IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජේතවන ස්තූපයේ සංරක්ෂණ කටයුතු යළි අරඹයි

( දයාරත්න ඇඹෝගම)


ඉරි තැලීමකට ලක්ව තිබෙන අනුරාධපුර ඓතිහාසික ජේතවන ස්තූපයේ සං‍රක්ෂණ කටයුතු යලි ආරම්භ කල බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

හතරැස් කොටුවේ සිට ගර්භයේ පහලට උතුරු , දකුණු හා බටහිර දිසාවලින් මෙම ඉරිතැලීම් විහිදෙමින් තිබේ.

ක්‍රි.ව. 3 වන සියවසේ මහසෙන් මහ රජතුමන්ගේ නිර්මාණයක් වන ජේතවන දාගැබ ගඩොලින් ඉදිකරන ලද ලෝකයේ විශාලතම සමාරකයයි. මෙය ලෝක උරුම ස්ථානයක් ලෙසටද යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රසිද්ධියට පත් කොට තිබේ.


දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් ඓතිහාසික ස්ථානවලින් ප්‍රධාන ස්මාරකයක් සේ සැළකෙන ජේතවන දාගැබ ක්‍රි.ව. 10 වන ශත වර්ෂයේ සිට වල්වැදී රූස්ස ගස්වලින් වැසී තිබී 80 දශකයේ මුල් භාගයේ මධ්‍යම සංස්කෘතික අරමුදල ස්ථාපනය කිරීමෙන් පසුව සං‍රක්ෂණය කර 2009 වසරේ මැයි මස 15 වන දින දෙස් විදෙස් ජනතාව සඳහා විවෘත කරන ලදි.

ජේතවන ස්ථුපය කේන්ද්‍ර කරගත් ආරාමය පිහිටියේ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූ නන්දන වනයේ යැයි කියැවේ. එසේම පිරිවෙන් රාශියකින් සමන්විතවූ ජේතවන ආරාමයේ භික්ෂූන් වහන්සේ 8000 ක් දෙනා වැඩ සිටිය බවද සඳහන් වේ.

කෙසේ වෙතත් මෙම පිපිරීම පිළිබඳව කරුණු දක්වන ජේතවනාරාමාධිපති ඉහල හල්මිල්ලෑවේ රතනපාල හිමියන් පවසන්නේ ස්තූප ගර්භයේ ගරා වැටුණු පැරණි කොටස් ඉවත්කර සං‍රක්ෂණය කිරීමේදී ඇතැම් ස්ථානවල මෙම පිපිරීම් සිදුවී ඇති බව තමන් වහන්සේ අනුමාණ කරන බවත් මේවා ස්තූපයේ දිගුකාලීන පැවැත්මට හානිදායක නොවන බවත්ය.

මෙම සං‍රක්ෂණ ක්‍රියාවලිය පිළිබඳව අප කල විමසීමේදී ජේතවන ව්‍යාපෘතියේ උසස් නිළධාරියකු පැවසුවේ පිපිරීම් සිදුවූ ස්ථානවලට ලඟාවිය හැකිවනසේ පලංචි ඉදිකරන බවත් අනතුරුව හතරැස් කොටුව පාමුල එය වටා ගර්භය මතුපිට ආරක්ෂිත වැස්මක් යොදා දෙවනුව පිපිරීම් සිදුවූ ස්ථාන සං‍රක්ෂණය කරන බවයි.



අදහස් (0)

ජේතවන ස්තූපයේ සංරක්ෂණ කටයුතු යළි අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 34 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site