(යොහාන් භාසුර)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ලෝක බැංකු නියෝජිතයෝ කොළඹ නාගලගම් වීදිය ජල පොම්පාගාරය අද (05) පෙරවරුවේ නිරීක්ෂණය කළහ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම්වරයා ලෙස 2012 වසරේදී කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සැළසුම් කළ ව්‍යාපෘති 55 ට මෙම නාගලම් වීදිය ජල පොම්පාගාර ව්‍යාපෘතිය ද ඇතුළත්ව තිබූ අතර කොළඹ නගරය වැසි ජලයෙන් යටවීම වැළැක්වීම, වියළි කාලයේදී ඇළ මාර්ගවල ජලය අඩු වීම නිසා සිදුවන අපවිත්‍රතා මඟහැරවීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වේ.
තත්පරයකට ජලය ඝණ මීටර් 30 ක් කැලණි ගඟට මුදාහැරිය හැකි පොම්ප පහක් සහ තත්පරයකට ජලය ඝණ මීටර් 12 ක් කැලණි ගගෙන් ඇළ මාර්ගවලට රැගෙන ආ හැකි පොම්ප දෙකක් ඇතුළු ස්වයංක්‍රීය දොරටු දෙකකින් සහ පාලක පද්ධතියක් මෙය සමන්විත වේ.
සමස්ත ව්‍යාපෘතියට ඇමරිකානු ඩොලර් මිලියන 321 ක් වැය කෙරෙන අතර එම මුදලින් ඩොලර් මිලියන 213 ක් ලෝක බැංකුව සහනදායී ණයකින් ද ඉතිරි මුදල වන ඇමරිකානු ඩොලර් මිලියන 108 ක් ශ්‍රී ලංකා රජය ලබාදෙයි.
ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති හාර්ට්විග් ෂෙෆර්, රාජ්‍ය අමාත්‍යවරු වන නාලක ගොඩහේවා සහ මොහාන් පී. ද සිල්වා යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජනාධිපති නාගලගම් වීදිය ජල පොම්පාගාරය බලන්න යයි
CHANDIMA Saturday, 06 November 2021 04:31 AM
අපේ මහාචාර්යවරු විතරයි වගේ ගිහින් තියෙන්නේ.?
සෙනෙවිරත්න Saturday, 06 November 2021 08:16 AM
කලයුතු වැඩ වලට වෙන්න ඇති ප්‍රමුඛතාව දෙන්නෙ. යමුකො ගම පැත්තෙ රවුමක්
kamal Saturday, 06 November 2021 12:23 PM
අම්මෝ මෙහෙමත් දැක්මක් තියෙන විද්වතෙක්.