(ඉන්දිකා රාමනායක)
කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (4) ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ගුරු විදුහල්පති උද්ඝෝෂණයේ නිරතව සිටි 42ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම පිරිස අතර කාන්තාවන් 16 ක් සිටින බව හෙතෙම කීය.
මෙම පිරිස මහා මාර්ගය අවහිර කරමින් කළහාකාරි ලෙස හැසිරෙමින් විරෝධාවේ නිරත වු බවත්, විශේෂ පොලිස් කණ්ඩායමක් ඔවුන්ට එම ස්ථානයේ ඉවත් වන ලෙසට දැනුම් දුන්නද ඔවුන් එම අවවාද පිළි නොපැදීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
අයුතු අවහිරය, නීති විරෝධී ජනරාශියක සමාජිකයන් වීම්, ප්‍රධාන මාර්ගයක් අවහිර කිරීම, මංමාවත් පනත සහ නිරෝධායන නීති යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
දැන් නම් ගුරු මහත්ම මහත්මීන්ට බඩු හම්බවෙන පාටයි. එක අතකින් සීමාව ඉක්මවා යාමත් හොඳ නැහැ. රජයත් කරන්නේ මේකයි කියලා තීරණයක් දෙන්න ඕනෑ. අයවැයේදී බලන්නම් කියලා ලිස්සලා යාමේ භයානක ප්‍රතිඵල ඉදිරියට එන්න පුළුවන්...
විරෝධතාවය අවසන් කරලා ගෙදර යන ගමන්ලු නේද අත්අඩංගුවට අරගෙන තියෙන්නේ.
පෞද්ගලික අංශය පඩි අඩු කරා, රැකියා කප්පාදු කරා. එහි අමාරුව තේරුනේ පෞද්ගලික අංශයට. කොරෝනා කාලේ ගෙදර ඉදලා සම්පුර්ණ වැටුප ගෙවීමේ ප්‍රතිපල තමා මේ.
විසඳුම ඔහොම නම් තත්වය අතිශය ව්‍යාකූල වෙයි . කොහොමත් රටකට මෙහෙම ඉස්සරහට යන්න බැහැ. රටේ ධනය එක පවුලක් විසින් මංකොල්ල කාලා රට අගාදයටම ඇදවැටිලා ජනතාවට අද පාන් කියා ගන්න බැරුව ඉන්නෙ මේවද විසඳුම්
ඉල ඇට කඩලා යවන්න...
ඉල ඇට කඩලා යවන්න... ඔය වගේ තැන්වලට ඩුප්ලිකේට් එන්නේ නැහැ වගේ...
නියමයි .බුරුත්තක්ම ජීවිතාන්තය දක්වා ශිෂ්‍ය භාවය තහනම් කරන්න .අනික් අයට පාඩමක් විදියට වත්