IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 33 ක් ඇප බඳිති

(රංජන් කස්තුරි)

මෙවර ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අද (04) වනවිට අපේක්ෂකයෝ  33 ක් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිසමන් සභාව සඳහන් කරයි.

මේ අතර අද දිනයේ තවත් අපේක්ෂකයෝ 11 දෙනෙක් මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත් කර ඇත.

සජිත් ප්‍රේමදාස මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් ද,ජයන්ත ලියනගේ මහතා සිංහල දීප ජාතික පෙරමුණෙන්ද , දුමින්ද නාගමුව මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් ද ,  මහේෂ් සේනානායක මහතා ජාතික ජනතා පක්ෂය වෙනුවෙන්ද , අරුණ ද සොයිසා මහතා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය වෙනුවෙන් ද ඇප මුදල් තැන්පත් කර තිබිණි.

මේ අතර අජන්ත ද සොයිසා මහතා රුහුණු ජනතා පෙරමුණ නැමති ලියාපදිංචි නොකළ දේශපාලන පක්ෂයෙන්ද ඇප මුදල් තැන්පත් කර ඇත.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බෂිර් සේගුදාවුද් , ඉල්ලියාස් මොහොමඩ් , පියසිරි විජේනායක , රජීව විජේසිංහ, කුමාර වෙල්ගම යන මහත්වරු ස්වාධීන අපේක්ෂකයින් ලෙසද ඇප මුදල් තැන්පත් කර තිබිණි.

 

 



අදහස් (10)

ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 33 ක් ඇප බඳිති

සේන Friday, 04 October 2019 03:29 PM

මේකටනම් නීති හදන්නම වෙනවා. කඩල කාරයොයි, එඬේරයොයි ඔක්කොම ඉල්ලා මේක හෑල්ලුවට ලක්කරනවා නේද ?

:       5       238

ලියනගේ Friday, 04 October 2019 08:41 PM

හෙට දිනයේදී කාන්තා අපේක්ෂකයකු මෙවර ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ඉඩ ඇති බවට තිබෙන ආරංචියක් නිසා බොහෝ පිරිමි අපේක්ෂකයන් දැනටමත් පරාජය බාරගෙන ඇතිබව කොළඹින් ලැබෙන තොරතුරු වලින් අසන්නට ලැබේ

:       0       158

VajiraSaturday, 05 October 2019 08:41 AM

වලව්වල හාමු මහත්තුරුන්ට විතරද එතකොට ඉල්ලන්න පුළුවන්...? එහෙම නෙවෙයි අඩුම තරමින් පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් තිබීම අවම සුදුසුකම කරන්න ඕනෑ. අක්‍රීය තත්වයේ තියෙන දේශපාලන පක්ෂ සියල්ල අවලංගු කරන්න ඕනෑ.

:       0       87

Gamarala Friday, 04 October 2019 04:10 PM

ඇප මුදල ඉහළ දමන්න. වියදම පියවාගන්න. ඇප මුදල මිලියනයක් කළයුතුයි...

:       0       51

චමින්දSaturday, 05 October 2019 01:02 AM

මානව හිමිකමක් ලෙසට ඉදිරිපත්වීමට ඉඩ දෙනවා කියනවා.මෙනිසා ඡන්ද ගණන් කිරීමේ කාර්ය මංඩල අපහසුතාවන්ට පත්වෙනවා.රොබෝ යන්ත්‍ර නොව මිනිසුන්ම වන මේ පිරිස්වල මානව හිමිකම් අහිමිවීමක් මෙයින් සිදුවෙනවා. එනිසා ගමරාල කියන්නා වගේ ඇප මුදල රුපියල් මිලියන දෙක හමාරක්වත් කළ යුතුය දැනට පවතින ඇප මුදල තීරණය කලේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථව සකස්කල අවස්ථාවෙ පැවති මුදලේ තත්ත්වයට අනුවයි දැන් එයට වඩා මුදල් සිය ගුණයකින් අව ප්‍රමාන වෙලා.ඒ අනුවත් ඇපය සංශෝදනය විය යුතුය.

:       0       28

ලෙබ්බේ Friday, 04 October 2019 11:25 PM

පහුගිය දවස් වල මිලියන 300 කට වැඩියේ ජන ගහනයක් ඉන්න, පාර්ලිමේන්තුවේ 575 ක් දෙනෙක් මන්ත්‍රීවරු ඉන්න දියුණු රටක්වන ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණය පැවැත් වුණා අපේක්ෂකයෝ 2 යි, ඒකට මිලියන 20 ක ජනගහනයක් ඉන්න නොදියුණු අපේ රටේ දැනටමත් අපේක්ෂකයෝ 33 යි, එකෙන්ම හිතා ගන්න පුළුවන් මහජන මුදල් කොල්ල කෑමට කොච්චර පහසු කමක් තියන රටක්ද ලංකාව කියල, දැනට ඉන්දුනීසියාවේ හිටපු කතානායක සමග ඇමතිවරු 10 කට වැඩි පිරිසක් දීර්ග සිරදඩුවම් විදිනවා අල්ලස් චෝදනා වලට වැරදිකරුවන් වෙලා, ලංකාවේ එක මන්ත්‍රී කෙනෙක් වත් අත්අඩංගුවට අරගෙන තියනවද අල්ලස් චෝදනා වලට කොටි ගණන් එළිපිට හොරකම් කරද්දී ? මෙන්න මේවයි වෙනස් වෙන්න ඕනේ,

:       0       241

PerakumSaturday, 05 October 2019 03:44 AM

ලෙබ්බේගේ කියමයට කටේ මසුරන් දාන්න වටිනවා...! මොලේ කලඳක්වත් තියනවනම් අපේ මිනිස්සු මේවා තේරුම් ගත යුතුය.

:       0       50

Tharaka Saturday, 05 October 2019 07:55 AM

ඉන්දුනීසියාව දියුණු රටක් නෙමෙයි. ලංකාවටත් වඩා නොදියුණු රටක්..

:       51       0

Samira Saturday, 05 October 2019 08:31 AM

ඡන්ද ලක්ෂයකට අඩුවෙන් ගන්න අයගෙන් මිලියන 100ක දඩයක් ගහනවා කිව්වා නම් ඔතන 4 දෙනයි ඉතුරු වෙන්නේ...

:       0       8

කපුරුහාමි Saturday, 05 October 2019 01:33 PM

මුන්ටනම් පිස්සු .ජනාධිපති අපේක්ෂකකම දෙන්ට ඕනේ උගත්,බුද්දිමත් හරිහමන් අයට මිසක් කිසි වෙඩකට නෙති එවුන්ට නෙවෙයි .වසර 70ක් පුරාවටම බලලෝබි ,දුශිත දේසපාලුවෝ කෙරුවේ ජනතාව රවට්ටපු එක තමා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 331 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site