IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


'ජනාධිපතිගේ තීරණය ඉතා හොඳයි'

(අංජුල මහික වීරරත්න ) 
 
රාජ්‍ය , අර්ධ රාජ්‍ය, ව්‍යවස්ථාපිත සංස්ථා මණ්ඩල ආදියේ  සභාපතිවරුන් පත් කිරීම සඳහා  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ චක්‍රලේඛය  ඉතා හොඳ පියවරක් බැවින්  ඒ  අනුව කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතා   එක්සත් ජාතික පෙරමුණේ  ඇමැතිවරුන්ට දැනුම් දී ඇත.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම දැනුම්දීම කළේ  කොළඹ අරලියගහ මන්දිරයේදී  අද (06) පැවැති  මැති ඇමැතිවරුන්ගේ හමුවකදී අදහස් දක්වමිනි.
 
එක්සත් ජාතික පෙරමුණු සමිති සමගි සන්ධාන රජයේ සංස්ථා, මණ්ඩල සභාපතිවරුන්ගේ පත් කිරීම්  සඳහා කමිටුවක් නම් කරමින්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත චක්‍රලේඛයක් නිකුත් කෙරිණි.
 
ජනාධිපති නියෝජිතයින් දෙදෙනෙක්, අග්‍රාමාත්‍ය නියෝජිතයින් දෙදෙනක්  සහ මුදල් අමාත්‍යංශයේ  නියෝජිතයෙක් ඉහත කමිටුවට ඇතුළත් වෙති.
 
රාජ්‍ය ආයතන පධානීන් පත් කිරීම සඳහා චක්‍රලේඛයක්  නිකුත් කරමින්  කමිටුවක් පත්කිරීමට ජනපති ගත් තීරණය ඉතා හොඳ තීරණයක් බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  සියලු අමාත්‍යවරුන්ට ඒ අනුව කටයුතු කළ යුතු බව ද පෙන්වා දුන්නේය.



අදහස් (7)

'ජනාධිපතිගේ තීරණය ඉතා හොඳයි'

රවින් Sunday, 06 January 2019 11:23 AM

ඔය තීරණය කොච්චර කලකටද? ආප්ප කනකම් විතරද?

:       91       189

කල්පනා Sunday, 06 January 2019 11:32 AM

ඔය චක්‍රලේකය වලංගුවන්නේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ රජයක් තිබෙනතුරු පමණයි. ඉන්පසුව අවලංගු වෙනවාමයි. තීරණය හොඳයි කියන්නේ දේශපාලන පළිගැනීම් සඳහා කටයුතු කල හැටි අමතක වුණාද?

:       607       391

disa Sunday, 06 January 2019 11:49 PM

කල්පනා ,මම ඔබේ ප්‍රකාශය අගය කරමි.

:       1       0

Bamunuarachchi Monday, 07 January 2019 12:05 AM

ජනාධිපති සමග ෂේප් එකේ මේ අවුරුද්දවත් ඉන්න ඕනේ කියලා හිතලා වගෙයි.

:       1       1

vipula Monday, 07 January 2019 03:06 AM

මේ කැද හැලිය ආපු දවසේ ඉදන්ම නිලධාරීන් පත්කිරීම හා ඉවත් කිරීම, නැවත පත්කිරීම් කොතෙකුත් කරාද. නිසි ගමනක් , කලයුතු දේ මොනවාද කියලා කාටවත් වගකීමක් නැහැ. එක එක්කෙනා තමන්ට ඕන විදිහට වැඩ කරනවා.

:       0       11

BamunuarachchiTuesday, 08 January 2019 01:44 AM

එජාප ලොක්ක ක්‍රිකට් කැප්ටන් කෙනෙක් උනානම් දවසම පන්දු රකින්නන් එහාට මෙහාට කර කර ඉඳල ගෙදර යාවි. අන්තිමට ගහපු මැච් එකක් නැහැ. මෙයාගේ මැච් බලන්න එන්නෙත් එජාපයෝම විතරක් නිසා නොගහපු මැච් එකත් මරු මැච් එකක් නේද කැප්ටන් සුපර් නේද කියමින් ගෙදර යනවා. මං වගේ එකෙක් පාරේ ඉඳලා ඇසුවොත් රන්ස් කොච්චර ගත්තාද කියලා "කැප්ටන් සුපර්" කියලා කියනවා. ඔන්න ඔහොමයි රනිල් ලොක්කාගේ එජාප ක්‍රිකට් ටීම් එක.

:       1       1

Bamunuarachchi Tuesday, 08 January 2019 01:19 AM

ජනාදිපති තුමනී, ෂේප් එකෙන් වැඩකර ගන්නයි හදන්නේ. එහෙමනම් 20 නොගෙනෙන්න කටයුතු කොරන්න. 20 ගෙනාවොත් සිංහලයා ඉවරයි. අපි ශ්‍රී ලාංකිකයෝ වෙනවා. ජර්මනිය කීවාම ජර්මන්ස්ලා. ඕකට පැනලා ඉන්න ද්‍රවිඩයෝ ජමන්ස් වෙන්නේ නැත. ශ්‍රී ලංකා කීවාම සිංහලීස් කියා කියවෙන්න ඕනේ.

:       1       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site