IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ජනාධිපති දුන් ලීසිං සහනය ප්‍රෝඩාවක් වෙලාලු

(එම් .සුසිල් ප්‍රියන්ත)

            

ජනපති ලබාදුන් සය මාසික ලීසිං සහනය ප්‍රෝඩාවක් වී ඇති බවත් ජනපති නියමය නොතකන ලීසිං සමාගම තමන්ට ලීසිං වාරික ගෙවන ලෙසට බල කරන බවත් සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා අද (10) පැවසීය.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ  පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව කීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රසාද් මහතා මෙසේ ද කීවේය.      

‘අපේ ඉල්ලීමට සවන්දුන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාසල් ළමයි ප්‍රවාහන සංගම්වල රථවලට මාස හයක ලීසිං සහනය දෙනවා කියලා මහා මැතිවරණයට පෙර කුරුණෑගල දී ප්‍රකාශ කළා. එයට විශාල මාධ්‍ය ප්‍රචාරයකුත් ලැබුණා. නමුත් එය මාධ්‍ය ප්‍රකාශයක් විතරයි කියලයි අපි හිතන්නේ. තමන්ට  එහෙම සහනයක් දෙන්න කියලා චක්‍ර ලේඛනයක් ඒවා නැති බව කියමින් ලීසිං සමාගම් අපෙන් ලීසිං වාරික අයකර ගන්න දැඩි උත්සහායක නිරත වෙනවා.’

‘ලීසිං වාරික නොගෙව්වොත් දඩ පොලී අයකරන බව එම සමාගම් කියනවා.එහෙම නැත්නම් වාහන තමන්ට ගන්න සිද්ධවෙන බව ලීසිං සමාගම් කියනවා. කොරෝනා ව්‍යසනයෙන් හරි හමන් ආදායමක් නැති අපි දැන් වැටිලා ඉන්නේ කබලෙන් ලිපටයි. මේ සදහා රජය නිසි ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත්නම් ඒ වෙනුවෙන් සටන් කරන්න අපිට පාරට බහින්න සිද්ධ වෙනවා.’

‘පෞද්ගලික මගී ප්‍රවාහන සේවා බස් රථවලට ලීසිං වාරික සදහා පොලිය 4% යි. අපිට 11.5% යි.මේක ලොකු අසාධාරණයක් අපිත් කරන්නේ ලොකු සේවයක් .මේ පිළිබඳව රජයේ අවධානය යොමු කරවන්න කියලා අපි ඉල්ලා සිටිනවා.’



අදහස් (2)

ජනාධිපති දුන් ලීසිං සහනය ප්‍රෝඩාවක් වෙලාලු

අශේන් Thursday, 10 September 2020 07:59 AM

ඔයාලා කබලේ නම් මෙච්චර කල් හිටියේ, මේ ආණ්ඩුවට ඡන්දය දුන් අය වෙන්න බැහැ. ඔබේ ප්‍රශ්න කරුණාකර සමගි ජනබල මන්ත්‍රීලාට ඉදිරිපත් කරන්න.

:       0       0

priyantha. Thursday, 10 September 2020 11:18 AM

සේරම බොරු තමයි. ණයක් ගත්තා සහන දෙනවා කියලා ගෙවපු නැති මාස 06ට විශාල පොලියක් දාලා ලියුම ගෙදරට එවලා. ඉතින් ඔන්න ඕකයි තත්වය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1116 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1133 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 430 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site