(පාලිත ආරියවංශ)
ඉදරියේදි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදරිපත් වන්නැයි විවිධ පාර්ශවයන්ගෙන් තමාට ඉල්ලීම් ලැබී ඇතැයි දඹාන ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නයලැ ඇත්තෝ පැවසූහ.
ආදිවාසී නයකයාගේ 72 වැනි ජන්ම දිනය ඊයේ දිනයට (14) ට යෙදී තිබූ අතර ඒ වෙනුවෙන් දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනයේදී බෞද්ධ ආගමික වැඩසටහන් වලට සහභාගී වූ හෙතෙම මෙසේ සඳහන් කළේය.
‘‘බෙහෝ අය උපන්දිනය සැමරීම සදහා මත්වතුර බී සාද පැවැත්වීම සිදුකරන නමුත් තමා දායක සභාවේ සභාපති ධුරය දරන මාවරගල ආරණ්‍ය සේනාසනයේදී සාමනේර හිමිවරු 95නමක් විෂයෙහි සපිරිකර දක්ෂිණාවක් පවත්වා රුක්රෝපණ වැඩසහටනකට සහභාගි වූ බවයි.
මෙම ආරණ්‍ය සේනාසන භූමියේ මීපැල 100 ක් සහ පළතුරු පැළ සිටුවන බවද වන්නියලැ ඇත්තෝ සඳහන් කළහ.
අපේ රටේ ජනාධිපති සොඳහා සුදුසු කවරෙක්දැයි විමසූ අවස්ථාවේ ආදිවාසී නායකයා පැවසුවේ රටට, සංස්කෘතිකයට හා පරිසරයට ආදරය කරන කෙනෙක් රටේ නායකයා වීම අත්‍යාවශ්‍ය බවයි.
එසේ නොවුන හොත් කිසිසේත්ම මෙම රට ගොඩනැගිය නොහැකි බව අවධාරණය කරමින් පැවසුවේ අද පාර්ලිමේන්තුව හා පාලකයන් පැන්සලට, මකට කෑල්ලට ගහගන්නා පුංචි ළමයි වගේ හැසිරිම නින්දා සහගත බවයි.
ජනාධිපතිවරයට ඉදරිපත් වන්නැයි මටත් විවිධ පාර්ශවයන්ගෙන් ඉල්ලීම් තිබෙනවා. ඒ සඳහා දක්ෂතාවය සහ හැකියාව නම් ම්ට තිබෙනවා. නමුත් ඔය මඩගොහොරුවේ එරෙන්න මම කැමති නැතැයිද ආදිවාසී නායකයා පැවසීය.


COMMENTS
පිස්සු කරන්නේ නැතුව සතෙක් එලාගෙන ඔහේට වෙලා ඉන්න. අපිට මේ වගේ අය තව ඕනෑතරම් ඉන්නවා.
ඔබ වැනි කෙනෙක් හොඳයි මේ ඉන්න කාලකන්නින්ට වඩා... ඔබට ප්‍රතිපත්තියක් තමන්ගේ ජනයා ගැන හැඟිමක් ගහ කොළ, පරිසරය සතා සිව්පාවා ගැන, ආගම සංස්කෘතිය ගැන ආදරයක් භක්තියක් තියනවා. එවැනි ගුණධර්ම නැති අමන මෝඩයන් නිසා මේ රට දිනෙන් දින වලපල්ලට යනවා. පුළුවන් නම් මේ ටික ඉන්දැද්දිම ජනාධිපතිවෙලා මොවුන්ව පාලනය කරන්න.
ජනාධිපතිවරණයත් දැන් සුපර් ස්ටර් තරගයක් වගේ වෙලා. මේ යන විදියට ඡන්ද දායකයින්ට වඩා අපේක්ෂකයන් ඉඳීවි වගේ. සමහර අය හිතනවා ඇති එහෙම අයටත් එතැනට යන්න පුළුවන් එකේ අපිට බැරි මොකද කියලා..?
එක ග්‍රාමසේවක මහත්තයෙක් අැවිත් ජනාධිපති වෙලා රට සුඛිත මුදිත කළා.. මේ අැත්තොත් අැවිත් සුඛිත මුදිත කරපු තැනින් පටන් අරන් නැති භංගස්ථානම කරන්නකෝ... අපිට ඕනෑ කාටවත් දෙකට තුනට නැමෙන්නැති කේසර සිංහයෙක් වගේ සිංහලයෙක් මිසක් රුයිතයක් නෙමෙයි.
ලොක්කා අදහස් පොජ්ජ නම් පංකාදුයි.. පොඩ්ඩක් කඩ්ඩ පොජ්ජ එහෙම පොලිෂ් කරගන්න... අපි සප් එක දෙන්නම්... නැත්නම් පිටරට මංගච්ඡපුවහම දැන් ඉන්න හුරා වගේ කොර වෙයි...
නියමයි අපේ දැන් ඉන්න සමහර අයට වඩා ගොඩක් හොඳයි...
මේ පාර පොදු අපේක්ෂකයෙක් හොයාගන්න බැරුව ඉන්නේ. ඔබතුමා එන්න.
