(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරයා සාකච්ඡා සඳහා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කිරීම ගැන තමා සතුටු වන බව  දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන්  මහතා පැවැසීය.

ජනාධිපතිවරයා ගත්  එම  තීරණය හොඳ පියවරක් බවද හෙතෙම සඳහන් කළේය.

දෙමළ ජනතාවගේ මහජන නියෝජිතයන් වශයෙන් තම කණ්ඩායම සමග සාකච්ඡා කර  එම ජනතාවගේ ගැටළු විසඳීමට කටයුතු කරන්නැයි  සෑම අවස්ථාවකදීම ඉල්ලා සිටියද එම ඉල්ලීම මේ දක්වාම හරියාකාරව ඉටු නොවුණු බව සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේය.

දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ලෝකයේ බොහෝ රටවල විසිරී සිටින බවද ඔහු පැවසුවේය.

සුමන්දිරන් මහතා මෙසේ පැවසුවේ   ජනාධිපති ගෝඨාභය ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් මහලේකම් අන්ටෝනියෝ ගුටෙරස් මහතා හමුවූ අවස්ථාවේදී සාකච්ඡා සඳහා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරන බවට  කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අප  විමසූ අවස්ථාවේදීය.