(නිමල කොඩිතුවක්කු)
ඉදිරි ජනාධිපතිවරණයේදී කුමන පාර්ශ්වයකට සහාය ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා ලංකාදිපයට පැවසීය.
මෙවර ජනාධිපතිවරණයට තම පාර්ශ්වයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන බවත් ප‍්‍රධාන පක්ෂ වල අපේක්ෂකයෙක් සමඟ එක්ව කටයුතු කරන බවත් විග්නේෂ්වරන් මහතා සඳහන් කළේය.
තම ගැටලුවලට ස්ථිර විසඳුම් ලබාදිය හැකි සහ ඒ අපේක්ෂකයන්ගේ ප‍්‍රතිපත්ති මත පදනම්ව ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණයක් ගන්නා බවත් ඔහු පැවසීය.
ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්වීමෙන් පසු හා ඒ ඒ අපේක්ෂකයන් ස්ථීර ලෙස ප‍්‍රකාශයට පත්වීමෙන් පසු සෙසු දෙමළ පක්ෂ සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත් විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
හොඳම වැඩ තරඟ කරලා ජනාධිපති වෙන එක...
"ගොනා හැරෙන්නේ තැඹිලි පැළේට"කියල තේරෙනවා.
හලෝ විග්නේෂ්වරන් මහලොකුවට කතාව අපිට වෙනම රජයක් ඕනේ කියලා. ඉදිරිපත් වෙනවකෝ ජනාධිපති වරණයට... පෙන්නන්න ලෝකෙට තමන්ගේ හැකියාව. කාටවත් මුක්කු ගහන්න කල්පනා කරන්නේ නැතිව. දෙමළුන්ට, හම්බයින්ට කත්අදින සිංහලයින් ඔහෙට ඡන්දය දේවි...
විගි අයියේ, ලක්මවට විනකරපු සහ විනකිරීමට එන ඒ ද්‍රෝහීන්ට වුණුදේවල් ගැන අපට අතීතය යහමින් පාඩම් කියා දී ඇති බැවින් එය ඔබට මෙන් මට මෙන් සියල්ලන්ටම පොදු බව අමතක නොකරන්න. වින කරන කෙනා දිව්‍යලෝකෙන් ආවත් කන්න වෙනවා වෙනවාමයි. ඒකා සිංහලද, දෙමළද, මුස්ලිම්ද අදාළ නැත. මතකයිනේ පන්සල් පල්ලිගානේ ගියත් හින්නූලෙන් රට පාවාදුන් " සම හරක් " ජාතිමානක, මහා ආගම් භක්තිකයින්ට, දුප්පතාගේ දුක හඳුනනවා කිව්ව අය සහ වෙනත් දේවල් කළ පාද දෙකේ හරකුන්ට වෙච්චදේවල්... ඉතින් විගි අයියේ අපි අතීතයෙන් අනුන්ට ලැබුණු උත්තරවලින් අපේ ජීවිත හදාගෙන සමගියෙන් ජීවත් වෙමු නේද? තමන් උපන් මව්බිමට කාලගුණ සලකමු නේද? අද ඔහේ ඔතන ඉගෙන කෑමොර දෙන්නෙත් අපේම ලාංකිම රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් කළ සටන නිසා බව ඔහෙටත් ඉක්මණින්ම අමතක වෙලා නේද? හරි කැතයි විගි උන්නැහේ... කැතයි.. එය ඔහේගේ දෙමාපියන්ටත් නින්දාවක්..
ඔබලාට රනිල් හැර කවුරුත් හරියන්නේ නැත. එකතුවෙලා කෑල්ල කඩා ගනිල්ලා.
අනේ පාඩුවේ ඉන්න. අපට ඔයාලගේ ඡන්ද ඕනේ නැහැ.
ඔයාගේ ප්‍රකාශ අපට අදාළ නැත. සොරි හොඳේ..
අපිට උඹේ ඡන්දෙ එපා.., හැබැයි හොඳ දෙමළ මිනිස්සු අපට ඡන්දය දෙනවා. උඹලා කරන්නේ එ් මිනිස්සු රවට්ටපු එක විතරයි.
මෙයා දැන් කියනවා නියම දමිළ කෙනෙක් නම් ගෝඨාභයට ඡන්දෙ දෙන්නේ නැහැලු. ඒ කියන්නේ අනිත් පැත්තට ඡන්දය දෙන්න කියලනේ.ඕවට කියන්නේ "උගුරට හොර බෙහෙත් බොනවා " කියලයි.