වන්නිලා ඇත්තෝ... කරුණාකර තමන්ගේ වරිගේ සුබසිද්ධිය වෙනුවෙන් කැපවී වැඩකිරීමට උත්සාහ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. ඔබ මේ "මීහරක් බලු පොරයට" පැමිණියහොත් ආදිවාසින් වන ඔබලාගේ රැහේ විනාශ වෙනු ඇත. මක්නිසාදයත් ඔබත් " කකුල් දෙකේ තිරිසන්" ගොඩට පතිත වෙන බැවිනි. ඔබ කැමතිද" 225 ක්වූ තිරිසන් පරයන් " ගොඩට වැටෙන්නට? එසේ ඔබ එවැනි මෝඩ තීරණයක් ගත්තොත් ඔබගේ රැහේ උදවිය ඔබගේ වලටත් සාප කරනු ඇත.
ඔබතුමා උඩින්ම දිනීමේ හැකියාවක් තියෙනවා. දැන් ඉන්න කෙනත් ඔය වගේ තම ආවේ' මේක ලංකාවනේ...
පොඩි වෙනසකටත් එක්ක ට්‍රයි කරමුද?
අනේ අපේ රටට ගිය කලක්.. සමහරවිට මෙයාව ජනාධිපති කරගන්නත් ඉඩ තියනවා. එච්චරටම ජනාධිපති තනතුර පහළට වට්ටලා...
යම්කිසි නිශ්චිත ප්‍රතිපත්ති මාලාවක් (ගහකොළ, සත්තු, තම වාසභූමිය, පරිසරය) තිබෙන නිසා මෙතුමා අන් සියලු දෙනාටම වඩා සුදුසුයි.
මටත් ආරාධනාවක් ආවා..
ඒකහොඳයි... මේ අයත් නෑයෝනේ..
තෙල් ව්‍යාපාරයකට නම් හොඳයි....
වන්නිලැ ඇත්තෝ හොඳයි... අනිත් ඌරන්ට වඩා ඔබතුමා හොඳවෙයි.
දේශපාලනයට සම්බන්ධ වූ, හැම දෙයක්ම දේශපාලනයෙන්ම විනාශ වූ බව අපගේ අත්දැකීමයි. මෙතැනදීත් අපිට කියන්න තියෙන්නේ..""දේශපාලනය කරන්න ගිහින්.. වරිගේ නසාගන්න උත්සාහකරනවා" " කියලයි..!
රනිල්, මෛත්‍රී සහ තිසාහාමි ඡන්දෙ ඉල්ලුවොත් තිසාහාමිට අනිවාර්යයෙන් 1 හෝ 2 ස්ථානය හිමිවෙනවා ,
සරල එක්කෙනෙක් ආවනේ... දැන් දැක්කනේ කරගන්න බැරි බව. රට ගිනි අරන් තියන වෙලේ එතුමා රට රාජ්ජ වල යන එකමයි වැඩේ. අපිට සරල අය ඇති වෙලා තියෙන්නේ... වැද්දන්ගේ නායකයා වුණාට බැහැ. සුද්දන්ගෙන්, කල්ලතෝනින්ගෙන්, ත්‍රස්තවාදීන්ගෙන්, එන ප්‍රශ්නවලටත් මුහුණ දෙන්න පුළුවන් සංකීර්ණ පුද්ගලයෙක් තමයි ඕනේ...
මම නම් ඡන්දය දෙනවා. හැබැයි එජාපෙන් ඉල්ලුවොත් තමයි.
මම ඔබට ඡන්දය දෙමි. ඔබ අවංක පුද්ගලයෙකි
ඉදිරි ජනාධිපතිට කිසිම විධායක බලයක් නැති නාමමාත්‍රික අයෙක් වන නිසා ඔබ පත් වුනත් ඔහේ නිකම් ඉන්න නම් පුළුවන්... දැන් තියෙන තත්වේ අනුව එවැන්නෙක් පත් කරන්න විශාල මුදලක් වැය කර මැතිවරණයක් පවත්වන එකත් නිකම් බොරු වියදමක්... ඔක්කොම බලය තියෙන්නේ අගමැතිටයි, කැබිනෙට්ටුවටයි. රටේ බොහෝදෙනෙක් මේ කතාව දන්නේ නැහැ. අන්න ඒ නිසා ඔබට පුළුවන් නම් ඉදිරි මැතිවරණයේදී අගමැති වෙන්න බලන්න. ජනාධිපති වෙලා නිකම් නිකමෙක් වෙන්නේ නැතුව...
ප්‍රතිපත්තියක් ඇතුව ජීවත්වන පුද්ගලයෙක්...
අමුඩ පොජ්ජත් ගහගෙන, පොරෝ පොජ්ජත් කරේ එල්ලගෙන රට රාජ්ජවල යනව බොරු.. පොරෝ පොජ්ජ දැක්ක ගමන් ප්ලේන් එකට ගන්නෙත් නැහැ.
වන්නිල ඇත්තෝ ජනාධිපති වුණොත් ජනාධිපති ආරක්ෂක අංශයට දෙන්නෙත් දුනු, ඊතල වෙන්ටෑ...