(අංජුල මහික වීරරත්න)
සහල්, කිරි පිටි, ගෑස් මිල වැඩි කරන්න සුදානම් වන ආණ්ඩුව මැතිවරණ සමයේ පැවසූ සෞභාග්‍යයේ ආශ්චර්ය ගෙනෙන්නට හදන්නේ ආහාර පෝලිම් නිර්මාණය කොට දැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ගරා වැටුණු කුටුම්බයක පෙරනිමිති පෙන්වමින් රටේ සම්පත් උකසට තබමින් ණය මත යැපෙන ආර්ථිකයක් පවත්වාගෙන යන නාස්තිකාර පුත්‍රයෙකුගේ භූමිකාව ආණ්ඩුව අද රඟ දක්වමින් සිටින බවද විජයවර්ධන මහතා කීය.
යොවුන් පෙරමුණ සංවිධානය කළ තරුණ හමුවකට සූම් තාක්ෂණයෙන් එක් වෙමින් රුවන් විජයවර්ධන මහතා මේ අදහස් පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බයියෝ අදහස් ලියයි ගිය ආණ්ඩුවේ ඉන්නකොට මොනවද කලේ කියලා .දැන් නන්දසේන කරලා තියෙන්නේ හොඳටම