IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනාධිපති වී මාස තුනක් ඇතුළත තරුණ ප‍්‍රතිපත්තිය නීතිගත කරනවා

(විනීතා එම් ගමගේ)

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණෙන් ඉදිරිපත් කළ තරුණ ප‍්‍රතිපත්තිය තමන් ජනාධිපති  පදවියට පත්වී පළමු මාස තුන ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත් කරන බව එම පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කළේය.

එම තරුණ ප‍්‍රඥප්තිය සඳහා සජිත් පේ‍්‍රමදාස මහතා අද (28) සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේ දී අස්සන් තබනු ලැබූ අතර ඉතිහාසයේ කිසි දිනක තරුණයන්ට ලබා නොදුන් අවස්ථා එයින් ලැබෙන බව හෙතෙම කියා සිටියේය.

ලොවම තරණය කළ ගෝලීය ජාත්‍යන්තරයේ විශිෂ්ඨ රට බවට ශ්‍රී ලංකාව පත් කරන බව ද සෙසු රටවල් අත් දකින මහා ඩිජිටල් විප්ලවය ඇති කරන බවත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

මෙම තරුණ ප‍්‍රඥප්තිය ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනු ඇතැයි ද එයින් අනාගත තරුණ පරපුර කොන්ද කෙලින් තබාගෙන ජීවත් වන පිරිසක් වනු ඇතැයි ද පේ‍්‍රමදාස මහතා කියා සිටියේය.

සජිත් පේ‍්‍රමදාස මහතා මෙම අදහස් පළ කළේ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේ දී අද (28) පැවති නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ තරුණ ප‍්‍රඥප්තිය එළි දැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමින් අදහස් දක්වමිනි.

(ඡායාරූප- චතුර එස් කොඩිකාර)

 

 



අදහස් (10)

ජනාධිපති වී මාස තුනක් ඇතුළත තරුණ ප‍්‍රතිපත්තිය නීතිගත කරනවා

chandi Monday, 28 October 2019 03:41 PM

ඕවා කරන්න ඉතින් දිනන්න එපැයි...

:       689       846

DinmuwaTuesday, 29 October 2019 05:19 AM

දිනන්නැති හින්දනේ බයනැතුව කියන්නේ...

:       0       0

chandima Monday, 28 October 2019 04:17 PM

ඒ කියන්නේ දැනට ප්‍රතිපත්තියක් නැහැ කියන එක නේද?

:       9       400

Thilina Monday, 28 October 2019 04:21 PM

පහුගිය අවුරුදු 4 ක් මේ රටේ හිටියේ මේ අය නෙමෙයිද? පොඩි කොල්ලො කෙල්ලො දාන ඩේටා කාඩ් එකට 50% බදු ගහලා පුංචි කාර් එකක් දිහා හැරිලවත් බලන්න බැරි තරමට බදු ගහද්දී හිටියේ ඔයාලා නෙමෙයිද? යුද්ධය වෙනුවෙන් තරුණ ජීවිතය කැප කරපු කොල්ලන්ගේ රණවිරු ගාය හොඳ කරන්න නේද බලය ඉල්ලන්නේ

:       524       613

PrabhaMonday, 28 October 2019 07:14 PM

මෙයා විපක්ෂයේ අපේක්ෂකයා නේද?

:       65       4

පුරවැසියා Monday, 28 October 2019 04:37 PM

පසුගිය මැතිවරණයෙන් පසු ජාතික රජයක් පිහිටවුයේ රටේ තිබු අවාසනාවන්ත තත්වයෙන් ගොඩ ගෙන රටට සහ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම උවත් එය එසේ සිදු නොවිණි. එපමණක් නොව එකම පවුලක තරුණ තරුණියන්ට සීමා වී තිබු අයිතිවාසිකම් සියල්ලක්ම රට වටා සිටින සියලු තරුණ තරුණියන් උදෙසාය. අවාසනාවට ජාතික රජයට එක්වූ බොහෝ දෙනෙකු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්හේ නැත සියලු සුබවාදී කටයුතු වලදී කකුලෙන් ඇදීම පමණක් කළේය. වර්තමාන රජය තරුණ පිරිස් වෙනුවෙන් අතිවිශාල වගකීමක් ගෙන තිබේ. අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය සහ මාධ්‍ය තුලින් ඉදිරියට පැමිණ අදහස් දැක්වීමට පාසල් සිසුන්හට අවස්ථාවන් විවර කර තිබේ. තරුණයන් වෙනුවෙන් පමණක් නොව වැඩකරන සියලු ජනතාවට ඉදිරි රජයකදී බොහෝ දේ ලබා දීමට කටයුතු සකස් කර ඇත. එක් පවුලකට සීමාවූ පවුල් රජයක් ගොඩනගනවද කියා තරුණ පිරිස් සිතා බැලිය යුතුය. එදා මෙන් නොව තරුණයා අද බුද්ධිමත් ආකාරයට සිතනු ලැබේ ලෝකය යනු කුමක්ද කියා වටහා ගෙන තිබේ

:       158       374

somaTuesday, 29 October 2019 04:50 AM

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ 28 වැනිදා පස්වරුවේ පැවැත්වීමට සූදානම් කර තිබූ කාන්තා ව්‍යවසායකත්ව සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවට ප්‍රමාණවත් තරම් කාන්තාවන් සහභාගි නොවීම නිසා එය නතර කරන්නට සංවිධායකයින්ට සිදුවිය. සාකච්ඡාවට පැමිණ සිටියේ කාන්තාවන් 35කට ආසන්න පිරිසකි.

:       0       0

D.G.S.wickrama Tuesday, 29 October 2019 03:42 AM

බොරු දේශප්‍රේමියෝ. පසුගිය ආණ්ඩුව නිසා නිල් බලකාය වගේ රැකියා අවස්ථා ලබා දීලා සමාජ විෂමතාවය ඇති කළා. ඌරෝ කැකුණ තලනකොට වලිකුකුලන්ට රජමගුල් කිව්වලු. රාජපක්ෂ වන්දි භට්ටයෝටිකක් බිහිකරගත්ත රටක තාක්ෂණය ඉහළ ගියාද කියලා බලන්න? අපි යන්න ඕනේ ඉස්සරහට මිසක් පස්සට නොවන බව තරුණයන්ට පෙන්නන ගත්තු උත්සාහයට ජයවේවා !

:       0       0

sharm warn Tuesday, 29 October 2019 04:39 AM

අසව් අසව්.......තවත් දින 100 කතාවක්.

:       0       0

isurandi Tuesday, 29 October 2019 06:46 AM

ඡන්දෙ කාලෙට දෙන පොරොන්දු... ඒ වගේම ප්‍රතිපත්ති ප්‍රකාශන දිහා බලද්දී අපේ මව්බිමේ සෞභාග්‍ය කොහෙන් අවසන් වෙයිද කියලයි බය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31228 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13396 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10977 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 82 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 914 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 273 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site