ලබා දෙනු නියතය